නාලක සංජීව දහනායක
දියවැඩියා රෝගය වැළැක්වීමට උපකාරී වන නව වී ප‍්‍රභේදයක් හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
නිරෝගා නමින් හැඳින්වෙන මෙම වී වර්ගයෙන් සකස් කෙරෙන සහල්වල අඩංගු අවම කාබෝහයිඩ්රේට් නිසාවෙන් රුධිරයේ අඩංගු සීනි ප‍්‍රමාණය අවම කර ගැනීමට හැකිවේ.
දියවැඩියා රෝගය සමස්ත ලෝකයටම බරපතල තර්ජනයක් වී ඇති අතර අප රටේ සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන්ම එක් අයකු දියවැඩියා රෝගයෙන් පෙළෙති. එබැවින් මෙම වී වර්ගය ව්‍යාපාරික මට්ටමින් වගාකර එම සහල් විදේශ රටවලට පවා අපනයන කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් මෙම වී වර්ගය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා ඇත.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දියවැඩියාව වැළැක්වීමට උදව්වන නව වී ප්‍රභේදයක්
ajith Monday, 23 July 2018 09:41 AM
දියවැඩියාව අඩුවන්න නම් බත් සහ පිටි අඩුවෙන් කන්න ඕනෑ... එමෙන්ම ව්‍යායාම අවශ්‍යයි. කොයි වී වර්ගයත් වැඩි වෙනසක් නැහැ. ඕවා බොරු කතා.
RaveendraMonday, 23 July 2018 10:22 AM
අජිත් මයා වෙත, ඔබගේ අදහස් සමග අපද එකග වන්නෙමු. නමුත් එසේ වී වර්ගයක් සොයාගෙන තිබේනම් අප ඒ පිළිබදව අදාළ නිලදරුවන්ට අපගේ සතුට අවංකව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. තවද අපට එකහෙලා බොරුවක් යයි කීමට ඇති සාධක මොනවාද? ඔබගේ ඒ පිළිබදව ඇති දැනුම් සම්බහාරය කුමක්ද? මොන පදනමක් යටතේ ඔබ මෙය මෝඩ කතාවක් ලෙස පවසන්නද? අප හිතනවා එවැනි ප්‍රකාශයක් කිරීම එතරම් යෝග්‍ය නොවන බව. කෙසේ වෙතත් අප නැවත මෙය සොයාගත් සැමටම සුබ පතනවා! අපගේ මම අදහස් වලින් ඔබට යම්කිසි අපහසුතාවයක් ඇතිවුනි නම් අප කණගාටු වන්නෙමු.
MalithTuesday, 24 July 2018 04:29 AM
ඔබතුමා නව සොයා ගැනීම් පිලිබදව අවබෝදය අඩු බව පෙනේ... මෙය GI අගය අවම මට්ටමක පවතින වී ප්‍රබෙද්යකි. මෙම වර්ගය At 311 ලෙස නම් කර ඇත.. රතු බාස්මති ප්‍රබේදයකි... ලංකාවේ ප්‍රථමයෙන් බිහිකල රතු බාස්මති ප්‍රබේදයකි. මෙහි විශේෂ ගුණයක් වනේ. අනික් සහල් වලට සාපේක්ෂව ශරීරයේ සිනි මට්ටම වැඩි නොකට පලිත්ව පවත්වා ගැනීම.
isurandi Monday, 23 July 2018 10:52 AM
අපේ පැරැන්නන් තුන්වේලටම බත් කෑවේ ඇඟපත හොල්ලල වැඩ කරන නිසා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ ඒ ඇත්තන්ට. දැන් ඉන්න අය තුන්වේලටම බත් ගිලලත් රටේ නැති ලෙඩ. මොකද ඇඟක් පතක් හොලවන්න කැමති නැහැනේ.
adiriTuesday, 24 July 2018 03:54 AM
හාල් වල විෂ නිසා
Somipala Monday, 23 July 2018 01:32 PM
මම නම් කන්නේ සම්බා විතරයි.
sameera Monday, 23 July 2018 02:30 PM
වී වර්ග කීපයක් තියනවා පුදුම විදිහට සීනි ප්‍රමාණය අඩුවෙන.... අත්දැකීමෙන් කියන්නේ. මේවා බොරු නොවෙයි.
සතයපාල Monday, 23 July 2018 02:54 PM
සහල් වල අඩංගු ප්රධාන සංඝටකය තමයි කාබෝහයිඩ්රේට් හෙවත් පිෂ්ඨය ඊට අමතරව තන්තු ප්රෝටින හා විටමින් වර්ග ඉතා සුළු ප්රමාණ වලින් තියනවා.මේ පිෂ්ඨය ආහාරයට ගත්විට එය ශරිරයේදී ජීරණය වී ග්ලුකෝස් බවට පත්වෙනවා. රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය ඉහළයාම පාලනය කල නොහැකි වූ විට එය දියවැඩියාව ලෙස හඳුන්වනවා. අද ලෝකයේ ජාන තාක්ෂණය ඉතාම දියණුයි. එමගින් ආහාරවල ගුණාත්මක හා ප්‍රමාණාත්මක වෙනස්කම් කළ හැකියි. ඒ නිසා එමගින් සහල් වල පිෂ්ඨය ප්‍රමාණය අඩුකර තන්තු හා ප්‍රෝටීන ප්‍රමාණය වැඩි කිරීම මගින් දියවැඩියා රෝගීන් සඳහා සුදුසු සහල් වර්ගයක් පහසුවෙන් නිෂ්පාදනය කළ හැකිවන අතර අජිත් මහතා ඕවා බොරු කතා යයි පැවසුවේ කුමණ පදනමකින්දැයි නොවැටහේ...
nalu Monday, 23 July 2018 04:10 PM
මොකක් කෑවත් සීමාවක් ඇතිව අනුභව කරන ප්‍රමාණය පාලනය කලොත් මැනවි. දවසකට අඩුම වශයෙන් සැතපුමක් වේගයෙන් ඇව්දොත්, සතියකට බිත්තර තුනක් කෑවොත්, ශරීර ගත සිනි අඩුවෙනවා, සහතිකයි.
Vilbert Tuesday, 24 July 2018 01:28 AM
අනේ මේවා මොන කතාද? මේ තත්වය යටතේ සමහර සහල් දියවැඩියාවට ගුණයි කියන එක විද්‍යාත්මකව පදනම් රහිතයි. මුන් අැට, පරිප්පු වගේ අාහර වල ප්‍රෝටීන් 40% ඇති අතර කාබෝහයිඩ්‍රේට් ඇත්තේ අඩු ප්‍රමාණයක්. එබැවින් එවැනි අහර දියවැඩියාවට ඉතා හිතකරයි. නිවුඩු සහල් වලත් එතරම් දියවැඩියාවට ගුණයක් නැහැ.