(දිලීප් ජයසේකර සහ කේ.පී.සුමනදාස)
සෙවනගල මයුරගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක තරුණයින් දස දෙනෙකු විසින් අවස්ථා කිහිපයකදි අතවරයට ලක් කිරීමේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙලෙස අතවරයට පත්ව ඇත්තේ සෙවනගල මයුරගම පදිංචි 15 හැවිරිදි දැරියකි.මේ හේතුව නිසාම දැරිය සිය පාසැල් ගමනද නතර කර දමා තිබේ.
මෙම දැරියගේ පෙම්වතා බව කියන තරුණයෙකු මෙම දැරිය අවස්ථා කිහිපයකදිම ඇඹිළිපිටිය ප්‍රදේශයේ ලැගුම් හලකට රැගෙන ගොස් අපයෝජනයට ලක් කර පසුව ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුටද පෙම්වතා විසින් මෙම දැරිය හදුන්වා දි තිබේ.
ඒ අනුව පෙම්වතාගේ මිතුරන් පස් දෙනෙකු විසින් මෙම දැරිය රවටා පසුගිය දිනක සෙවනගල ඉදිකොලපැලැස්ස පාළු නිවසකට රැගෙන ගොස් අතවරයට ලක් කර තිබේ.
ඉන් පසු තවත් තරුණයන් සිව් දෙනෙකුද ඊයේ (19) පෙරවරුවේ මෙම දැරිය රවටා ත්‍රි රෝද රථයකින් රැගෙන ගොස් අපයොජනයට ලක් කර තිබේ.
දැරිය ඊයේ (19) තරුණයින් සිව් දෙනෙකු සමග ත්‍රි රෝද රථයකින් යනු ඇයගේ ඥාතියෙකු දැක ඒ බව දැරියගේ මවට පවසා තිබේ.ඒ අනුව මව දැරියගෙන් සිදු කල විමසීමකදී දැරිය මවට සියළු විස්තර පවසා තිබේ.පසුව මව දැරිය සමග සෙවනගල පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.
ඒ අනුව සිදුකල විමර්ෂණ වලදී දැරිය විසින් ලබා දි ඇති තොරතුරු වලට අනුව සෙවනගල ප්‍රදේශයේම පදිංචි තරුණයින් 06 දෙනෙකු සෙවනගල පොලිසිය විසින් 19 දින සවස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් තරුණයන් 06 දෙනා ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධියට සම්බන්ධ බව කියන දැරියගේ පෙම්වතා ඇතුළු තරුණයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා සෙවනගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දැරියක අපයෝජනය කළ 6 ක් අත්අඩංගුවට : තවත් 4ක් සොයා පරීක්ෂණ
Samitha Senaka Aluthgamage. Wednesday, 20 May 2020 09:44 AM
මේ තිරිසනුන්ට දඬුවම් දිය යුතුයි. පෙම්වතාට තරුණිය විවාහ කරදීමට හැකි නම් ඔහුට යස පාඩමකි. අනෙක් එවුන්ටද දැඩි දඬුවම් දිය යුතුය.
Ruhunu Wednesday, 20 May 2020 10:33 AM
ඇයි මේ දැරිය මෙච්චර දේවල් වසන් කරගෙන හිටියේ..?