IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පන්නල රක්ෂිතයකින් හමු වූ ලේ පැල්ලම් අතුරුදන් කොස්තාපල්ගේ දැයි පරීක්ෂණ

( හේමලතා ඩී හේවගේ )                                

පන්නල පොලිස් වසමට අයත් කන්කානියමූල්ල රජයේ රක්ෂිතයේ තිබී හමුවූ ලේ  පැල්ලම් කඩවත පොලිස්ථානයට අනුයුක්තව සේවය කළ  කොස්තාපල් වරයාගේද යන්න  සෙවීම සඳහා  පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය , කුලියාපිටිය නිල සුනඛ කණ්ඩායමේද සහාය ඇතිව අද (18)  එම රක්ෂිතයේ පරීක්ෂණ  අරඹා තිබේ.
 
මෙම කොස්තාපල්වරයා  කිරිබත්ගොඩ ප්‍රදේශයේදී  ඊයේ (17)  අලුයම අතුරුදහන්වී තිබිණි.
 
වීරකැටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන 37 හැවිරිදි මෙම පොලිස් කොස්ථාපල් වරයා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි 47 වියැති විවාහක කාන්තාවක් සමඟ ඇතිකරගත් අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් මෙම අතුරුදහන් වීමට හේතුවී ඇතිද යන්න පිළිබඳව පොලීසිය සැක පළ කරයි  .
මෙම අතුරුදහන්ව ඇති පොලිස් නිළධාරියා සම්බන්ධ යැයි කියන අනියම් කාන්තාවගේ සැමියා මත්කුඩු සම්බන්ධයෙන් රක්ෂිත බණ්ධනාගාර ගතව සිටින බවත් කාන්තාවද මත්කුඩු භාවිතයට පුරුදුවූ අයෙකු බවද පොලීසිය පවසයි.
 
කාන්තාව හා පොලිස් නිළධාරියා ඊයේ (17)  අලුයම 1ට පමණ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගොස් ඇති බවත් රාත්‍රී ආහාර පිටතින් ගෙන්වා ගැනීමෙන් පසු පැමණි ත්‍රීරෝද රථයක සිටි පිරිසක් මෙම     නිළධාරියාට  පහරදී එම රථයට දමාගෙන ගියාද යන්න පිළිබඳව එම ස්ථානයේ ඇති සීසීටීවී දර්ශන උපයෝගී කර ගනිමින් පුඵල් පරීක්ෂණ සිදුකරන බවද පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ෂන අංශය කියයි   .
 
කුලියාපිටිය මූලස්ථාන පොලිස්ථානයට අනුයුක්ත නිල සුනඛ විකී සහ ෆ්ලෑෂ් යොදා ගනිමින් මේවන විට කන්කානියමූල්ල රක්ෂිතයේ පරීක්ෂන සිදුකරනු ලබයි

.



අදහස් (1)

පන්නල රක්ෂිතයකින් හමු වූ ලේ පැල්ලම් අතුරුදන් කොස්තාපල්ගේ දැයි පරීක්ෂණ

කල්ප Tuesday, 18 February 2020 01:37 PM

තුන්වෙනි ජයාරූපය බලන්න .ලංකාවේ විතරයි වෙන්න ඕනේ ලෝකෙන්ම ඔය විදිහට අපරාධ බලන්න එන්නේ සාක්ෂිත් විශාශ කරලා යනවා .බෝම්බයක් පිපිරුවත් යනවා .ට්සුනමිය ආවත් යනවා .බස් එකක ටයර් එකක් ගිහාම රෝදේ මාරු කරනකල් පාරත් බ්ලොක් කරගෙන ඒක දිහා බලාන ඉන්නවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site