IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුත්තලමේ මන්ත්‍රී ඇප අයදුම්පත් විභාගය කල් යයි

( ඔගස්ටින් ප‍්‍රනාන්දු )     

හලාවත මහාධිකරණය විසින් දෙනු ලැබු ඇප කොන්දේසි උල්ලංඝණය කළැයි  බන්ධනාගාර ගත කර සිටින  පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත  පෙරේරා සහ ඔහුගේ සොහොයුරා වන  ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභා මන්ත්‍රී කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා වෙනුවෙන්  ඉදිරිපත් කර තිබු ඇප අයදුම් පත විභාගයට ගැනීම අප්‍රේල් 03 වැනිදා තෙක් කල් තැබීමට හලාවත මහාධිකරණ විනිසුරු එමි .බී .සී. එස්. මොරායස් මහතා අද ( 29 ) කටයුතු කළේය.

         2008 නොවැමිබර් මස 21 වන දින හලාවත මහාධිකරණ බල සීමාවේ පිහිටි ජයතිලකාරාම විහාරස්ථානයේ ගබඩා කර තිබු දැව තොගයක් සමිබන්ධයෙන් නීතිමය කටයුතු කිරිමට ගිය අවස්ථාවේදී එවකට ආරචිචිකටිටුව ප‍්‍රාදේශීය ලේකමි ධනපාල  සුරසිංහ මහතාගේ රාජකාරි කටයුතු වලට බාධා පමුණුවාලිම ඔහුට පහර දිම , බැන වැදිම,  අයුතු ජනරාශිය රැස් කිරීම  ඇතුළු  චෝදනා හතක් මත විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි.

මෙම නඩුව සමිබන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනා රුපියල් පනස් දහස  මුදල් ඇප මත හා රුපියල් ලක්ෂ පහ බැගින් සහතික ඇප දෙකක් බැගින් ද නියම කර මුදා හැර තිබු අතර සතියේ සෑම ඉරු දිනකම හලාවත පොලිසියට වාර්තා කිරිමට ද හලාවත මහාධිකරණය විසින් 2017 ජුනි මස 27 වන දින නියම කර තිබුණි.

විත්තිකරුවන් අධිකරණය විසින් නියම කර තිබු ආකාරයට 2017 අගෝස්තු මස 6 වන දසින සිට පොලිසියට පැමිණි බවට වාර්තා කර නොමැති බව හෙළිවිමෙන් පසු ඇප නියෝග අවලංගු කළ මහාධිකරණ විනිසුරු මොරායස් මහතා විත්තිකරුවන් මැයි මස 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියම කර තිබුණි.

විත්තිකරුවන් වෙනුවෙන් ඇප ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපති නිතිඥ අනිල් ද සිල්වා මහතා මහාධිකරණය හමුවට අද ( 29 ) මෝසමක් ඉදිරිපත් කර තිබු අතර එය විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරුවන්ට ඇප නියම කරන මෙන් දීර්ඝ ලෙසින් කරුණු දැක්වීය. රජයේ අධිනිතිඥ ධමිමික උඩවත්ත මහතා විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හේතුන් පෙන්වා දෙමින් මේ  සමිබන්ධයෙන් අධිකරණයට සුදුසු ක‍්‍රියා මාර්ගයක් ගත හැකි බව දැන්විය.



අදහස් (0)

පුත්තලමේ මන්ත්‍රී ඇප අයදුම්පත් විභාගය කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site