සිවිල් වැසියන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරුවකු අල්ලා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
 
හෙට්ටිආරච්චි මුදියංසේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නමින් හඳුන්වන ඔහු නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර්වරයෙකි. 
 
41 හැවිරිදි ඔහු අංක වෙන්නවත්ත වැල්ලම්පිටියේ පදිංචිව සිටි බවත්, එම පුද්ගලයා ගැන තොරතුරක් ඇත්නම් පහත දුරකතන අංක වත දැනුම් දෙන ලෙසත් පොලිසිය ඉල්ලා සිටී.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය 011 24 22 176
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  011 23 20 141-145
සමූහ මංකොල්ල විමර්ශන අංශය 011 23 93 621
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ ඔහුගේ ඡායාරූපයක් පහත දැක්වේ.