IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


නිලධාරියාට බැණවැදුණු විශ්‍රාමික ග්‍රාමසේවක අත්අඩංගුවට

කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි

නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිවරයාට බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට විශ්‍රාමික ග්‍රාම නිලධරිවරයෙකු 17 දින සවස අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.

සැකකරු නවගත්තේගම කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පැවසේ.

තම විශ්‍රාම වැටුප ප්‍රමාදවීමක් සම්බන්ධයෙන් සැකකරු අදාළ පරිපාලන නිලධාරිවරයාට මෙසේ බැන වැදී ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවත්, ඒ අනුව අත් අඩංගුවට ගත් සැකකාර විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයාව 18 දින ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කරන බවත් නවගත්තේගම පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් විමර්ශන සිදු කරති.



අදහස් (10)

නිලධාරියාට බැණවැදුණු විශ්‍රාමික ග්‍රාමසේවක අත්අඩංගුවට

ravin Saturday, 18 November 2017 08:19 AM

මෙන්න නීතිය. ගුරුවරියට බැන්න දේශපාලකයාට සමත මණ්ඩලය? විශ්‍රාමික ග්‍රාම සේවක උසාවියට? හැබැයි නීතිය කටත් පොදුයිලු? එකම පොලිස් ස්ථානයේදී.

:       0       150

Ferna Saturday, 18 November 2017 11:59 AM

අනේද දන්නේ.... අන්න තොන්ඩමන්ටත් නීතිය නැමිලා වගේ...

:       0       33

selladoreSaturday, 18 November 2017 09:23 PM

ඉස්සරත් හිටියේ ඔහොම තමයි. කොළඹ 07 පාසලටත් අවනම්බුවක්...

:       0       0

lusena Saturday, 18 November 2017 09:00 AM

මෙවන් රාජ්‍ය ආයතනවලින් වැඩක් කරගැනීමට මහජනතාවට බොහෝ කාලය මිඩංගු කිරීමට සිදුවෙනවා. කිසිම කාර්යක්ෂම සේවයක් අද ලංකාවේ මෙවන් ආයතනවල දක්නට නැහැ. සමහරවිට මෙයත් එවැනි දෙයක් විය හැකියි. සැබෑ තත්වය අධිකරණයට වාර්තා කිරීම පොලිසියේ වගකීමක්.

:       0       137

PrasaSaturday, 18 November 2017 07:32 PM

සහතික ඇත්ත, හැබැයි මේ අකාර්යක්ෂම රජයේ නිලධාරීන්ගේ මහ ලොකුකමක් තියෙන්නේ වැඩක් කරගන්න ගියාම. මේ අයට බනින්න නෙවෙයි තියෙන්නේ, වැඩක් කරගන්න බැරිව මදිවට හෙන ලොකුකම මිනිස්සුන්ට පෙන්වනවා.

:       0       2

සෙනෙවි Saturday, 18 November 2017 10:29 AM

ෆොටෝ එකේ හැටියට නං මේක ඇමරිකාවේ හරි යුරෝපයේ වෙච්ච සිද්ධියක්...

:       0       47

NIMAL MADAWALA Saturday, 18 November 2017 06:43 PM

මේවට තමයි කියන්නේ නිලධාරි වාදය කියලයි.

:       0       6

පිටිගල මිලානෝ Sunday, 19 November 2017 07:02 AM

රාලහාමිලාට තවම මහා බැංකු හොරුන්ව අල්ලන්න බැරිවුනා නේද? දියවන්නා ගොඩනැගිල්ල වැලිකඩ කර වැලිකඩ ගොඩනැගිල්ල පාර්ලිමේන්තුවට යොදාගන්න කාලේ හරි වගේ.

:       0       0

kalpa Sunday, 19 November 2017 03:14 PM

නිසි වයස සම්පූර්ණකළ නිලධාරීන්ට මාස 6කට පෙර අසවල් දින ඔබේ සේවාකාලය අවසන් වෙනවා කියලා දන්වන්න ඕනෑ... ඉන්පසු අවශ්‍ය ලිපි ලේඛන ගෙන්වාගෙන විශ්‍රාම දිනට මාස 3කට පමණ පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යවන්න ඕනෑ. වර්තමානයේ අධ්‍යාපනය වැනි සමහර කාර්යාලවල පුද්ගලික ලිපිගොනුවේ කාර්ය සටහන සකස් කරන්නෙත් නිලධාරියා විශ්‍රාම ගියාට පසුවයි. එහෙම වුණාම විශ්‍රාම වැටුප් සකස් කිරීම ප්‍රමාද වෙනවා. එවැනි අවස්ථාවක් උදාවෙලා තිබේනම් පරිපාලන නිලධාරියා වගකිව යුතුය. පළාත් සභා ඇතිවුණාට පසුව නිලධාරීන්ගේ ලිපිගොනුවල කාර්ය සටහන හදන්නේ නිලධාරීන් විශ්‍රාම යනවිටයි..... එය බරපතල වරදක්..

:       0       1

Sanath Sunday, 19 November 2017 07:53 PM

විශ්‍රාම ගිය මිනිස්සු තමයි පඩි නැතුව මාස 4 ක් 5 ක් දුක් විඳින්නේ. සමහර විශ්‍රාමිකයෝ අවුරුද්දක් විතර දඟලනවා පඩිය හදාගන්න. ණයකාරයෝ පස්සෙන් පන්නනකොට ලිඳකටවත් පැනල තමයි බේරෙන්න වෙන්නේ. මේ ග්‍රාමසේවක මහත්තයටත් යකා වැහිලා තියෙන්නේ ඒක නිසා වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1058 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site