(ඩයනා උදයංගනී)
රාජ්‍ය සේවකයින් දේශපාලන ලෝකයේ තිබෙන දේශපාලන නාට්‍ය හා දේශපාලන නාඩගම් පිළිබඳ අවධානය යොමු නොකර තමන් විසින් කළ යුතු කාර්යය කැපවීමෙන් ඉටු කළ යුතු යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (26) පැවසීය.
රටේ සංවර්ධනය, ආර්ථිකය යහපත්ව පවත්වාගෙන යාම සඳහා එක් එක් විෂය කේෂත‍්‍ර තුළ කළ යුතු කාර්යයන්හිදී සෑම කෙනෙක්ම ඉහළම කැපවීමකින් ඒ කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (26) පැවති රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ 35 වැනි වාර්ෂික මහා සභාව සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් රට මුහුණ පා තිබෙනගැටලූ සහ ප‍්‍රශ්න අපට පමණක් සීමා වූ ඒවා නොවන බව කී ජනාධිපතිවරයා එම ප‍්‍රශ්න ජයගැනීමට නම් කවුරුත් තම වගකීම් සහ යුතුකම් සැබෑ ලෙසම ඉටුකළ යුතු යැයි ද ප‍්‍රකාශ කළේය.
මෙරට ගුරු සේවයේ නියුතු 3,50,000ක පිරිස අතුරින් සියයට 10ක් පමණ කිසිසේත්ම ඉගැන්වීමේ හැකියාව නැති බව අධ්‍යාපන කේෂත්‍රයේ ප‍්‍රධානීන් පිරිසක් තමා හමුවූ අවස්ථාවේ පැවසූ බව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.
ඔවුන්ට කුමන විෂයක් හෝ බාහිර කි‍්‍රයාකාරකම් භාරදුන්නත් කිසිවක් කරගත නොහැකි බව ඔවුන් පැවසූයේ යැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
-
ජනාධිපතිතුමනි, අපට නම් පේන්නේ සොකරි වගේ...
අප ලක්මවගේ ආදරණීය සාමාන්‍ය පුරවැසියන් හැටියට සහ දුක්මහන්සි වී හරිහම්බ කරගන්න මුදල්වලින් එකතුකරන බදුමුදල්වලින් වැටුප් සහ සියලුම පහසුකම් අනෙකුත් දීමනා ප්‍රධාන වශයෙන් නොමිලේ ලබන මුල් පුරවැසියගෙන් පහත සදහන් ප්‍රශ්නවලට පිළිතුරු බලාපොරොත්තු වන්නෙමු. "මෙරට ගුරු සේවයේ නියුතු 3,50,000ක පිරිස අතුරින් සියයට 10ක් පමණ කිසිසේත්ම ඉගැන්වීමේ හැකියාව නැති බව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප‍්‍රධානීන් පිරිසක් තමා හමුවූ අවස්ථාවේ පැවසූ බව ද" යන්නේ අදහස් වන්නේ කුමක්ද? එසේ පැවසු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප‍්‍රධානීන් පිරිසක් අද ඒයේ එම තනතුරු ලබාගත් අයද? ඔවුනට මේවා මීට පෙර තේරුනේ නැද්ද? ඔවුන් එම තනතුරුවලට සුදුසුද? දියවන්නා ඔයේ 225 න් කින් කීදෙනෙක් (මුල් පුරවැසිය ඇතුළු) එම තනතුරුවලට සුදුසුද? පාසල් ළමුන්ට දියවන්නා ඔයේ මඩවගුරේ බලු පොර කුලල් කා ගැනීම් දැකීම සහ සවන්දීම සුදුසුද?
නාඩගම් රග දක්වන ගමන් නිලධාරින්ට කියනවා එව්වා බලන්න එපා කියලා.
දුක්විඳින ජනතාවට බලන්න ඉතිරිව ඇත්තේ දේශපාලන නාඩගම් පමණයි.
ජනාදිපති තුමනි ඔබතුමාට ගොවිතැන පිළිබද මන අවබෝදයක් ඇතයි සිතමි. නමුත් කලයුතු වැඩ ඔබතුමාගෙන් ඉටුඋනේ නැත. කලට වෙලාවට පොහොර දීමට අපොහොසත් වුනා. පොහොර සහනාදරය නැති කලා. ගොවි විශ්‍රාම වැටුප නැති කලා.. වී මිලදී ගැනීමට සාර්ථක වැඩපිළිවෙලක් කිරීමට අපොහොසත් වුනා. වසා දමනලද ගොඩනැගිල්ලකට කෘෂිකර්ම අමාත්න්සයෙන් කෝටිගණක මුදල් ගෙවුවා. රජය කෙරෙහි ගොවි ජනතාව කලකිරීමෙන් ඉන්නේ. ලස්සන කතාවල් ජනතාවට එපාවෙලා තිබෙන්නේ.
කථාව හොදයි.
දේශපාලුවො ටික නාඩගම් නොපෙන්වා වගකීමෙන් වැඩ කලානම් කාටවත් නාඩගම් බලන්න වෙන්නේ නෑනේ. අනික දේශපාලුවො කොහොමහරි ඒ අයට ඕන ටික කරගන්නවා නිලධාරින් මොනතරම් කියලා දුන්නත් වැඩක් නෑ.
දිලුම් මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් කියවීමේදී කුඩාකල අපගේ ගුරුතුමිය කියාදුන් ඕවදම් ඔබගේත් සියලු ලක්වැසියන්ගේ දැනුමටත් මෙසේ ලිවීමට කැමැත්තෙමු." පුතේ, දුවේ, දේශපාලුව යනු රටේ සම්පත් කාබාසිනියා කරන නුගත් රැලකි." එම ඔවදන් අදටත් මේ මොහොතටත් වලංගුය. අප එම ගුරුතුමියට ඇය විසින් කියාදුන් නිවැරදි කියමන පිලිබදව ස්තුතිවන්ත වන්නෙමු.
නාඩගම් නටන්නේ නැතිනම් කවුරුවත් බලන්නේ නෑ නේද?
මොනවද කියන්නේ මොනවද කරන්නේ කියලා මෙයාවත් දන්නේ නැත. ඒකයි අපිට තිබෙන ලොකුම ප්‍රශ්නය.