(ඩයනා උදයංගනී)
ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක වදයේ මුවාවෙන් සිදුකරන ශාරීරික හා ලිංගික අපයෝජන හේතුවෙන් ඉකුත් වසර දෙකක කාලයේදී සිසුන් 1989 දෙනෙක් විශ්ව විද්‍යාල හැරගොස් ඇතැයි විශ්ව විද්‍යාල ආරංචි මාර්ග පවසයි.
ඇතැම් විට එම සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවත්, මේ හේතුවෙන් සිය දිවි නසාගැනීම් ඇතුළු මරණ ද 16ක් වාර්තා වී ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
අලූතින් විශ්ව විද්‍යාල වෙත පැමිණෙන සිසුන්ට හා සිසුවියන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් ශාරීරිකව හා ලිංගිකව අපයෝජනයන්ට ලක්කරමින් නින්දා සහ හිරිහැර කිරීමේ තත්ත්වය දරුණු අතට හැරෙමින් පවතින බවත්, එය අර්බුදකාරී වාතාවරණයකට පත්ව ඇති බවත් වාර්තා වේ.
එමෙන්ම නවක වදය හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල බොහෝ සිසුන් ශාරීරික, මානසික හා ලිංගික වධහිංසාවන්ට ලක්වන අතර එමගින් සිය දිවි නසාගැනීම්, තුවාල, මානසික අවපීඩනය මෙන්ම වෙනත් මානසික ආබාධයන්ට ද ලක්වන බවත් ආරංචි මාර්ග සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගැන කතා කරන්න කව්රුත් නැහැ. ජවිපය මොකද සද්ද නැත්තේ?
ඇත්තටම අප දින කීපයකට පෙර දැක්ක අන්තර් ජාලයේ රුහුණු විශ්ව විද්‍යාලයේ අහිංසක දරුවෙකුගේ ඉතාම දුක්මුසු පුවතක්. ඔහුගේ ආදරණිය අම්මාද සිත් වේදනාවෙන් මිය පරලොව යාම ඉතාම කණගාටු දායකයි. එතරම් ම්ලේච්ඡයන් අප සියල්ලන්ගේම බදු මුදල්වලින් නිදහස් අධ්‍යාපනය ලබමින් එලෙස හැසිරීම කිසිවෙකු අනුමත කරන්නේ නම් ඔහු හෝ ඇය කිනම් හෝ මානසික රෝගියෙක් බවට.... අප පාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ විශ්වවිද්‍යාලවල කිසිදු ශිෂ්‍ය නායකයෙකුට මෙසේ හැසිරීමට ඉඩදිය යුතු නැති බවට.... එසේ හැසිරෙන සියලුම අන්තරේ අන්දරේලාට 88/89 මෙන් ඇඩ්රස් නැතිවෙන්නම දිය යුතු බවටයි. එය පවක් නොව අප සමාජයට කරන මහඟු සේවයකි. අහිංසක නවක වදයන් හෝ මොනයම් හෝ නවකවදයන් උසස් අධ්‍යාපන ආයතන වලින් තුරන් කළ යුතුයි.
නවකවදය නවත්වන්න තියෙන එකම ක්‍රමය තමයි විශ්වවිද්‍යාලවල නේවාසික පහසුකම් පළමුවැනි වසරේ සිසුන්ට පමණක් සීමාකර ජේෂ්ඨ සිසුන්ට නේවාසිකාගාර අවුට් ඔෆ් බවුන්ඩ් කිරීම... මේ ක්‍රමයට හැර වෙන මොනම ක්‍රමයකින්වත් නවකවදය නතර කරන්න බැහැ.
විශ්ව විද්‍යාලවල නවක වදය නිසා සිසුන් හැර යාම සත්‍යයක්. එහෙත් මෙතරම් ප්‍රමාණයක් විශ්ව විද්‍යාල හැර ගියේ නවක වදය නිසාම නොවෙයි. මේ රටේ අධ්‍යාපනය ලැබීමෙන් පලක් නොවෙන නිසයි. මොවුන්ගෙන් බහුතරක් විදේශ රටවල අධ්‍යාපනයට ගිහින් නැත්නම් වඩා වැඩි ඉල්ලුමක් ඇති පුද්ගලික ආයතනවල උසස් අධ්‍යාපනය හදාරනවා.
මොකක්ද මේ ආරංචි මාර්ග කියන්නේ? මේක නිශ්චිතවම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් විමසා පළ කරන්න බැරිද? මොකද වාර්ෂිකව විශ්වවිද්‍යාල හැර යන හැම සිසුවාම නවක වදය නිසා නොවේ රැකියා ලැබීම, විදේශ ගත වීම වැනි හේතුවලටත් විශ්වවිද්‍යාලය හැර යනවා.
මේ තත්වයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ විශ්වවිද්‍යාල වල උප කුලපතිවරුය.
සමහර ආචාර්යවරුත් මේවට උදව් දෙනවා. නැතිනම් මෙච්චර දුරට යන්න ඉඩක් නැහැ.
සියලු නේවාසිකාගාර වසා දමා ඒ වෙනුවට සිසුන්ට මුදල් දෙන්න සිසිටිවී සවි කරන්න
උසස් තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා යාපනයට ගිය මගේ සොයුරාට දකුණේ සිසුන් කායිකව, මානසිකව මෙන්ම මුදල් ඉල්ලා කල නවක වධය නිසා ඔහු සති තුනකින් ආපසු ගෙදර පැමිණියා.
මේ විකාර තිබෙන්නේ ලංකාවේ පමණි ,
විශ්ව විද්‍යාල කඩ ඉම් ලකුණු ප්‍රකාශ කළ සැනින් මෙවැනි ප්‍රවෘත්ති පළවන අරුමය. මාධ්‍යායතන අපූරු හැසිරීමක නිරතවන බව පෙනේ.
විනයක් නැත්තේ කොතනද එතන පැවැත්මක් නොමැත.
මහජනයා එක්වී , මේ පාපයෙන් අහිංසක ළමයිව බේරා ගත යුතුය. වදකයන්ට ගුටි පූජාවක් දිය යුතුය,
අපේ රටේ තවත් සෝචනීය පැතිකඩක් මේක. ලංකාවේ උගත් දක්ෂම ළමයි ටික ඉන්න තැනත් මෙහෙමනම් අපේ රටේ අනාගතේ ගැන හිතාගන්න පුලුවන්. රටේ ඉහල ඉදන් පහලටම ආකල්ප වල බරපතල කඩා වැටීමක් තියෙනවා. ඒවා යහපත් ලෙස සකස් කරන්න කාටවත් ඕනෙකමක් නැහැ.
රවීන්ද්‍ර මහතා හරියට හරි.
දැන් අපේ විශ්ව විද්‍යාලවල ඇත්තේ නවක වදයක් නොව, මානසික රෝගීන්ගේ ක්‍රියාකාරකම්ය. අනුන්ට කායික, මානසික වද හිංසා පැමිණවීමත් නූගත් පාතාල ලෝකයේ කරන වැඩය. බුද්ධියක් තිබේ නම් සද්ධර්මය අසා ඇතිනම් මෙවැනි අඳබාල දේ සුදුකළ නොහැක. රට අරාජික බැවින් දුර්වල පාලකයින්ගෙන් කිසිවක් බලාපොරොත්තු විය නොහැක. හොඳ පාලකයෙක් ඇවිත් කෙක්කෙන් හෝ කොක්කෙන් මේ අමන වැඩ නතර කළ යුතුමයි. නැත්නම් රටේ අනාගතයම අඳුරු වේ..
ශාරීරික, මානසික හිංසනය, නවක වදය නොවේ.. ඒවා අපරාධ වේ. එයට එරෙහි වන්න..