
(ගයාන් සූරිය ආරච්චි)
ගත වූ මාස 9 ක කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අවුරුදු 18 ත් 21 ත් අතර වයස් වල පසු වන තරුණ තරුණියන් 7866 ක් සහ අවුරුදු 14 ත් 18 ත් අතර පසුවන පාසල් සිසුන් 743 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතා පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ බත් අරමුල්ල සුහුරු පාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පිරිස් අතිශය කේදනීය තත්ත්වයක සිටින බවය.
පසුගිය මාස 9 ක කාලය තුළ ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී රුපියල් බිලියන ගණනක් වටිනා අතිවිශාල මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, මේ වන විටත් මෙරට තරුණ පරපුර මත්ද්‍රව්‍ය ග්‍රහණයට හසුවීමේ දැඩි අවදානමක පසුවන බව අනාවරණය වී ඇති බව ද වුට්ලර් මහතා පැවසීය.
ගත වූ මාස 9 ක කාලය තුළ රුපියල් කෝටි 4958 හෙරොයින් කිලෝග්‍රෑම් 2,253 යි ග්‍රෑම් 734 ක්, රුපියල් කෝටි 4225 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,640 යි ග්‍රෑම් 695 ක්, රුපියල් කෝටි 1028 ක් පමණ වටිනා කොකේන් කිලෝග්‍රෑම් 293 යි ග්‍රෑම් 732 ක් සහ මත්පෙති ලක්ෂ 36 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවකි උදය කුමාර වුට්ලර් මහතා කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයන "කළු සල්ලි" නතර කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින්ම තුරන් කිරීම 'රටම එකට' ජාතික මෙහෙයුම්වල ප්‍රධාන අරමුණ බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ තම දරුවන්ගේ කථාබහ, ඇසුරු කරන පිරිස, සහ හැසිරීම් රටාවේ යම් වෙනසක් දුටුවහොත් ඒ පිළිබඳව වහාම අවධානය යොමුකර ප්‍රමාද නොවී ක්‍රියාත්මක වන ලෙසත් "ළමයා කාගේද යන්න වැදගත් නොවන අතර ඕනෑම දරුවෙකු මේ අපරාධයට ගොදුරු විය හැකිය යන සංකල්පය මත පිහිටා, මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ ඉදිරි වැටලීම් සහ මෙහෙයුම් සඳහා සහයෝගය ලබාදෙන ලෙසත් ය්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd