අල්ලස් හා දුෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම මේ වසරේ සිට 2023 දක්වා කාලයේදී ක්‍රියාවට නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
අල්ලස් හා දුෂණය තුරන් කිරීම සඳහා සියලු රජයේ අයතන හා අනෙකුත් ආයතන සම්බන්ධයෙන් පොදුවේ ක්‍රියාත්මක වන ජාතික සැලස්මක් පැවතීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් දුෂණයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා මෙම සැලැස්ම කැබිනට් අනුමැතියට යොමු කර තිබිණි.
අනතුරුව අදාළ සියලු පාර්ශවයන්ගේ අදහස් යෝජනා සැලකිල්ලට ගනිමින් සකස් කරන ලද මෙම සැලැස්මට අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
(36698)
COMMENTS
දේශපාලකයනගෙන්ම පටන් ගනිමු
කොමිෂන් සභාවලින් හොරුන් යයි ලේබල් වැදුන, ආයෝජකයින්ගෙන් කොමිස් කොටස් ඉල්ලන දේශපාලුවන් ඇමති අගමැති කම්වලින් නොව දේශපාලනයෙන්ම අතුගා දමනු.
හොරු විසින් හොරකම නැති කිරීමට, මැඩලීමට ජාතික සැලසුමට අනුමැතිය දීමත් නරකම නැහැ.
කොමිසමේ ඉන්න ලොක්කෝ කට්ටිය වෙනස් නොකලොත් නම් වැඩක් වෙන්නේ නැහැ.
පූර්වා දර්ශය දේශපාලකයාගෙන් පටන්ගනිමු....... මහජන බදු මුදලින් තීරු බදුරහිතව ලබාගන්නා වාහනය විකුණාගැනීමත් දූෂණයක්
අල්ලස් හා දූෂණය තුරන් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන් ඔය කියන කැබිනෙට්ටුවේම කෙනෙක්ගේ පුතෙක් තමයි අර පාතාල නායක මධුෂ් ඉකුත් වසරක ලංකාවට ආව වෙලාවක ආරක්ෂාව පිට ඔහුව කැන්දාගෙන ගියේ කියල පුවත්පතක තිබුණා. ලංකාවේ හැම ප්‍රශ්නයකම මුල අපේ පාර්ලිමේන්තුවයි.