(විනීතා එම් ගමගේ)
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ටිකෙන් ටික මැරෙමින් පවතින බවට හොඳම උදාහරණය මැතිවරණ කල් දැමීම යැයි නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ කැඳවුම්කරු නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේය.
බය නැතැයි කියන අගමැති ජනතාවට බය තරම මැතිවරණ කල් දැමීමෙන් පෙනී යන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
මැතිවරණය කල් දමා ගැනීම සඳහා නඩු පැවරීමත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නාම යෝජනා කැඳවීම කල් දමමින් සිටීමත් සැලසුම් සහගත කාරණා යැයි ඕනැම පුරවැසියෙකුට පෙනී යන්නේ යැයි ද ගමගේ මහතා කීය.
මනෝජ් ගමගේ මහතා මේ අදහස් පළ කළේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේ අද (22) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
(ඡායාරූප- රේඛා තරංගනී ෆොන්සේකා )




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කල්දාන්නේ අගමැති නෙවෙයි. ජනාධිපතිතුමා... නීතිඥ මහත්තුරු ඒක කියන්න බයද? අනුර කුමාර මහත්තයගේ කථාව කියවලා බලන්න.
ප්‍රජාතන්ත්‍රවාදය ටිකටික මැරෙන්න එහෙම දෙයක් ඉතිරිවෙලා තියනවද? ජනාධිපති දිව්රුම් දීපු දාම එය මරා මිහිදන් කල බව කාටත් අමතකවෙලා... තුනෙන් දෙකක බලයක් තිබුණු ආණ්ඩුවට පයින් ගහලා අසන 42ක් තිබුන අයගෙන් අග්‍රමාත්‍යවරයා පත් කෙරුවා ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී පුරවැසියන්ගේ පරමාධිපත්‍ය මංකොල්ල කෑමක්... එතැනින් නතරනොවී පරාජිතයන් ගණනාවක් නැවත පාර්ලිමේන්තුවට පත්කර එකාධිපති වියරුවකින් දඟලන රජය හා රාජ්‍ය නායකයා අද ඡන්දයක් නොතියන තරමට පත්වෙලා. කණගාටුයි මංකොල්ල කාරයන් තවමත් නිදැල්ලේ. එයාලට සුදුහුණු ගාන්න පිරිසක් දඟලනවා.
තටු ලද පලඟැටියෝ ගින්දර සමග යෙහෙන් සෙල්ලම් කරති. දිවි තොරවෙයි මහත් දුකින්... මඩිනා විටදී ජනසම්මත වාදෙ බලෙන් ... ඇදගෙන වැටෙයි ඇත සාධක සතර අතින්...
අපි මේ ගොල්ලන්ගේ පිහිටෙන් නඩු කතා කරන්න ගියහම අපට වෙන්නෙත් ඒ වගේ දෙයක් තමයි.
ඔය වැරදි කරන කීදෙනෙක් බේරගන්න පට්ටපල් බේගල් ඇදබාන්න කථාකරන උදවියගේ කට්ටියගේ සහභාගිත්වය ? උදාහරණ ලෙස ඔයගොල්ලන්ගේම ජේෂ්ඨ කෙනෙක් නේද පහුගිය දිනවල කියුවේ පිටරට පුරවැසියකුට මෙරට නිතිය බලපාන්නේ නැහැ කියල බැදුම්කර කොමිසමේදී?. එතොකොට කොහොමද මෙරට නීතියේ අධිපත්‍ය රැකගන්නේ. තමන්ට අවශ්‍ය වෙලාවේදී කබර මස් තලගොයි මස් වෙනවද?
අනේ යන්න මහත්තයෝ යන්න ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන්නේ නැතුව.
මෙය මහින්දගේ කාලේ තනතුරු ගත්ත ,දැනටත් ඔහුගේ පස්සේ යන නීතිඥ පිරිසක් විසින් අටවා ගත් සංවිධානයකි. මොහාන් පීරිස් නීතිපති කාලේ සහ අගවිනිසුරු කාලේ කල දේවල් ගැන මේ අය කියන්නේ මොනවද?
අනේ මගේ කට. MR ගේ දවස්වල තමයි ලෝකය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවේ තිබුනේ. කෙසේ වෙතත් හුගක් අයගේ පොකට් එකට වැදිලා බව නම් පේනවා.
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුනද?. කෝටා ක්‍රමයට මැතිවරණ පවත්වා කෙසේ හෝ තමන්ගේ අය පත්කර ගන්නකොට මේ අය හිටියේ කොහෙද?. එහෙත් දැනට තිබෙන තත්වයට ජනාධිපතවරයා වගකිව යුතුයි. ඔහු මැතිවරණයට බයයි. ඔහුට වටින්නේ ලංකාවේ සමස්ත ජනතාව වත් ප්‍රජාතන්ත්‍රවාදය වත් නොවේ. ශ්‍රී ල නි ප යයි. තිබෙන තත්වය යටතේ ශ්‍රී ල නි ප යට තුන්වන තැනවත් ලැබීම සැකයි. මේ සියලු දේ සිදුවන්නේ ඒ නිසයි.