IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පෞද්ගලික පාසල් ගැන නීති වෙනස් කරන්න එකඟවූ බව ගුරු සංගමය කියයි

නිමල කොඩිතුවක්කු
 
රජයේ ආධාර ලබන පාසල් සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක පනත සංශෝධනය කිරීම පිළිබඳව ජාතික අධ්‍යාපන කොමිසම එකඟතාවය පළ කළ බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසීය.
 
ලංකා ගුරු සංගමයේ නියෝජිත පිරිසක් හා ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති ආචාර්ය එස්.බී. හෙට්ටිගේ, ජාතික අධ්‍යාපන කොමිසමේ උප සභාපති ආචාර්ය ජී.බී. ගුණවර්ධන යන මහත්වරුන් සමග  අද(25) පැවැති සාකච්චාවකදී මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.
 
ආධාර ලබන පාසල් සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක වන්නේ 1960 අංක 5 සහ 1961 අංක 8 සහ 1981 අංක 65 දණ පනත්   බවත්  මෙම පනත්වල ආධාර ලබන පාසල්වල සේවය කරන ගුරුවරුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කිසිදු සඳහනක් නොමැති බවත් ස්ටාලින් මහතා පැවැසීය.
 
මෙම පාසල්වල සේවය කරන 8000 කට ආසන්න ගුරුවරුන් ඒ තත්වය මත පීඩාවන්ට පත්ව සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
 
එම ගුරුවරුන්ගේ අයිතිවාසිකම් හා ඔවුන්ගේ සේවා ගැටලූ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසට ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවස්ථා ගණනකදී ඉල්ලිම් කර ඇති බවද ස්ටාලින් මහතා පැවැසීය.
 
මෙම පාසල්වල ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ලබන 28 වනදින  දින ප.ව. 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කීය.



අදහස් (2)

පෞද්ගලික පාසල් ගැන නීති වෙනස් කරන්න එකඟවූ බව ගුරු සංගමය කියයි

silva Wednesday, 26 September 2018 02:32 AM

ඉතා හොඳ දෙයක්. ඔවුන්ද ගුරුවරුන්. පෞද්ගලික පාසල් පාලකයින් හිතු හිතු විදියටයි පක්ෂග්‍රාහී විදියටයි ගුරුවරුන්ට සලකන්නේ. මේ ක්‍රමය නැවැත්විය යුතුමයි. ස්ටාලින් මහත්මයාණෙනි රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල් වලට ළමයින් ඇතුලත් කිරීමේ ක්‍රමයත් අධීක්ෂණයට නියාමනයට යටත් විය යුතුයි මේ ගැනත් කටයුතු කරන්න. රජයෙන් ආධාර ලබන ගමන්, කතෝලික ළමයින්ගෙන් රුපියල් ලක්ෂ 3ක් ගන්න කොට බෞද්ධ ළමයෙක් ඇතුලත් කරන්න ලක්ෂ 10ක් ගන්නවා. මෙතැනදී රජයෙන් වෙන්නෙත් සමානව සැලකීම කියන එක නොසලකා හැරීමක්. එක්කෝ රජයේ ආධාර නැවත්විය යුතුයි නැත්නම් සියලුම ළමයින්ගෙන් එකම සමාන මුදලක් අය කල යුතුයි...

:       139       440

M. A. A. R. Fernando Wednesday, 26 September 2018 04:04 AM

රජයේ පාසල් ළමුන්ගේ විනය පිරිහීමකට ලක්වී තිබෙන බව හැමෝම දන්නවා. තවමත් පෞද්ගලික පාසල් ඒ තත්වයට වැටී නැහැ. සේවය මුදල මත පදනම් නොවූ අවංක කාර්යක්ෂම ගුරුවරුන් ඒ තත්වයෙන් එළියට ගෙනාවම පාසල් දරුවන්ගේ විනය පිරිහීමකට පත්වෙන බව අමුතුවෙන් කියන්න ඕනා නැහැ. ඕක ගුරු සංගම් තමන්ගේ මුට්ටි කාසි පුරවා ගන්න හදන වෑයමක්.

:       67       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site