IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලට කුණු දැමීම මැයි 1 දා සිට තහනම්

(ඩයනා උදයංගනී)

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් වෙත කුණු බැහැර කිරීම මැයි 1 වැනි දා සිට තහනම් කිරීමට එම අධිකාරිය තීරණය කර ඇත. යම් නගර සභාවකට, ප‍්‍රාදේශීය සභාවකට හෝ රජයේ ආයතනයකට කුණු බැහැර කරලීමට භූමියක් අවශ්‍ය වන්නේ නම් එම ආයතන සතු ප‍්‍රතිපාදනවලින් භූමියක් ලබාගැනීමට සිදුවන බව ද එම අධිකාරිය පවසයි. 

මීතොටමුල්ලට කුණු නොදමන ලෙස 2015 දෙසැම්බර් මාසයේ දී කොළඹ මනනගර සභාවට දැනුම් දුන් බවත් ඒ අනුව ඔවුන් විකල්ප ස්ථාන කිහිපයක් සොයාගත් නමුත් විරෝධතා ඇතිවීම නිසා කසල ගෙනයාමට නොහැකි වූ බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කසල ප‍්‍රතිචක්‍රීයකරණය කිරීමේදී කසල කිලෝවකට රුපියල් 7 ත්, 10 ත් අතර මුදලක් වැය වන බව කියන අමාත්‍යවරයා එය ගෙවීමට කිසිම ආයතනයක් නොමැතිවීම කසල කළමනාකරණයේදී ගැටළුවක් වී ඇතැයි ද ඒ මහතා කියයි.



අදහස් (7)

නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලට කුණු දැමීම මැයි 1 දා සිට තහනම්

SIRI Monday, 17 April 2017 07:44 AM

ඇමතිතුමෝ වස්තර ඇඳගෙනද ඉන්නේ කියල පළමුව බලනු මැනවි.

:       4       16

roshan Monday, 17 April 2017 07:52 AM

පොලිතින් සදහා බදු වැඩි කරන්න. එයින් කසල ප්‍රමාණය අඩු වෙනවා. ලැබෙන අමතර අදායම ප්‍රතිචක්‍රීකරණයට යොදවන්න.

:       0       1

asiri Monday, 17 April 2017 08:35 AM

ඉතින් කුණු එකතු කරද්දී මුදල් අය කරනවානම් කව්රුත් සල්ලි දීල කුණු දෙන එකක් නෑ. තමන්ම කළමනාකරණය කරගනී. අර පිටරටවල වගේ recycling centers හැදුවනම් හරි. එතකොට අනවශ්‍ය දේවල් එතනට බාර දෙන්න පුළුවන්...

:       0       6

mahinda Monday, 17 April 2017 09:06 AM

ඔව් ඒකට සල්ලි නෑ. හැබැයි මැති ඇමැති ගොල්ලන්ට ලොකු ලොකු වාහන ගන්න සල්ලි තියනවා.

:       0       7

Dusara Monday, 17 April 2017 09:50 AM

එතකොට බදු / වරිපනම් සහ වෙනත් අයකිරීම් අයකරන්නේ මොන ආයතන වලින්ද?

:       0       4

de silva berlin Monday, 17 April 2017 12:33 PM

හරිනම් මෙම වියදම් පළාත් පාලන ආයතන විසින් දැරිය යුතුය , පළාත් පාලන ආයතන වලට බදු ගෙවන ජනතාවට අවශ්‍ය මෙවැනි මුලික සේවා සැපීමට එම ආයතන නීතියෙන් බැදී සිටින අතර , අද බොහෝ දුරට එම ආයතන වලින් ජනතාවට දිය යුතු මුලික පහසුකම් දීම පසෙක දම එම බදු මුදල් එම ආයතන වලට අනුබද්ද දේශපාලකයන්ට සහ නිලධාරිනට සැප වාහන ගැනීමට , සාද පැවැත්වීමට , පිටරට වල සහ ලංකාවේ සවාරි යෑම ට යොදවන බව පෙනේ , රජයේ ඇමති වරු ලොකු ලොකු මෙගා පොලිස් නගර සැදීමට සුරඟන කතා කියන අතර ජනතාවට ප්‍රථමික අවශ්‍යතාවයක් වන කලි කසල ප්‍රශ්නයට විසදුමක් දීමට නොහැකිව සිටි .

:       0       7

anura Monday, 17 April 2017 03:49 PM

බඩයන කොට පොරොප්ප භාවිතා කර ලෙඩේ සනීප කරන්න යනවා වගෙයි මේ යෝජනාව

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 87 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site