ඔගස්ටින් ප්‍රනාන්දු
මේ දිනවල දී සමාජයේ කතාබහට ලක්වු නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරිමට මාසික රැස්වීමේ දී ඒකමතිකව තීරණය කළ බව හලාවත නිතිඥ සංගමය කියයි.
විවිධ අවස්ථාවල දී නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය විසින් මෙරට අධිකරණ පද්ධතියටත් විනිසුරුවරුන්ටත් මෙරට සිටින නීතිඥවරුන්ට හා හලාවත නීතිඥ සංගමයේ ඇතැම් සාමාජිකයින්ටත් අපහාස වන ලෙසින් විවිධ ප්‍රකාශ කර ඇති බවට තම සංගමයට ලද පැමිණිලි අනුව සභා රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් එම සංගමයේ ජ්‍යෙෂ්ඨ නිතිඥවරුන් කිහිප දෙනෙකුම කියා සිටියහ .
වැඩිදුරටත් එම ජ්‍යෙෂ්ඨ නිතිඥවරුන් මෙසේ ද කියා සිටියහ.
නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය විසින් කර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා ගැනීමට අප සංගමය සාමාජිකත්වය ඇති ජ්‍යෙෂ්ඨ නිතිඥවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ගනු ලැබුවා.එම වාර්තාව ලැබෙන තෙක් ඇගේ සංගමයේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරිමටත් ඔවුන් විධිමත් පරික්ෂණයක් සිදුකර වාර්තාව ලබාදුන් පසු නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගෙන් කරුණු විමසනු ලබන බවත් කිහ .
සාමාජිකත්වය තහනම් කර ඇති කාල සීමාව තුළ දි නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය වෙත අප සංගමය මගින් සිය සාමාජිකයින්ට ලබාදෙන කිසිදු වරප්‍රසාදයක් පහසුකම් ලබාගත් නොහැකි වන බවත් ඔවුහු කීහ .
COMMENTS
ලංකාවේ කෙලින් කතා කිරීම ගැටලුවකට මුල තමයි. බොරුවයි වංචාවයි ගසාකෑමයි, නැත්නම් මිනිස්සු හොඳ නැහැ.
අසාධාරණය පිටු දකිද්දී ඇස් කට වහගෙන ඉන්න බැරි සමාජයෙන් තැලෙන පොඩිවෙන ලෝකේ කොයිකාටත් මෙහෙම දේවල් වෙනවා.
අසාධාරණය පිටු දකිද්දී ඇස් කට වහගෙන ඉන්න බැරි සමාජයෙන් තැලෙන පොඩිවෙන ලෝකේ කොයිකාටත් මෙහෙම දේවල් වෙනවා.
ගන්න සල්ලිවලට රිසීට් දෙන්න කිව්වම තද නොවී ඉඳීද?
ඕවා තමයි කරන්න තියෙන්නේ දැන්... සුගන්දික කෙලින් කතා කරන, කියන දේ මුනට කියන කෙනෙක්.... ඒවා ඔය ලොකු ලොකු මහත් හොරුන්ට දිරවා ගන්න හරි අමාරුවක් තියනවා.... අද උසාවි භූමියේ සිද්ධ වෙන දේවල් සහ කාන්තා නීතිඥ වරුන්ගේ ලිංගික අල්ලස් ලබා ගැනීම සියල්ල සුගන්දික හෙළි කළා. ලංකාවේ ඇත්ත කතා කලොත් ඒකට ඉඩක් නැහැ.
කොහොමත් අපේ රට දැන් ගොඩගන්නනම් බැරිම තරම්, මෙතුමිය සත්‍ය කතා කල පමනින් අනිත් අයගෙ ක්‍රියාවලිය මෙහෙමනම්, කොහොමද මේ රට ගොඩගන්නේ රටේ නීතිය වල්වැදුනු රටක් පරිහානියට මිසක් සාර්ථක වෙන්නෙ කොහොමද.?
දුව සුගන්දිකා, ඔය තහනම් කිසිම දේකට සැලෙන්ධ එපා ! දිගටම සටන කරගෙන යමු.
හංගන්න දෙයක් නැත, කව්ද හරි කියලා අපි දනිමු.
විරුද්ධා..... යි
ඇත්ත කිවුවම හොරුන්ට තරහ ගිහින්. එත් වැඩේ කියන්නේ කියපු ඇත්ත ගැන හොයන්න කිසිම කෙනෙක් නෑ. ඒකියන්නේ මේ රටට ඕනේ හොරුන් කියන දේවල අහගෙන ඉන්න තව තවත් හොරකන් කරන අයව . එතුමිය ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ තමුන්ගේම සහෝදර හොරු ගැන මුළු ලෝකෙටම එලි කරපු එක ගැන.
අපේ රටේ වැරදි පෙන්නා දෙන්නට යන එක ඉතාම භයානක දෙයක්. හැම විටම කල යුත්තේ වැරැද්ද හරිය කියල සහයෝගය දෙන එකයි.
මේ දිනවල දී සමාජයේ කතාබහට ලක්වු නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගේ වරද කුමක්ද?
ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කලාම කටත් රිදෙනවා. ජනතාව ඔබ සමග සිටිනව !
ඇත්ත කියන කෙනාට මෙහෙම තමයි.
වෙන්න ඕනේ අනිත් පැත්ත නේද? චෝදනා එල්ල වෙලා තියෙන අයව තහනම් කරන එකනේ පරීක්ෂණ ඉවර වෙනකම්. මේක නිකම් හොරෙක්ට විරුද්දව පැමිණිලි කලාම හොරක් ගැන හොයන කම් පැමිණිලි කල කෙනාව හිරේ දානවා වගේ.
ඇත්ත අහගෙන ඉන්න බැරැව ඇති
මෙතුමිය ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් කරේ . අපි නොදන්න වද නීතිඥ සංගම් වල කෙරුවාව
ඔන්න පටන් ගත්තා. ඇත්ත තිත්තයි. වැරැද්දට උදව් කරන අයට සලකනවා. කෙලින් කතා කරන අයට පහර ගහනවා. නීතියටත් නීතියේ පිළිසරණ නැති කොට අපිට කොයින්ද පිළිසරණක්. ඔන්න අපේ ගරු අධිකරණ පද්දතියට වෙලා තියන දේ? මොන මානව හිමිකමක් වත් නැතුව ඇති උද්ඝෝෂණය කරන්න.
තමන් හරිනම් මොකද ඔච්චර දඟලන්නේ? අපහාස ලැබෙන්නේ කෙරුවාව නිසා වෙන්න පුළුවනි නේ. ඒක ඉස්සරවෙලා හොයා බලන්නේ නැතුව දේසපාලන ඇත්තෝ වගේනේ මෙයාලගෙත් බැලුවම වැඩ. මොකද උසාවි යන මහජනතාව පැහැදිලිවම දන්නවනේ මෙතුමලගේ හැටිත්.
මේ තීරණය වහාම බල රහිත කල යුතුයි. චෝදනා වලට පිළිතුරු දෙන්නේ නැතුව මේ වගේ වැඩ කරන්නේ හොරු.
ජනතාවගේ පැත්තෙන් එතුමිය කර ඇති ප්‍රකාශ නිවැරදි බව කාටත් පිළිගැනීමට සිදුවේ. පසුගිය පාලන සමයේ වගේම වර්තමානයෙත් සිදුවීම් බලන විට නීතියක් නීතියක් විදීමට ඉටුවී ඇත්නම් අද සමාජය මෙතරම් අවාසනාවන්ත තත්ත්වයකට පත් විය නොහැකිය. එහි වගකීම අධිකරණය සතුවිය යුතුය.
දිරිය දියණිය සුගන්ධිකා, ඔබට රිදවන්න පල්හොරුන් එකට අත්වැල් බැඳගන්න එක ගැන දැනගෙන නේ ඔබ ඇත්ත කතාකලේ, නේද? නාගානන්දටත් ඔවුන් කරන්නේ ඒ ටික බව අපි දැක්ක. සියලු සත්‍ය ගරුක ජනතාවත් ඔබ සමගයි. ඔබට රත්නත්‍රයේ ආශීරවාදය ලැබේවා!
" එම වාර්තාව ලැබෙන තෙක් ඇගේ සංගමයේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරිමටත් ඔවුන් විධිමත් පරික්ෂණයක් සිදුකර වාර්තාව ලබාදුන් පසු නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගෙන් කරුණු විමසනු ලබන බවත් කිහ " වෙන්න ඕනේ අනිත් පැත්ත නේද....?
සංගමයත් අපේ වරප්‍රසාදත් අපේ, කමිටුවත් අපේ නඩුත් අපේ බඩුත් අපේ.
නිමල් - ඔබගේ අදහසට දාල තියන දිස්ලයික් ටික දැක්කම පුදුම හිතෙනවා. මේ රිසිට් දෙන්නේ නැති කට්ටිය වෙන්න ඕනේ.
ප්‍රවෘත්තියට අදාල ජ්‍යෙෂ්ඨ නිතිඥ මහත්යාගේ නම නැත්තේ ඇයි, කෝ කමිටු සමාජිකයන් කවුද කියන්න බැරිද..ඇත්ත කියන කොට මේ හැමෝම බයයි. සුගන්ධිකාට එරෙහිව නමකින් පවා කතා කරන්න මේ අය බයයි. හැංගිලා තමයි හැමදේම, සුගන්ධිකා කෙළින් කතා කරනවා.ඇත්ත දකින්වා..දූෂණය දකිනවා..
නිතී සංගමයේ ඉන්නේ කැකිල්ලේ පරපුරේ අයද කොහෙද ? නැත්නම් මෙහෙම දේවල් කරයිද , උසාවිය දුෂිතයි කියපු රන්ජන් ටත් නඩු දාපු එකේ මේවා මොනාද එක අතකට.
මුලින්ම වියයුත්තේ මෙතුමිය අනාවරණය කල කරුණු වලට අදාල ක්‍රියාමාර්ග ගැනීම , වෙලා තියෙන්නේ එකේ අනිත්පැත්ත. සෑම ශේස්ත්‍රය කම විනිවිද බාවය, නිසි යාන්ත්‍රණයක් නැතිකම නිසා දුෂණය ඉයවාහගිහින්. රට කරවන ඇත්තෝ බලයේ සිටින කාලයේ විවිද රගපෑම් කරමින් තමාගේ මඩිය තර කරගෙනේ පිටවයයි රටේ ප්‍රශ්න හැමදාම එකතැන.
දැන් පේනවනේ වැඩිපුර ඉන්නේ කොයි ජාතියේ අයද කියලා, ඇත්ත කියන කොට බොහොම රිදෙන අය තමයි අද ලංකාවේ වැඩිපුර ඉන්නේ. බලන්නෙම හොරකම් දුෂණ කරන්නයි. ඒවා එලියට එනකොට භූමිතෙල් ගහපු ගැරඩි වගේ දඟලනවා. ඉතින් යයිද කලක් මේ රටට
ගඳ ගහන මඩ ගොහොරුවක පිපුණු සුවඳ හමන පුෂ්පයක්.......
පැමිණිලිකරු හිරේ විත්තිය නිදහස්...! අද රටේ හැම ක්ෂේත්‍රයකම තත්වය ඕක තමයි. වැඩි කල් නොගොස් අපට ඉතියෝපියාව සෝමාලියාව පරද්දන්න පුළුවනි බයවෙන්න එපා.
මේවට තමයි කියන්නේ මෝඩ චූන් කියලා.
ඇත්ත කතා කරාම සමහර අයට රිදෙනවා, ඔබ තුමිය තවත් ශක්තිමත් වන්න මේවට සැලෙන්න එපා.
අපේ රට ගැන පුදුම කලකිරීමක් ඇතිවෙනවා . අය මේ මනුස්සයාගේ කට වහන්නේ . අය උත්තර දෙන්නේ බැරි චෝදනා වලට . අපිට පරිසිදු පාලකයෝ අවශ්‍යයි . මේ රටේ ඕනෑතරම් හොද මිනිස්සු ඉන්නවා . කරුණාකරලා ඉදිරිපත්වෙන්න්ද ..
ඉස්සර හලාවත ප්‍රසිද්ධ උනේ "මුතු" වලට , එකට දැන්.....අමුතු වැඩවලට. ඔබතුමිය බයවෙන්න එපා, ඔය පෙර කර්මදෝරුවන්ගේ ගොඩට ඔබතුමිය වැටෙන්නේ නැ ඔක්කොමබෙල්ලෝ මුතුබෙල්ලෝ නොවෙයි මුතුබල්ලොත් ඔය අතර තියෙනවා......
රටේ සිටින හොර තක්කඩි රැල සුගන්ධිකා මැතිනියව ප්‍රතික්ෂේප කලාට, මේ රටේ නීති ගරුක, යුක්තිගරුක ජනතාව සිටින්නේ ඔබ තුමිය සමඟ බව මෙහි පලනර ඇති අදහස් වලින්ම පැහැදිලියි..තක්කඩි සංගම් වලින් ලබන නීච වරප්‍රසාදවලට වඩා, ශිෂ්ඨ සම්පන්න ජනතාවගේ බලය හා ඔවුන්ගෙන් ලැබෙන වරප්‍රසාද ඉතා අනර්ඝ බව අවබෝධ කරගෙන දිරියෙන් යුතුව කටයුතු කරන්න. එයට අවශ්‍ය ශක්තිය හා ආශීර්වාදය මෙරටේ මෙන්ම, පිටරට වෙසෙන බුද්ධිමත් ශ්‍රී ලාංකිකයින්ගෙන් ලැබෙනවා නියතයි!!
ඔය කියන සංගමයෙ කොච්චර හොරු ඉන්නවද කියල හිතාගන්න පුලුවන් තීරණය දැක්කම.තමන්ගෙ වැරදි හදාගන්න උත්සාහ කලොත් නරකද?
මැතිණීයණී ඊලග මහ මැතිවරණයට ඉදිරිපත් වෙමු. එවිට අසාධාරණයට එරෙහිව වැඩ කල හැකියි
මේ රටේ දුෂණය වංචාව අක්‍රමිකතා බොහොමයක් පිටුපස නීතිඥවරුන් ඉන්නවා. වැඩි හරියක් නීතිඥවරුන් දුෂිතයි, අවස්ථාවාදීයි, අමානුෂිකයි. පාර්ලිමේන්තුව ගත්තත් එහි ඉන්න නීතීඥවරුන් තම දැනුම පාවිච්චි කරන්නේ රටේ යහපතට නෙවෙයි. ඒ දැනුම පාවිච්චි කරන්නේ තම තමන්ගේ හොරකම් වහගන්න. මේ නීතීඥවරුන්ගේ විනය පිරිහීමට එක හේතුවක් තමයි, සාමාන්‍ය පෙළ අවම සුදුසුකම් ලබන අය උසස් පෙළට හදාරන කළා විෂය ධාරාවට මේ තර්ක ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව වගේ විෂයන් ඇතුල් කිරීම. එවිට පාසලේ සාමාන්‍ය පෙළ සිටම අවම දක්ෂකම් දක්වන අය තමයි පසුව නීතීඥවරුන් බවට පත් වෙන්නේ. ඒක ගැටළුවක්. සුගන්ධිකා මහත්මියගේ අනාවරණයට මුලික හේතුව ඒක තමයි.
සත්‍යය යටපත් කරමින් බොරුව සමාජගත කරන්නට මෙරටේ තිබෙන වෘත්තීය මාෆියා සංගම් කටයුතු කරන්නේ අද ඊයේ සිට නොවෙයි. වංචාවට එරෙහිව සත්‍ය වෙනුවෙන් පෙනීසිටින්නන්ට එලොව එලොවා පහර ගැසීමට මොවුන් කිසිදා පසුබට වන්නේ නැහැ. අවශ්‍යම වෙලාවට අවදිවන, නිහඩ බුද්ධිමත් පිරිසක් මේ රටේ සිටිනවා. අවශ්‍ය වෙලාවට ඔවුන් ඔවුන් ඔබ තුමිය වටා පෙළ ගැසේවි. ඔබ තුමිය කරගෙන ආ කාර්යය කිසි විටෙකත් නතර කරන්න එපා. ඔබට ජය!
අනේ පව් නීතිඥ සංගමය.
පැමිණිලිකරු හිරේ විත්තිය නිදහස්...! අද රටේ හැම ක්ෂේත්‍රයකම තත්වය ඕක තමයි. වැඩි කල් නොගොස් අපට ඉතියෝපියාව සෝමාලියාව පරද්දන්න පුළුවනි බයවෙන්න එපා.කොහොමත් අපේ රට දැන් ගොඩගන්නනම් බැරිම තරම්, මෙතුමිය සත්‍ය කතා කළ පමණින් අනිත් අයගෙ ක්‍රියාවලිය මෙහෙමනම්, කොහොමද මේ රට ගොඩගන්නේ රටේ නීතිය වල්වැදුණු රටක්
අමන තීරණයක්...
ඩිස්ලයික් කරන අයගේ නම් ටික බලා ගන්න විදියක් නැද්ද ?
2015 ජනවාරි 12 ඔය සංගමේ අය පාරට බැහැල සටන් කළා මොහාන් පීරිස් පත්කිරීමට එරෙහිව. ඒ කාලේ එහෙම කොන්දක් තිබුණු සංගමයක් මේක. වෘත්තියක් වශයෙන් එහෙම හැල්ලු වෙන්න දෙන්න හොද නෑ නීතිය. තැන තැන වේදිකාවල කතා කරන්නේ නැතුව මේක ඇතුලෙම බේරගන්න ඕන දෙයක්. මතක තියාගන්න හෙට අනිද්දා පටන් ගන්න විශේෂ අධිකරණයට පත්වෙන්නෙත් අගහරු ලෝකෙන් ගෙනාපු නීතිඥ මහත්තුරු, නඩුකාර උන්නාන්සේලා නොවෙයි නේ.
මං නොදන්න හින්දා අහන්නේ. ලංකාවේ හැම ක්ෂේත්‍රයකම දුෂණ, වංචාව. දේශපාලනයේ විතරක් නෙවි නීතිය පවා තියෙන්නේ සමහර අයට නවන්න පුළුවන් විදියට. ඉතිං මේ තත්වය නැතිකරලා රටට යහපතක් කරන්න රටේ ජනතාව විදියට අපි මොනාද කරන්න ඕනි. මේකට උත්තරයක් මට තේරෙන්නේ නෑ. කොයින් පටන්ගන්නද කියලා. මෙතැන ඉන්න වියතුන් අදහස් ඉදිරිපත් කරන්න. දේශපාලනික පිළිතුරු දෙන්නෙපා. මම අහන්නේ 100%ක් දේශපාලනයෙන් වියුක්ත ප්‍රශ්නයක්. මට රට දාලා යනවට වඩා මේක පිළිසකර කරගන්න එක වටිනවා කියලා මට හිතෙන නිසා.
ලංකාව දුෂිත රාජ්‍ය න්ගේ පළමු තැනට ගෙන එන්න සුදානම් වන ඔය නීති සංගමයට යහ පාලනයෙන් සුබ පැතුම්. අපිත් යහපාලනයට දරදිය ඇද්ද අය තමයි පිට ඉදලා හරි. සුගන්ධිකා කියන්නේ නමටම ගැලපෙන සුවඳවත් මලක්.
කලබල විය යුතු නැහැ මොකද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇය පාවිච්චි කලේ
සුගන්දිකා කියන්නේ මඩ වගුරේ පිපුන නෙලුම් මලක් කියලා බය නැතිව කියන්න පුළුවන්. ඒ නිසා අපි කවදාවත් ඇයට මඩ ගොඩට යට වෙන්න ඉඩ දෙන්නේ නැහැ. කරුණාකර යු ටියුබ් භාවිතා කරමින් ඔබ කල කාර්යය ඉදිරියට කරගෙන යන්න. ජයවේවා!!
අසරණයින්ගේ ප්‍රශ්න තව තවත් අවුල් කරමින් නඩු කල්දමමින් ජනතාවට කරන අසාධාරණය ගැන අපිත් නොදැන සිටියා නොවෙයි. නමුත් ලංකාවේ නීතිඥයින්ගෙන් හා නීති ක්ෂේත්‍රයන් ජනතාවට සිදුවෙන අසාධාරණය සුගන්ධිකා මහත්මියගේ ප්‍රකාශය තුළින් රටටම හෙළිදරව් වුණා. සමහර අවස්ථාවලදී, පොලිසිය විසින් දෙපාර්ශවයම සමතයකට පත්කොට විසඳන ගැටළු පවා මේ කපටි නීතිඥයින්ගේ මැදිහත්වීම් මත නැවත දෙපාර්ශයම කොටවා තමන්ගේ මඩිය තරගන්නා අවස්ථාවන් බොහෝ තිබෙනවා. ඇත්ත ඇහෙද්දී, ඒ ගැන උරණ වී, දෂ්ඨ කරන්න හදන මේ විෂඝෝර සර්පයින්ගෙන් ඇයව ගලවා ගැනීමට අප ඇය වටා පෙළ ගැසිය යුතුයි.
ඇය ඉතාමත් එඩිතර කාන්තාවක්. ඇය පවසන්නේ සත්‍ය
බහුතරයක් නීතිඥයන් අන්ත දුෂිතයි. සල්ලි වලට ඇත්ත යටපත් කරනවා. බොරුව ඇත්ත කරනවා. ඒකෙන් වෙන්නේ වැරදිකරුවන්ට දඩුවම් නොලැබෙන එක. ඒගොල්ලෝ නිවැරදිකරුවන් විදියට යලි සමාජගත වෙනවා. නීතියෙන් බේරෙන්න පුළුවන් කියලා දන්නා නිසා සුපුරුදු විදියට ඒ වැරැද්දම ඊටත් වඩා හොදින් කරනවා. විනිසුරුවරු කියන්නෙත් දෙවිවරු පිරිසක් නෙවෙයිනේ ඒගොල්ලොත් මනුස්සයෝ. ඒගොල්ලෝ අතිනුත් වැරදිවෙන්න පුළුවන්. ඒවා නිවැරදි කරන්න ඕනේ. විනය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එත් හැදෙන්නේ නැත්තම් අයින්කරලා දන්නා ඕනේ. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය කරන්නේ ඔවුන්ගේ වැරදි හංගන එක. ඔවුන් දාන තර්කය තමයි ඒවා කතාකලොත් මිනිස්සුන්ගේ නීතියට තියෙන පිළිගැනීම නැතිවෙයි කියන එක. ඒත් මිනිස්සුන්ගේ නීතියට තියෙන පිළිගැනීම නැතිවෙන්නේ මෙවැනි වැරදි හංගන්න ගියොත්, ඔවුන්ට විනය ක්‍රියාමාර්ග නොගත්තොත් තමයි.
අපේ රටේ අනෙක් සියලු දේ වගේම නීතිය කියන්නෙත්, මිනිස්සුන්ට සර්ව සාධාරණය ඉටුකරන ක්‍රියා මාර්ගයක් වෙනුවට, සාමාන්‍ය මිනිසුන්ට එය බිල්ලෙක් ලෙස අර්ථ දක්වා, ජනතාව භීතියට පත් කර, නීතිඥයින්, නීතිය ක්‍රීඩා පිටියක් කරගෙන ඔවුන්ට අවශ්‍ය ලෙස ක්‍රීඩා කරන ක්‍රීඩා පිට්ටනියයි. සුගන්ධිකා මැතිණිය මෙතන පවසා තිබෙන්නේත්, ඒ ක්‍රීඩා පිට්ටනියම නීතීඥයින් මිනී පිට්ටනියක් බවටත් පරිවර්තනය කර ගන්නා හැටි තමයි.