IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘නව ව්‍යවස්ථාවෙන් බෞද්ධ ආගමට හිමි ස්ථානයේ වෙනසක් නෑ‘

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)


යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැනෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩලයෙහි ප්‍රධානියා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව කී රාජ්‍ය ඇමතිවරයා බුද්ධාගමට හිමි නිසි තැන ලබාදීම ගැන අගමැතිවරයාගේ අවධානය යොමු වී ඇති බව ද කීය.


ඒ අනුව මීට පෙර ඒ සම්බන්ධව ඉදිරිපත් කළ කෙටුම්පතෙහි ඒ පිළිබඳව පැහැදිළිව සඳහන් වී ඇති බව ද පැවසීය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්තා ප්‍රතිසංස්කරණය පිළිබඳව මහජන අදහස් විමසීමට පත් කළ කමිටුවට එම කටයුතු සඳහා රුපියල් අසූලක්ෂ දහ අට දහස් නවසිය එකකුත් ශත78ක් රජය වැය කර ඇති බව ද රාජ්‍ය ඇමතිවරයා කීය.


රාජ්‍ය ඇමතිවරයා මේ වනවිට පැවසුවේ කොළඹ දිස්ත්‍රික් (එ.ජ.නි.ස) මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (13)

‘නව ව්‍යවස්ථාවෙන් බෞද්ධ ආගමට හිමි ස්ථානයේ වෙනසක් නෑ‘

Bamunuarachchi Friday, 07 September 2018 12:10 PM

අනික් ආගම්වලට බුද්ධාගමට හිමි තැන දෙනවා.... එතකොට හරිනේ නේද?

:       0       40

BamunuarachchiFriday, 07 September 2018 01:54 PM

ඒ ආගම් බුද්ධාගම තිබෙන තැනට ගෙනාවත් එකයි බුද්ධාගම ඒ ආගම් තිබෙන ස්ථානයට ගෙනගියත් එකයි. දෙකෙන්ම සිදුවන්නේ බුද්ධාගමට හිමි විශේෂස්ථානය නැතිවීමයි. බුද්ධාගමට විශේෂ ස්ථානයක් තිබිය යුතුයි. රටේ වැඩිම දෙනා අදහන පැරණිම ආගම. මේ රටේ සංස්කෘතිය හැදිලා තිබෙන්නේ බුද්ධාගමෙන්. සුරාව සහ ගවමස් බුදීම අපේ සංස්කෘතියට එකතු වුනේ... වෙනත් ආගම් පැමිණීමෙන්. අන්‍ය ආගම්වල සිට වෙනත් හේතුන් මත බුද්ධාගමට පැමිණි අයට මේ සංස්කෘතියට ෆිට් වී බුද්ධාගම විශේෂයෙන් හිතන්නට බැරිය. ඔවුන්ට කෝකත් එකයි...

:       1       73

චන්දිමාල් Friday, 07 September 2018 08:42 PM

බුද්ධාගමට ඔය කියන විශේෂ තැන කියන දෙය ලබාදුන්නේ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක 1970 වියවස්ථාවෙන්. ඊට කලින් ඔය " නාඩගම් " තිබුනේ නැහැ.

:       1       47

BamunuarachchiSaturday, 08 September 2018 07:38 AM

බුද්ධාගමට හිමිතැන නීත්‍යානුකූල කලේ බුද්ධාගමට මේ බෞද්ධ රටේ අනිවාර්යයෙන්ම හිමිතැන වෙනත් ආගම් හිස එසවීමට දේශපාලකයන් ඉඩ දීම නිසා නැතිවන බව දුටු නිසයි. ඒ නිසයි කාලයක් භුක්ති වින්ද දේවල් භුක්ති විඳින්නාට නැතිවෙයි කියන බයට ඔප්පුවලින්ම ලියා දෙන්නේ? 1970ට කලින් බුද්ධාගම සමග ගැටෙන්න කිසිකෙනෙක් ආවේ නැත. 1956ට කලින් නම් එහෙම වුණා. එ්කට හරියන්න හොඳට ඒ ගොල්ලන්ට වැදුණා. ඒ නාඩගම අපි නටාගන්නම්... ඔහෙලා ආව රටකට දැන්වත් යන්න ලැහැස්ති වෙන්නකෝ...

:       0       0

BamunuarachchiSaturday, 08 September 2018 07:43 AM

මෙයා ගිය සුමානේ ඉපදුණු කෙනෙක්ද කොහෙද? රටේ ඉතිහාසය ගැන දන්න මගුලක් නැහැ වගේ...

:       21       1

කාවින්දිSaturday, 08 September 2018 11:40 PM

බමුණෝ ඉන්නේ හින්දු ආගමේ.

:       0       0

sugath Friday, 07 September 2018 01:38 PM

කොහොම ආවත් ගේන ඒමට තටමන ව්‍යවස්ථාව රටටම මරාලයක්. මහජනතාව 2015 ව්‍යවස්ථා සංශෝධනයකට ඡන්දය දී නැහැ...

:       1       71

BamunuarachchiFriday, 07 September 2018 03:13 PM

මේගොල්ලෝ කරන්න හදනදේ අපි නොදන්නවා නොවේ. බලය නැති කොටසකට බලය දෙන්නයි හදන්නේ.

:       0       19

BamunuarachchiSaturday, 08 September 2018 07:41 AM

සිංහල ජනතාව දුන්නේ නැත. නමුත් දමිල ඡන්දය ගත්තේ ඕවා පොරොන්දුවෙලා කියලා ඒ ගොල්ලෝම කියනවනේ...

:       0       0

Bamunuarachchi Friday, 07 September 2018 02:47 PM

ඔය වාක්‍යයට කී දෙනෙක් රැවටෙයිද? ඔය වැකියට රැවටෙන මිනිස්සු බොහොමයි. එ්ත් අපිව තම්බන්න බැහැ.

:       0       3

Deepal Nirosh Friday, 07 September 2018 03:15 PM

බුද්ධාගම තියන තැන තියෙද්දෙන්. කරුණාකරල ඔය රටට විනාශකාරී නව ව්‍යවස්ථාව අකුලගමු. ඒ හොඳටම ඇති.

:       1       49

Menna Saturday, 08 September 2018 03:43 AM

විපක්ෂ නායකයා කිව්වා වගේ අනාගාමී රටක් කරන්න.

:       11       0

BamunuarachchiSaturday, 08 September 2018 10:38 AM

ගෝල්ෆේස් ගෙනැල්ලා හිටවන්න ඕනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site