IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


නිදහස් වෙළෙඳ කලාපයේ වෙඩි තැබීමෙන් අගතියට පත්වූවන්ට වන්දි ගෙවන්න නියෝග

(  තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ  )

2011 වසරේ මැයි 30 වැනිදා කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පැවති සේවක විශ‍්‍රාම වැටුප් කෙටුම්පතට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී ආරක්ෂක අංශ වලින් පහරකෑමට ලක්වී තුවාල ලැබූ සේවකයින් 16 දෙනෙකු ගොනු කළ  මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසු ඔවුන්ගේ නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස පහර කෑමට ලක්වූ සේවකයින්ට වන්දි ගෙවන ලෙස රජයට අද (5) නියෝග කළේය.

ඒ අනුව වෙඩි වැදී බරපතල තුවාල ලැබූ පළමු පෙත්සම්කරුට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ද , ඉතිරි සෙසු පෙත්සම්කරුවන්ට රුපියල් 50,000 සිට රුපියල් 75,000 දක්වා වන්දි මුදල් ගෙවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කෙරිණි.

මෙලෙස වන්දි හිමි වූයේ අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබූ මංගල සම්පත් (කම්කරු) , රෝහිත (ට‍්‍රාන්ස්ෆෝමර් කාර්මික) , බුද්ධික අතපත්තු (යන්ත‍්‍ර ක‍්‍රියාකරු) , දනුෂ්ක සංජීව (කම්කරු) අනිෂ් ඉමල්කා (ට‍්‍රාන්ස්ෆෝමර් කාර්මික ) , නිශ්ශංක වනිගසේකර ( සුපරීක්ෂක ) , ජයතිස්ස රාජකරුණා (රියදුරු ) , ලසන්ත පෙරේරා ( ඇගළුම් කැපුම්කරු ) , ලලින්ද හේරත් (උදව්කරු) ප‍්‍රදීප් කුමාර , නලින් සංජය ජයතිලක සහ සඳරුවන් හෙට්ටිආරච්චි යන නැමැත්තන් ඇතුළු 16 දෙනෙකුටය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සීදුව සහ කටුනායක පොලිස් ස්ථානාධිපතිවරුන් ,මීගමුව නියෝජ්‍ය පොලිස්පති , පොලිස්පති , ආයෝජන මණ්ඩලය , හමුදාපති සහ නීතිපති නම් කරනු ලැබ සිටිති. මෙම නඩුවේ තීන්දුව විනිසුරු විජිත් මළල්ගොඩ මහතා විසින් ප‍්‍රකාශයට පත් කරන ලදී.

2011 මැයි 30 වැනිදින සේවක විශ‍්‍රාම වැටුප් අරමුදල් පනත් කෙටුම්පතට එරෙහිව සේවකයින් 600ක් පමණ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ උද්ඝෝෂණය කළ අතර ඊට පෙත්සම්කරුවන් සහභාගී වී ඇත.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව එම ස්ථානයට කඩා වැදුණු පොලීසිය උද්ඝෝෂකයින් කඳුළු ගෑස් එල්ල කරමින් පහර දෙන්නට වූ බව ඉදිරිපත් වූ කරුණු වලින් පැහැදිලි වේ.සමහර පොලිස් නිලධාරීහු ගල් වලින්ද පහරදී ඇත.මෙහිදී පෙත්සම්කරුවන් ඇතුළු සෑහෙන පිරිසකට තුවාල සිදු වූහ.

ඒ අනුව වෙඩි වැදී බරපතල ලෙස තුවාල ලැබූ පළමු පෙත්සම්කරුට රුපියල් 2,50,000 ක වන්දි මුදලක්ද , ඉතිරි පෙත්සම්කරුවන්ට රුපියල් 50000 සිට 75,000 දක්වා වන්දි මුදල් ගෙවන ලෙසද රජයට නියෝග කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (6)

නිදහස් වෙළෙඳ කලාපයේ වෙඩි තැබීමෙන් අගතියට පත්වූවන්ට වන්දි ගෙවන්න නියෝග

sirimal Friday, 05 April 2019 01:01 PM

මේ වෙඩි තැබීම සිදුකළ සහ එයට අණ දුන් උදවියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද? තව තියෙන්නේ මාස පහයි.

:       0       254

Sanath KandyFriday, 05 April 2019 03:48 PM

නීතිවිරෝධී අණ දුන් පුද්ගලයාගෙන් මේ වන්දි මුදල් අය කරගත යුතුයි. ජනතාවගේ බදු මුදලින් ගෙවන්නේ නැතුව රටේ මහජනයාගේ ප්‍රශ්නවලට තුවක්කුවෙන් උත්තර දෙන මිනිස්සු ජනාධිපති පුටුවට පත් වුනොත් කොහොම තියෙයිද?

:       0       222

Chanak Los angelesFriday, 05 April 2019 04:23 PM

මැදමුලනයෙන් මේ වන්දි ගෙවන්න අණ කල යුතුයි.

:       0       165

MaheeSaturday, 06 April 2019 04:52 AM

සිරිමල්, "මේ වෙඩිතැබීම සිදුකළ සහ එයට අණ දුන් උදවියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද?" උත්තරය, කවදාවත් නෑ.

:       0       132

athura Saturday, 06 April 2019 05:07 AM

ඔන්න බලන්න බමුණු මේ නිවුස් එක දැකල නැහැ.

:       0       0

Chanak Los angeles Saturday, 06 April 2019 07:16 AM

එදා මේ සිද්ධියට අදාලව නොනවතින සටනක් කරපු නිසා ජනාධිපති කොමිසමක් ලබා ගත්තා. නමුත් ඒ ජනපති එම කොමිසමේ වාර්තාව රටට හෙළි කලේම නැහැ. යහපාලත් කීවා අපි ආපු ගමන් ඔය වාර්තාව රටට හෙළිකරලා දඬුවම් දෙනවා කියා... කෝ? කෙසේ හෝ අධිකරණය විසින් වන්දි ලබාදීමට තීන්දුවක් දීලා. ඒ කියන්නේ රාජපක්ෂලා ඊට වැරදි කාරයෝ කියන එක නොවේද? එහෙනම් වහාම ඔවුන්ව චෝදනා ගොනුකොට අත්අඩංගුවට ගත යුතුයි. කම්කරුවන් වෙනුවෙන් දිවිපිදූ ඒ රොෂේන් චානක ඓතිහාසික වීරයෙක්...

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1594 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1384 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site