IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ධීවරයාට වෙඩි තැබීමට එරෙහිව ජිනීවා යන්න යයි

(පියුමි ෆොන්සේකා ඉන්දියාවේ සිට)

නාවික හමුදාවේ වෙඩි ප්‍රහාරයකින් මියගිය බව කියන රාමේෂ්වරම්හී ධීවරයාගේ ඉන්දු ලංකා ආණ්ඩු නිහඬ පිළිවෙතක් අනුගමනය කළහොත් වෙඩි තැබීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඉන්දීය ධීවර සංගම් ප්‍රකාශ කරයි. 

රාමේෂ්වරම්හි ධීවරයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවත් වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඉන්දියාවේ ජාතික ධීවර කම්කරුවන්ගේ සංසදයේ සභාපති එම්. ඉලන්ගෝ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවැසීය.

“පශ්චාත් මරණ පරීක්ෂණයේදී ධීවරයාගේ සිරුරේ තිබී ඒ.කේ 47 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ තිබී හමු වුණා. එහෙත් ලංකාවේ නාවික හමුදාව චෝදනා ප්‍රතික්ෂේප කරනවා.  එහෙනම් ඔහුට කවුද වෙඩි තිබ්බේ. මේ ඝාතනයට වරදකරුවන් කවුදැයි අප දැන ගත යුතු” යැයි එම්. ඉලන්ගෝ මහතා කීය.

දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින ඉන්දු ලංකා ධීවර අර්බුදයට පිළියමක් සෙවීමට දෙරටේ ආණ්ඩු කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද එම්. ඉලන්ගෝ තවදුරටත් පැවැසීය. 



අදහස් (3)

ධීවරයාට වෙඩි තැබීමට එරෙහිව ජිනීවා යන්න යයි

siri Wednesday, 08 March 2017 08:45 PM

මේ හැම එකටම ජිනීවා නැතිනම් නින්ද යන්නේ නැහැ වගේ.

:       0       0

Raawana Thursday, 09 March 2017 02:33 AM

තොපි, අපේ මුහුදු සීමාවට ඇතුළු නොවී ඉඳපල්ලා.

:       0       0

SL Thursday, 09 March 2017 02:54 AM

මොනවා වුණත් ජිවිතයක්. හැබැයි මෙම දකුණු ඉන්දියා ධීවරයෝ නිරන්තරයෙන් අපේ මුහුදු සීමාව උල්ලංඝණය කරලා කොටි ගණන් වටින මත්‍ය්සය සම්පත ඒගොල්ලන්ගේ රටට ගෙනියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 302 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site