(ඬේලිමේල් ඇසුරිනි පරිවර්තනය හර්ෂණ තුෂාර සිල්වා)
ලන්ඩනයේ ගොඩනැගිල්ලක් ඉදිකරන වැඩබිමක තිබී දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කළ බව කියන පුපුරා නොගිය බෝම්බයක් සොයාගෙන ඇත.
මේ බව දැනගත් විගස අදාළ ස්ථානය වෙත ගිනි නිවන රථ දෙකක් සහ ගිනි නිවන හමුදා සාමාජිකයන් 14 දෙනකු යැවීමට බ්‍රිතාන්‍ය පොලිසිය කටයුතු කර තිබිණි.
පොලිසිය පැමිණ බෝම්බයක් ඇති බව පවසමින් නිවෙස්වලින් ඉවත් වන්නැයි පැවැසීමෙන් තමන් බියට පත්වූ බව ප්‍රාදේශවාසීහු පැවැසූහ.ප්‍රදේශයේ නිවසක සාමාන්‍ය මිල බ්‍රිතාන්‍ය පවුම් 850,000ක් වන බව ද වාර්තා වෙයි.
බෝම්බයක් ඇති බව දැනගත් විගස ප්‍රාදේශවාසීන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර තිබූ අතර තවමත් පුපුරා නොගිය බෝම්බ හමුවීමෙන් තමන් භීතියටත් පුදුමයටත් පත් වන බව වැසියෝ පවසති.
බ්‍රිතාන්‍යයේ නගර 16කට වසර 1940 සිට 1941 දක්වා කාලය තුළ ටොන් 100කට වඩා වැඩි අධි පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බ හෙළා ඇතැයි වාර්තා සඳහන් කරයි.
දෙවැනි ලෝක යුද්ධය සමයේදී ලන්ඩනයට 71 වතාවක් ප්‍රහාර එල්ල වී ඇති බව පැවසෙන අතර එක දිගට රාත්‍රී 57 කදී ජර්මානු ගුවන් හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි පැවසේ.
මෙම කාලයේදී ලන්ඩනයේ නිවාස මිලියනකට වැඩි ප්‍රමාණයකට හානි හෝ විනාශ හෝ වූ බව පැවසේ.
මෙම ප්‍රහාරවලින් සිවිල් වැසියන් 40,000කට ආසන්න පිරිසක් මියගොස් ඇති අතර ඔවුන්ගෙන් අඩකට වැඩි පිරිසක් ජීවත්ව ඇත්තේ ලන්ඩනයේය.

2025 දෙසැම්බර් මස 18
637
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙවැනි ලෝක යුද සමයේ බෝම්බයක් ලන්ඩනයෙන් සොයාගනී