IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ධීවරයින් ගැන විධිමත් සංගණනයක්

(හර්ෂණ තුෂාර සිල්වා)
 ධීවර ප්‍රජාව පිළිබඳ විධිමත් සංගණනයක් සිදු කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. 
ධීවර දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත.ධීවරයන් පිළිබඳ නිවැරැදි දත්ත සඳහා මෙවැනි සංගණනයක් කළ යුතු බව අමාත්‍යවරයා එහිදි පවසා තිබේ.
මේ අනුව මෙරට සිටින ධීවරයන්, ඔවුන්ගේ පවුල්වල තොරතුරු, කරදිය හා මිරිදිය අංශයේ  අංශයේ සිටින ධීවර කර්මාන්තයේ යෙදෙන ප්‍රමාණය, ඔවුන්ගේ ආදායම් තත්ත්ව, ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වයේ සිදුව ඇති වෙනස්කම්  මෙන්ම ධීවර සංවර්ධන කටයුතුවලදී ප්‍රමුඛත්වය දිය යුතු අංශ හඳුනාගැනීමේ අරමුණින් මෙම සංගණනය සිදු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. 
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව මෙම සංගණනය සිදු කරන ලෙසටත් ඒ සඳහා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදන ලෙසටත් අමාත්‍යවරයා තවදුරටත් උපදෙස් දී තිබේ. 
අවසන් වරට ධීවර ප්‍රජාව පිළිබඳ සංගණනයක් සිදු කර ඇත්තේ 1976 වසරේදී යැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි. 



අදහස් (0)

ධීවරයින් ගැන විධිමත් සංගණනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 615 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 518 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site