කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සිව්දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් තිදෙනක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
දයාසිරි ජයසේකර මහතා පඩුවස්නුවරටත්, ධර්මසිරි දසනායක මහතා බිංගිරියටත්, ජයරත්න හේරත් මහතා පොල්ගහවෙලටත්, ලක්ෂ්මන් වෙඩරුව මහතා කුරුණෑගලටත් වන පරිදි ආසන සංවිධායකවරු ලෙස පත් වීම් ලැබුහ.
ගුණදාස දෙහිගම , අනුරාධ සම්පත් හේවගේ, එම්.එස්.එම් ෆාහිම් මහත්වරු නව දිස්ත්‍රික් සංවිධායක ධූරයන් සඳහා පත් වීම් ලබාගත්හ. මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා ද එක්ව සිටියේය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.