(රංජන් කස්තුරි)
පෙට්‍රල් හිඟයක් පවතින බවට පැතිර යන කටකතා හේතුවෙන් අද (19) පස්වරුවේ සිට කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් වල පෝලිම් දක්නට ලැබේ.
මේ පිළිබඳව විමසූවිට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපලි මාරසිංහ මහතා සඳහන් කලේ. අවශ්‍ය තරම් ප්‍රමාණවත් පෙට්‍රල් තොග ගබඩාකර තිබෙන බවත් තවත් පෙට්‍රල් නැවක් හෙට අනිද්දා කොළඹට ලඟාවන බවත් ඒ නිසා පෙට්‍රල් හිඟයක් නොමැති බවද ලේකම්වරයා කීය.
(ඡායාරූප රේඛා තරංගනී ෆොන්සේකා)




COMMENTS
ගියපාරත් ඔහොම තමයි කිව්වේ
මෙවැනි කට කතා පතුරවන්නන් සොයා, ඔවුන් සිර ගත කල යුතුයි.
මේ ඉතින් එක විකාරයක් , කවුරුහරි එකෙක් මොකක් හරි කිවම කට්ටියත් එක්ක කරත්ත ටික ඇදගෙන ෂෙඩ් එකට එනවා.
එහෙනම් පෝලිම් ?
බුමිතෙල් තියෙන තෙක් පැට්‍රෝල් හිගයක් තියෙන්ඩ බෑ නේද.?
තෙල් පිරිපහදුවක් අලුතින් ඇතිකරන්න.
මොකද එහෙනම් ෂෙඩ් වල පෙට්‍රල් නොමැත කියලා බෝර්ඩ් ගහලා තියෙන්නේ? මහජනයා අපහසුතාවයට පත් නොකර තෙල් බෙදා දෙන්න.
ඕන තරම් තියෙනවා නම් ඉතින් අඩන්නේ නැතිව දුන්න නම් හරිනේ ඇති තරම් ,මොකෝ මිනිස්සු බව්සර් ගණන් ගෙනියන්නේ නැහනේ
මා දකින විදිහටනම් මෙතන තනිකරම සිදුවෙන්නේ මාෆියාවක්. කටකථා පතුරුවා, බොරු ඉන්ධන හිගයක් මවා ඔවුන් ලාභ ලබාගෑනීමට ක්‍රියා කරනවා. භාජනවලට ඉන්ධන ලබාදීම වහාම තහනම් කළ යුතුයි. බොහොමයක් දෙනා මෙලෙස ලබාගන්නා ඉන්ධන වෑඩිපුර මිලට විකුනනවා. මෙය දෑන් සමහරුන්ට ආදායම් මාර්ගයක් වී ඈත. රජය මීට මෑදිහත් වියයුතුයි.