ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය යැයි ද, එක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කළ යුතු යැයි ද උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සයිටම් ගැටළුවට විසඳුම් ඉදිරිපත් කිරීමට පත් කර ඇතැයි මහජන විනිශ්චය සභාවේ සාක්කි දෙමිනි.
වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු ප්‍රමිතිය ගැන සැලකිලිමත් විය යුතු බව කී සිවාජලිංගම් මහතා ප්‍රමිතිය දෂමයකින් හෝ අඩුනම් ඊට අවසර නොදිය යුතු බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත.
සිවාජිලිංගම් ඔබයි මමයි එකතු වුනේ මෙන්න මෙතනදී ඔබ මගේ අදහසට එකඟයි මම ඔබේ අදහසට එකඟයි. තව සයිට්ම් 10 වත් මේ රටට ඕනේ.
නාන්නද ?
සිවාජිලිංගම් කියන දේට මාත් එකඟයි. තවත් සයිටම් එපා. ප්‍රමිතිගත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තව ඕනෑ.
කොහොමත් සිංහල දේශපාලකයින්ට වඩා දෙමල දේශපාලකයින් ඔවුන්ගේ ජාතිය වගේම අනාගත පරම්පරාව ගැනත් හිතලා කටයුතු කරන බව අපි දන්නවා. අපේ රටේ විශ්ව විද්‍යාල ළමයිවත් විකුණා ගෙන කන දේශපාලකයෝනේ ඉන්නේ.
ආණ්ඩූවත් පෞද්ගලික එකේ ඕක මොකක්ද
ඔන්න නුතන ලොව දකින /දැක්ක මිනිස්සු
10 ක් නොවේ සීයක් දැම්මත් සල්ලියි බලයයි තියෙන හැමෝටම වෛද්‍යවරු වෙන්න බෑ. ඒ වගේ සංකීර්ණ ප්රවර්ගීකරණයකින් සමන්විත වෘත්තීයක නියැලෙන්නන් රටේ බෝනික්කො අවශ්‍ය ප්‍රමානය කර්මාන්ත ශාලා වැඩිකරල සපයනව වගේ කරන්න පුළුවන්ද. කඳයි බඩයි තිබුනට හැමෝම රණ ශූරයෝ වෙන්නෙ නෑ. කෙතරම් උසස් අධ්‍යාපනයක් ලැබුවත් එය භාවිත කරන්නා භ්රාජමානබුද්ධියෙන් වියුක්තනම් අනිවාර්යෙන් එම ක්ෂේත්රය කෙලෙසේ
මමත් සයිටම් කියන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට. සයිටම් කීව ගමන් නිදහස් අධ්‍යාපනය ලබන කොල්ලෝ කෙල්ලෝ කැරකිලා වාදෙට එනවා.
අගනා අදහසක්. අපට තව පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාල ඕනේ
විෂ්මයට කරුණ නම් වාමාංශිකයයි කියා ගන්නා මිනිසුන්ට මේක නොතේරෙන එකයි. පූර්ණ සමාජවාදී රටවල් වන චීනය සහ රුසියාවෙ පවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු විශ්ව විද්‍යාල තියෙනවා. ඒ රටවල්වලට විශාල මුදලක් ගෙවල අපේ ශිෂ්‍යයින් පාඨමාලා හදාරනවා. ඇවිත් මෙහෙ රෝහල්වලට පත්වීම් ලබනවා. මට නම් හිතෙන්නෙ අපේ රටේ ඉන්නෙ කුහක වාමාංශිකයො කියලයි ඒකනෙ ඔවුන් මේව නොදන්නවා වගේ ඉන්නෙ.
හරියට නම වත් දාගන්න බැරුව බයිලා කියන්න නැතුව ඉන්නවා. මිනිස්සු ඔක්කොම පුද්ගලික බෙහෙත් කඩ වලට ගිහින් සල්ලි දීලා බෙහෙත් ගන්න කොට කිසි අමාරුවක් නෑ. මෙච්චර බෙහෙත් කඩ දාගෙන ඉන්නේ නාන්නද කියල අහන්නෙත් නෑ.
අතින් වියදම් කරගෙන , අර්ධකාලීන කම්කරු රැකියා කරමින් දියුණු රටවල ළමයින් නිසි වයසට උපාධිය අවසන් කරනවා. අපේ සමහරු, මම ඇරෙන්න කවුද මේ රටේ ඉගෙන ගන්නේ කියා කුහක කමින් ගාලගෝට්ටි කරමින් කල් මරනවා. උපාධිය සම්පුර්ණ කරන කොට හැටත් පැනලා හොටත් බිම ඇනිලා ! කාගේද වැරැද්ද ?