IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුංචි ඡන්දය කල් දැමීමට එරෙහිව ගොනුකළ පෙත්සම ඉවතට

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
 
පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව සහ එම මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු 7 දෙනෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) ප‍්‍රතික්ෂේප කළේය.

 
මෙම පෙත්සම් විභාගයට ගැනීමට පදනමක් නොමැති බැවින් පෙත්සම ප‍්‍රතික්ෂේප කරන බව නලින් පෙරේරා සහ සිසිර ද ආබෲ විනිසුරුවරුන්ගේ තීරණය වූ අතර අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් මහතාගේ තීරණය ඊට පටහැනි විය.
 
මෙම පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් , සිසිර ද ආබෲ සහ නලින් පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
 
ඔමාරේ කස්සප ගලගමුවේ ධම්මසිරි හිමියන් , හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් , හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම , හිටපු අමාත්‍ය ජී.එල්.පීර්ස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබ ඇත.
 
මෙහි වගඋත්තරකරුවන් හැටියට මැතිවරණ කොමිසම , කතානායක කරු ජයසූරිය මහතා සහ නීතිපති නම් කරනු ලැබ ඇත.
 
පළාත් සභා මැතිවරණය දින නියමයන් නොමැතිව කල් දැමීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 ඊ වගන්තිය  සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ 10.12.1 සහ 14.1  වගන්තීන් උල්ලංඝනය කිරීමක් බව පෙත්සමේ සඳහන් වේ.
 
 
 



අදහස් (0)

පුංචි ඡන්දය කල් දැමීමට එරෙහිව ගොනුකළ පෙත්සම ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site