(තිළිණි ද සිල්වා)
මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව ඉවත් කර ගැනීමට අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දිය යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා පවසයි.
එක්සත් රාජධානියේ බුද්ධි අංශ සහ ආරක්ෂක කමිටු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව නේස්බි සාමිවරයා මෙම ප්‍රකාශය කර ඇති බව සඳහන් වෙයි.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා, පසුගිය ජූනි 28 දා ප්‍රකාශයට පත් කෙරුණු එක්සත් රාජධානියේ බුද්ධි අංශ සහ ආරක්ෂක කමිටු වාර්තාව අධ්‍යනය කිරීමෙන් පසුව මෙම විශේෂ ප්‍රකාශය කළේය.
එහි දැක්වෙන්නේ එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ද මෙවැනි අපරාධ ක්‍රියාවන් සිදුකර ඇති පසුබිමක ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාවන් ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දැනුවත් කළ යුතු බවයි.
එමෙන්ම ස්වාධීන සත්‍ය හා ප‍්‍රතිසන්ධාන කොමිසම පිහිටුවීම , ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති සම්මත කිරීම සහ අතුරුදන් වූවන් සොයාගැනීම සඳහා ක්‍රමවේදයක් ආරම්භ කිරීම ආදි පියවර නිසා ශ්‍රී ලංකාව තමන්ට එල්ල වූ චෝදනාවලට යහපත් පියවර ගෙන ඇතැයි ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැකි ඇතැම් තොරතුරු බටහිර රටවල් හෙළිකර තිබුණ ද යුද අපරාධ සම්බන්ධ සියලු තොරතුරු ප්‍රසිද්ධ නොකරන්නේ මේම ගැටලුවෙන් ශ්‍රී ලංකාව නිදහස් වීමේ පසුබිමක් නිර්මාණය විය හැකි නිසාවෙන් බවද නේස්බි සාමිවරයා පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 04
528
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
419
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නේස්බි සාමිවරයා වෙන්න ඕන දේ කියයි