(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක්කර මරණයට පත්කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි විශේෂඥ වෛද්‍යවරිය මෙම මස 16 වැනි දා දක්වා යළි රිමාන්ඩ් ගත කරන ලෙස නුගේගොඩ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුනිතා නානායක්කාර මහත්මිය නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ රත්නපුර මහ රෝහලේ දියවැඩියා රෝග විශේෂඥ වෛද්‍යවරිය වූ නිලානි කාවිංගා මහත්මියයි.
ඉකුත් 30වැනි දින සිදු වූ අනතුරින් මිය ගිය පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ හා දරු දෙදෙනෙකු මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
පොලිස් පරීක්ෂකවරයා පවුලේ අය සමඟ බොරලැස්ගමුව සිට කොළඹ කිඹිරිගස්යාය පොලිස් නිවාස කරා යමින් සිටියදී ඔහුගේ මෝටර් රථය කොළඹ සිට බොරලැස්ගමුව දෙසට වෛද්‍යවරිය ධාවනය කළ ජීප් රියේ ගැටීමෙන් අනතුර සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් ගත වෙලාද නැත්නං රිමාන්ඩ් බාරයද?
නීතියේ සාධාරණය ඉෂ්ටවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා .
මේ අනතුරට පොලිසියත් වග කියන්න ඕන. දොස්තර ලාංඡනය ගහගෙන යන කොට මොන වරදක් කෙරුවත් දඩ ගහන්නේ නෑ. මේ අනතුර නොවෙන්න, මේ වෛද්‍යවරිය බීමත්ව පොලිසියට අසු උණානම්, කිසිම දඩයක් නැතුව නිදහස් කරනවා. ඒ නීති ලිහිල් කරන එකේ ප්‍රතිඵලය තමයි මේ ජීවිත වලින් ගෙවන්න වෙලා තියෙන්නේ. දැන්වත් පොලසිය තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඕන.
මේ සැරෙත් රෝහලේ රිමාන්ඩ් කරයිද?
බිමත් රියදුරන්ට විරුධව නිතිය ක්‍රියාත්මක කිරීමේදී මෙතෙක් පැවති යල් පැනගිය ක්‍රම වන කට ඉඹල මත්පැන් ගන්ධ වහනය වෙනවද නැද්ද කියන යල්පැනගිය ක්‍රම පැත්තකට දමා යුරෝපයේ සහ ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන සම්පල පරික්ෂාවට යොමු වීමට කාලය පැමිණ ඇත , එතකොට දොස්තරලට ඕනේ ඕනේ විදිහට නටන්න බැරිය .
උගත්කම තිබුණට.....බුද්ධිය දෙන්න බැහැනේ ........
වර්ජනයක් පටන් ගමුද ?
ජීවිත හතරක් අනතුරේ හෙලලා කල අපරාධයට සමාව දෙන්න බැහැ. සමහර විට මියගියේ පොලිස් නිළධාරියක් නොවුනා නම් කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුණා.
තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් පරීක්ෂක ගාමිණී මහතාගේ බිරිඳට සහ දරු දෙදෙනාටත් ඉතා ඉක්මනින්ම සුවය ලැබේවා !!!
ඔබලාගේ ප්‍රතිචාර බැලු විට හරිම කණගාටුවක් ඇතිවෙනවා. එක පුද්ගලයෙකු යොදාගෙන සියලුම වෛද්‍යවරුන්ට චෝදනා කිරීම පිළිගන්නට නොහැකියි. මෙවැනි දේ තුලින් සමාජය සහ වෛද්‍ය ප්‍රජාව අතර දුරස්ත බව වැඩි විය හැක.
මෙයාව එල්ලන්න ඕනේ...
පොලිසියේ නිලදාරියකු අතින් දොස්තර නෝනගේ වාහනේ හැප්පිලා කරදරයක් වුනානම් බලන්න තිබුනා දොස්තර සංගමේ පාරට බහින හැටි, මේ සිද්ධියට උපරිම දඩුවම් දුන්නේ නැතිනම් රටේ බලපුළුවන්කාරකමට ඔක්කොම යට වෙනවා
මේක අමුතු ලෝකයක්... සල්ලි තියෙන කෙනා දිනුම්, නැති කෙනා පරාදයි. වෙන්න ඕනේ උපරිම වන්දි ක්‍රමයක් ඇති කරන්න. සාධාරණ හේතුවකට ඇරෙන්න ජීවිත හානි හා අනෙකුත් හානි වලට ලක්ෂ 50න් ඉහළට වන්දි ගෙවන්න ඕනේ... ගෙවල් දොරවල් විකුණලා හරි වන්දි ගෙවන්න ඕනේ... අන්න එතකොට ඔය කට්ටිය කල්පනාවෙන් වාහන පැදෙව්වේ... සමහර වෛද්‍යවරු විතරක් නොවේ, නිදහස් අධ්‍යාපනය ලබා උගත් අය ඉන්නේ රාත්‍රී සමාජ ශාලාවල තමයි, මොකද ඒ මිනිසුන්ගේ හිත දැන් විකෘති ආශාවලින් පිරිලා.
වෛද්‍ය වෘත්තිය කියන්නේ අනෙකුත් වෘත්තීන් අතර විශේෂ ලෙස දකින්නේ ලංකාවේ පමණි. කම්කරු සිට එක විදියට සලකන්න පුරුදුවෙන්න. එතකොට මෙවැනි අසමජ්ජාති දොස්තරවරු නීතියට අභියෝග කරන එක නැවැතී රටට යහපතක් වේවි...