(නිමන්ති රණසිංහ)
පිගන් සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ පැමිණීල්ලකට අනුව අත්අඩංගුවට ගත් ඔහුගේ සේවකයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියකට අදාළ එවකට පිළියන්දල පොලීසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැස්බෑව මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කර ඇත.
එසේම මෙම සිද්ධියට අදාළව රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගත් එවකට පිලියන්දල පොලීසියේ සේවය කළ තවත් පොලිස් සැරයන්වරු දෙදෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත හා දැඩි කොන්දේසි මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මේ වන විට දෙයියන්දර පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් විජේමුණීගේ අසංක ශ්‍යාමල් නැමැත්තාය.
එසේම, දැඩි කොන්දේසි මත ඇප ලබාදී ඇත්තේ පිලියන්දල පොලීසියේ සේවය කරන පොලිස් සැරයන් අගුල්මඩුව විදානලාගේ කමල් සහ කලූතර දකුණ මූලස්ථාන පොලීසියේ පොලිස් සැරයන් රියැදුරු හේරත් මුදියන්සේලාගේ උපුල් රන්ජන් ස්ටැන්ලි අමරසේකර යන අයවලූන්ය.
පිගන් සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ මාකවිට ගමගේ දොන් හැරී යන අයගේ නිවසේ සේවකයකු වශයෙන් සිටි අජිත් සුනන්ද කන්ඩම්බි නම් තම සැමියා ඉකුත් 2008 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා පිලියන්දල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියමින් මෙම පැමිණීල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකර තිබුණේ පිලියන්දල පොල්හේන, මඩපාත පදිංචි පි‍්‍රයන්ති ගුණසේකර නැමැත්තිය විසින් ඉකුත් 2009 වර්ෂයේදීය.
COMMENTS
අවුරුදු දහයකට පස්සේ තමා නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මේක තමා අපේ රටේ තත්වය. කුමට මෙරට අධිකරණය නීතිය හා විනිසුරුවන්? අධිකරණයට අපහාස කර ගන්නේ අධිකරණයමයි. රන්ජන් කිව්වේ බොරු නෙවෙයි.
ඇත්තද මෙච්චර කාලයක්?
අනේ ඒ කාන්තාව මරණයට පත් වෙන්න පෙර හිත හැදෙන්න වත් මොනවහරි කරන්න. සැමියා නැතුව දැන් විඳින්න තියෙන දුක් ඔක්කොම විඳලා ඇති. දැන් අවුරුදු නවයක් නේ. මොකුත් කියන්නත් බයයි අන්තිමට අපහාස කළා කියනවා නේ. මාර වැඩේ නේද?