(රෝෂන් තුෂාර)

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ තරග මුදලට පාවාදීම යෝජනා කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ යාපනය කිංග්ස් (Jaffna Kings) කණ්ඩායමේ ඉන්දීය ජාතික හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද නියෝග කළේය.

බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ අප නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙක බැගින් නියම කළ අතර රුපියල් පනස් දාහක මුදල් ඇපයක්ද නියම කළේය. සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් සතියේ සෑම සඳුදා දිනකම ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටිය යුතු බවටද නියෝග කළේය.

ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරු ඉන්දියන් ජාතික මංජොට් කල්රා සහ ඊට අධාර අනුබල ලබා දුන් බව කියන යුවරාජ් පුෂ්පා නොමැති සැකකරුවන් මෙසේ හැම මත මුදා හැරීණි.