කීව්හිදීය (රොයිටර්)
රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිරන්තරයෙන් විවේචනය කළ මාධ්‍යවේදියකු යුක්රේනයේ කීව්හිදීය ඝාතනයට ලක්ව තිබේ.
ඔහු රුසියාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදියකු වන ආකේඞ් බැබ්චෙන්කෝය. මිය යනවිට 41 එක්වන වියේ පසු වූ ආකේඞ් බැබ්චෙන්කෝට මීට පෙර අවස්ථා කිහිපයකදීම මරණ තර්ජන එල්ල වී තිබිණි.
සිය නවැතන ඉදිරිපිටදී වෙඩි ප්‍රහාරයට ලක්වූ ආකේඩි බැබ්චෙන්කෝ රෝහලට ගෙන අතරතුරදී ජීවිතක්ෂයට පත්විය. වෙඩි වැදී නිවස ඉදිරි පිට වැටී සිටියදී ආකේඩිගේ බිරිඳ ගිලන් රථයක් ගෙන්වා ගනිමින් ඔහු බේරා ගැනීමට උත්සාහ කළ ද එම උත්සාහය සාර්ථක නොවීය.
බැබ්චෙන්කෝ චෙච්නියානු යුද්ධයේ හිටපු යුද සොල්දාදුවකු වන අතර හෙතෙම යුද වාර්තාකරුවකු ලෙස රුසියාව තුළ ජනප්‍රිය විය. යුක්රේනය අර්බුදයට සහ සිරියානු යුද්ධයට රුසියාව මැදිහත් වීම ආකේඩි බැබ්චෙන්කෝ දිගින් දිගටම විවේචනය කළ අතර ජීවිත ආරක්ෂාව හේතුවෙන් ඔහුට රුසියාව අත්හැර දමා යෑමට සිදුවිය.
රුසියාව සිරියාවේ ඇලෙප්පෝ හි ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම විවේචනය කළ ආකේඩි බැබ්චෙන්කෝ රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් ගත් පියවර ආක්‍රමණශීලි පියවර යැයි ද කීය.
මේ හේතුවෙන් ඔහු රුසියානු ආණ්ඩුවට පක්ෂ දේශපාලකයන්ගේ අමනාපයට සහ විවේචනයට ලක්විය.
මීට වසර දෙකකට පෙර එනම් 2015 වසරේදී බෙලරුසියාවේ උපත ලැබූ රුසියානු සහ යුක්රේන මාධ්‍යවේදී පාවෙල් ෂෙරෙමෙත් කීව්හිදි අගනුවරදී ඔහුගේ මිතුරන් කිහිපදෙනකුද සමඟ ඝාතනයට ලක්විය. ඔහුද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ එම ආණ්ඩුව විවේචනය කළ මාධ්‍යවේදියෙකි.
‘යුක්රේනයේදී මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වන බවත් ඝාතකයන් නිදැල්ලේ හැසිරෙන බවත්’ නිවේදනය නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
“ඝාතන සහ ප්‍රචණ්ඩත්වය කීව් රෙජීමයේ දෛනික ක්‍රියාවලියක් බවට පත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන කරන්නැයි අපි යුක්රේන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි එම නිවේදනයේ දැක්විණි.
මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බව ද රුසියාව සඳහන් කර තිබේ.
රුසියාවේ විපක්ෂ කණ්ඩායම් සමඟ සමීප සබඳතා පැවැත්වූ ආකේඩි බැබ්චෙන්කෝ මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එම්.එච් 17’ ගුවන් යානය බිම හෙළීමට රුසියාව සිරියාවට පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් යැවූ බවද එල්ල වූ චෝදනා හා එම සිදුවීම පිළිබඳවද වාර්තා කළේය.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් එහෙම වෙනවද
උඩින් පෙනෙන විදියට තරාදිය සමතුලනය කලොත් තමා වඩාත් හොඳ.
ඕකට තමයි කියන්නේ මාක්ස්ගේ ප්‍රජාතන්ත්‍ර වාදය කියලා
අපේ රටටත් ආයෙ ඔය තත්වෙ ගේන්න සමහරු දැන් හරියට මහන්සි වෙනවා
මෙයා වෙනුවෙන් කම්පා වූ සැමටම විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා උපහාර දක්වමු
මෙම මාධ්‍යවේදීයාගේ මරණය යුක්රේනය විසින් රුසියාවෙන් මොහුට මරණ තර්ජන ඇති නිසා, සැලසුම් කල ව්‍යාජය එකක් නේද.