(ජයන්ත සමරකෝන්,ඡායාරුප රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත අද (27) සිට නිකුත් කිරිම බත්තරමුල්ල සුහුරුපාය පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ දී ආරම්භ කෙරිණි.
ඒ සමඟම වයස අවුරුදු 15 සම්පුර්ණ වු සෑම පුරවැසියකුම වසරක් ඇතුළත මෙම හැඳුනුම්පත ලබා ගැනීම අනිවාර්ය කෙරේ.
තීරු කේත සහිත ත්‍රෛයිභාෂා ස්මාර්ට් ජාතික හැඳුනුම්පත නිකුත්වීමත් සමඟම මෙතෙක් එකම අංකයත් සහිත හැඳුනුම්පත් දෙක බැගින් නිකුත් වීම, වංචනික ක්‍රියා, ව්‍යාජ හැඳුනුම්පත් නිකුත් කිරිමේ ජාවාරම් මුළුමනින්ම නවතිනු ඇතැයි ද පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
අභ්‍යන්තර කටයුතු සංස්කෘතික හා වයඹ සංවර්ධන ඇමැති එස්.බී.නාවින්න මහතාට ප්‍රථම ස්මාර්ට් හැඳුනුම්පත නිකුත් කෙරිණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාජ හැදුනුම්පත් වලින් 90% නිකුත් කරන්නේ ඇතුලේ සම්බන්ධකම් එක්ක. ඔය මොන ස්මාර්ට් හැදුනුම්පත් නිකුත් කෙරුවත් ජාවාරම් කාරයන්ට තිබෙන ඇතුලේ සම්බන්ධතා මත ඕවගේ තිබෙන තොරතුරු හිතේ හැටියට වෙනස් කරන්න. හොඳම උදාහරණය රියදුරු බලපත්‍ර දැනට අවරුදු 10 කටත් වැඩි කාලයක් ඉඳන් අධි තාක්ෂණයෙන් යුත් රියදුරු බලපත්‍ර තිබෙනවා නමුත් මුදල් තිබෙනවා නම් ඕනෙම කෙනෙකුට ට්‍රයල් නොගිහින් ඒවා ලබාගන්න ක්‍රම සහ විධි තිබෙනවා , පාස්පෝර්ට් වල කතන්දරයත් මෙයට සමානය
මේක ලෝකයේ නොදියුණු රට වලටත් ආවේ 1983දී. ලංකාවට එන්නේ දැන්ද අනේ?
ඕව මොන වැඩද? සල්ලියි බලයයි නුතන තාක්ෂණයට වඩා බලවත්.
අාගමන විගමන එකේ ඕනෑම දෙයක් ඉක්මනින් කර ගන්න මුදල් දෙන්න ඕනේ. ඒ අයම කෙළින්ම ඉල්ලා දෙන්නේ නැති අයගේ වීසා ලබා ගන්න පැය ගණන් ඉන්න වෙනවා. මේ වගේම තම හැඳුනුම්පත් වලටත් හොර ගුහාවක්ම ඉන්නවා.
ලංකාවේ වැඩ නම් බඩුම තමයි !!!
යූ.කේ. වලත් එන්.අයි.සී. නැහැ. පාස්පෝර්ට් විතරයි.
ජාවාරම් කරන අයගේ වැඩකිඩ, පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් හිතනවට වඩා ස්මාර්ට් වෙලා.
නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත කීයක් වෙනවද? ඕක අහිංසක හිඟන මනුස්සයට ලොකු ගැටළුවක්.
මම දැකපු අකාර්යක්ෂමම රාජ්‍ය ආයතනවලින් එකක්. පුදුම රස්තියාදුවක් කරන්නේ. එක්දින සේවය අන්තීමයි. කිසිම වගකීමකින් නෙවේ සේවය කරන්නේ ....