( මනෝප්‍රිය ගුණසේකර )
ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති හා රක්‌නා ලංකා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු වරදකරුවන්ට පනවා තිබී විදේශ ගමන් තහනම කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුණසිංහ මහතා තාවකාලිකව ඉවත් කරන ලදී.
ලබන මාර්තු මස 19 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම විදේශ ගමන් තහනම ඉවත් කරන ලදී.
පාලිත ප්‍රනාන්දු මහතාට මලල ක්‍රීඩා සංගමයේ කටයුතු වලට සහභාගී වීමටද, නිශ්ශංක සේනාධිපති මහතාට ප්‍රතිකාර ලබා ගැනීමටද විදේශගත වීමට අවශ්‍ය බව ඔවුන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කළ ඉල්ලීමක් සලකා බලමින් විනිසුරුවරයා මෙම නියෝගය ලබා දුන්නේය.
COMMENTS
මෙන්න තවත් මැතිවරණ ප්‍රතිඵලයක්! පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ මේ දේවල් පටන්ගන්න නේ...
"දූෂණය පිටුදකින වැඩ සටහන" ක්‍රියාත්මක කරන්න ඉස්සර "පැනයන්න ඉඩ දුන්න කට්ටිය ආපහු ගෙන්වා ගැනීමේ වැඩසටහනක්" ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න වෙයි වගේ නේද?
වරදකරුවන්ට යන වදන මුළුමනින්ම වැරදියි. චූදිතයෝ මිසක් මේ අය වැරදි කරුවන් වෙලා නැහැ. තවම නඩුව අහන්න පටන් ගත්තේවත් නැහැ. ලිවීමේදී මීට වඩා බෙහෙවින් සැලකිලිමත් විය යුතු නේද?