(යොහාන් භාසුර)

මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ ලබන අගෝස්තු මාසයේ ඉන්ධන මිල සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ.රාජකරුණා මහතා අද (31) පැවසීය.

දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේ අද පස්වරුවේ පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවේදී එහි සභාපති ඩී. ජේ.රාජකරුණා මහතා පැවසීය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414 ක, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 382 ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රුපියල් 495 ක, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 478 ක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285 ක තවදුරටත් පවතින බවත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කීය.