(ඩයනා උදයංගනී)

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරය අහිමි වුවහොත් එම තීන්දුව පාර්ලිමේන්තුවේ සිටින තවත් කිහිප දෙනෙකුටම බලපානු ඇතැයි  ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිබව හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරය දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය ලබා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් ඇයට ශ්‍රේෂ්ඨාධිකරණයට ද ඇපෑලක් ඉදිරිපත් කළ හැකි බව ද අමාත්‍යවරයා කීවේය.

එයින් ද ඇයට මන්ත‍්‍රීධූරය දැරිය නොහැකි බවට තීන්දුවක් ලැබුණහොත් පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසිභාවය ඇති තවත් කිහිපදෙනෙකුටම බලපානු ඇතැයි ද ඇමතිවරයා කීවේය.

අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.