(විනීතා එම් ගමගේ)
පොදු දේපල පෞද්ගලිකරණය නොකරන බව ජනතාවට තහවුරු කරන්නට නම් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිරි මැතිවරණයට පෙර මෙහෙයුම් අරඹා ජනසතු ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යාම ආරම්භ කරන්නැයි වරාය ස්වාධින සේවක සංගමයේ සභාපති ලාල් බංගමුවගේ මහතා වරාය අධිකාරියට අද (30) අභියෝග කළේය.
වරායේ වෘත්තිය සමිති එක්ව රැකගන්නට හදන අතර බලධාරීන් ආපස්සට අදින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රන් බිජුලන කිකිළියක බවත් එය ඩොලර් උල්පතක් බවත් අමතක කළ යුතු නැතැයි ද හෙතෙම කියා සිටියේය.
වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව කොළඹ 1, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවක දී මෙම අදහස් පළ කළේය.
නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා සවිකිරීමට ගෙන්වා තිබූ ගැන්ටි දොඹකර තුන නැවෙන් ගොඩ බාන්නේ නැතිව තබාගෙන සිටීම හේතුවෙන් ඇතිවූ නොසන්සුන්තාව අවම කරමින් අද (30) පෙරවරුවේ ඒවා ගොඩබෑම ආරම්භ කළ බව මාධ්‍ය හමුවේ දී බංගමුව ගේ මහතා පැවසූ අතර මාධ්‍ය හමුව අතරතුර එහි සිටි වෘත්තිය සමිති නායකයින් කියා සිටියේ හදිසියේම දොඹකර ගොඩබෑම නවත්වා ඇතැයි වාර්තා වන බවය.
කෙසේ වෙතත් දොඹකර ගොඩබෑම නවත්වා දැමුවහොත් වරාය සියලු වෘත්තිය සමිති එක්ව පැය 24 ක් තුළ වෘත්තිය ක්‍රියාමාර්ගයකට යන බව ද හෙතෙම කියා සිටියේය.
පටවා ඇති නැවට දිනකට ඩොලර් පනස්පන්දහක් බැගින් දිනකට ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවනු ලබන බව පැවසූ බංගමගේ මහතා මේ වනවිට දින 11 ක් මෙසේ දොඹකර තබා ගැනීම පිළිබඳ ප්‍රමාද ගාස්තු නැව් සමාගමට ගෙවීමට වරාය අධිකාරියට සිදුව ඇති බව ද පැවසීය.
මාධ්‍ය හමුව ඇමතු වරාය වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති ශමේල් සුමනරත්න මහතා කියා සිටියේ මෙම නැගෙනහිර පර්යන්තය ලබාගැනීමට ඉන්දියාව හා ජපානය ඒ පිටුපස ඇතැයි මෙතෙක් සැක කළ නමුත් ඒ පිටුපස සිටින්නේ මෙරට ක්‍රියාත්මක බහුජාතික සමාගමක් සහ ඉන්දීය සමාගමක් බව මේ වනවිට තහවුරු කරගත හැකි වූ බවය.
නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය මගින් ඉදිකරන බවට වත්මන් රජය බලයට ඒමට පෙර පොරොන්දු වූ නමුත් චීනයෙන් ග්‍රැන්ටි දොඹකර ගෙන්වූ පසු ඒවා සවිකර මෙහෙයුම් ආරම්භ කිරීම සිදු නොවන විට වෘත්තිය සමිති සැක පහල කළ බවත් හෙතෙම කියා සිටියේය.
යහපාලන රජය සමයේ ජේසීටී පර්යන්තයට අලුත් පර්යන්තයක් ජේසීටී 5 නමින් ආරම්භ කරන බවට වෘත්තිය සමිතිවලට පොරොන්දු වූ බව කී සුමනරත්න මහතා ඉදිකරන තැනක් වත් සඳහන් නොවන ජැටියක් වෙනුවෙන් ඩොලර් මිලියන 25.7 ක් වැය කර දොඹකර ගෙන්වන්නටත් පාලකයන් කටයුතු කළ බව ද කීය.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා කියා සිටියේ දොඹකර ගෙන ආ නැවෙන් එම දොඹකර ගොඩබෑම පමා වීම නිසා දිනකට රුපියල් ලක්ෂ 94 බැගින් ගෙවන්නේ වරාය සේවකයන් දුක්විඳ උපයන මුදල් බවය.
නැගෙනහිර පර්යන්තයේ මෙතෙක් ඉදිවූ ප්‍රමාණය ඉදිවී ඇත්තේ සේවකයන් ගේ ශ්‍රමයෙන් ඉපැයූ මුදලින් බවත් එය අවසන් කර මෙහෙයුම් ආරම්භ කරනවා මිස කිසිවෙකුටත් දෙන්නට වරාය සේවකයන් දිවි හිමියෙන් ඉඩ නොදෙන බවත් ඔහු සඳහන් කළේය.
ඉන්දියාවට හෝ වෙනත් රටකට දෙන්නට අවශ්‍ය නම් බටහිර පර්යන්තයක් ඉදිකර ගන්නට අවස්ථාව දීම සළකා බැලිය හැකි යැයි ද හෙතෙම පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විස
සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 7ක් සදහා නායකයින් පත්කර තිබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය අද (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේ
පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත
ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු රග්බි නායකයෙක් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙක් වන ප්‍රියන්ත ඒකනායක මහතා පත්කර තිබේ.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
‘නැ’හිර පර්යන්තය කිසි කෙනෙක්ට දෙන්න දෙන්නේ නෑ’
Prabha Tuesday, 30 June 2020 02:00 PM
අනික් ජාති විකුණනකොට දිවි හිමියෙන් රැකගන්න බැරිවුණාද?
Tharindu Perera Tuesday, 30 June 2020 02:19 PM
කමක් නෑ... මේක හරි බේරගන්න කැපවෙනවානේ... අනෙක් ඒවාට එහෙම කැප නොවුණත්... හොඳදේවල් අපි අගය කරමුකෝ... අතීතයේ කරපු දේවල් වැරදි නිසානේ දැන් ඒ අය හරි දේ වෙනුවෙන් පෙනී ඉන්නේ...
ranaWednesday, 01 July 2020 03:36 AM
ඕකත් කැපවීමක්ද, දේශපාලන ටෙලි නැටුමක්ද? ඡන්දයට පෙර පපුවට ගහගෙන...
අනුරTuesday, 30 June 2020 10:51 PM
ප්‍රභා කවුරු හෝ වැරැද්දක් කළොත් ඒක වැරැද්දමයි.. ඒ වැරදි කරපු අයට ගැන ගැන ජනතාව පිළිතුරු දී ඇත. ඉතින් ඒ වැරැද්ද දැන් කරනවා නම් ඒකත් වැරදියි නේද?
සමන්සමන්Wednesday, 01 July 2020 02:25 AM
අනෙක්වා විකිණීම කලේ අපේ කට්ටියටනේ...
wasantha Tuesday, 30 June 2020 04:02 PM
නිව්යෝක් හා මියාමි වරාය වැනි ධනේශ්වර රටවල විශාල වරායන් රාජ්‍ය සංස්ථා වේ. ඔවුන් රටවල් වෙනුවෙන් විශාල මුදලක් උපයති. වෘත්තීය සමිති මර්ධනය කිරීම සඳහා පුද්ගලීකරණය කිරීමට පසුගිය රජයට අවශ්‍ය විය...
thilak Tuesday, 30 June 2020 04:06 PM
විශාල වශයෙන් විදේශ ණය ලබා ගැනීමේ එක අවදානමක් මේක... ගත් ණය ආපසු ගෙවා ගත නොහැකි වුවහොත්, ණය දෙන්නාට වෙනත් අදායම් මාර්ගයකින් තමන් දුන් ණය නැවත අයකර ගැනීමට පුළුවනි...
Hafeel Tuesday, 30 June 2020 05:55 PM
අනේ දැනටමත් වරාය අධිකාරියේ සභාපති රණවිරුවෙක්... ඔහු ඉඳිද්දීත් මෙහෙම විශාල වංචාව වෙනවා නම්...
lakpriya jayasingha Wednesday, 01 July 2020 03:02 AM
අයියෝ මෙයාලගේ ජාත්‍යාලේ... හම්බන්තොට වරාය සමරසිංහයි, පරාක්‍රමයි චීනෙට විකුණන කොට මෙයාලා තමයි ෆුල් සපොර්ට් දුන්නේ 99 අවුරුද්දකට...
Ranga Wednesday, 01 July 2020 03:18 AM
මේ වගේ දේවල්වලට දිවි හිමියෙන් කැපවෙන එක අගය කරනවා. බොහෝම හොඳ වැඩක්.. ඒත් අවුලට තියෙන්නේ රාජපක්ෂ ආණ්ඩුවක් ආවම දිවි හිමියෙන් කැපවෙන්න ඉන්න අය අනිත් ආණ්ඩු ආවම නැති එකයි. ඒ වගේ දිවි හිමියෙන් කැපවෙන පිරිසක් ඉස්සෙල්ලා ආණ්ඩු කාලෙත් හිටියා නම් හම්බන්තොට වරායත් විකුණන්න නොදී බේරන්න තිබ්බා. දැන් යූ.එන්.පී. සෙට් එක ඒවි..!
ගිහාන් Wednesday, 01 July 2020 05:49 AM
ඩොලර් මිලියන 25ක් කියන්නේ කජු ඇට කොස් ඇටද? දොඹකර ගෙනාවානම් ඒවාගෙන් වැඩගත යුතුයි. මේක මහා විහිළුවක් වගේ... නැවෙන් බාන්න ඉඩනොදෙන්නේ අැයි? මේක නවත්වාගෙන ඉන්නේ කාගේ වුවමනාවටද? රටේ ජනාධිපති, අගමැති මේ ගැන දැනුවත් වී නැද්ද?
rana Wednesday, 01 July 2020 08:17 AM
මෙම දොඹකර 03 වෙනත් පර්යන්තයක සවි කිරීමට රැගෙනවිත් තිබුණද, අදාළ පර්යන්තය මෙතෙක් ඉදිකර නොමැති බව වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පැවසුවා.
athula Wednesday, 01 July 2020 08:31 AM
ගෝඨාභය අාපු ගමන් රට ගොඩගන්නවා කියලා හිතපු අයට මේවා හොඳ අාදර්ශ..