IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


දියණියට අතවර කළ පියා-බාප්පා අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර කිරිම සම්බන්ධයෙන් ඇයගේ පියා සහ බාප්පා  යක්කලමුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම  සිසුවියගේ මව සහ පියා නිත්‍යනුකුලව වෙන්ව ඇති අතර  දැරිය මිත්තණියගේ නිවසේද , ඇයගේ සොහොයුරා ඒ අසලම නිවසක පියා සමඟද ජීවත්ව ඇත.

දැරිය එම නිවසේ සිටින අවස්ථාවේදී දැරියගේ බාප්පා  පැමිණ ඇය අපයෝජනයට ලක් කර ඇති අතර  අනතුරුව පියාද , දැරිය අපයෝජනයට ලක් කර ඇතැයි  ලැබුණු පැමිණිල්ලක් මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

දැරියගේ  ඥාති සහෝදරියකට සිද්ධිය පැවසිමෙන් පසු ඇය ඒ බව දැරියගේ  කොළඹ සිටින මවට පවසා තිබේ.අනතුරුව  මව පැමිණ පොලිසියට පැමිණිලි කර ඇත.

අත් අඩංගුවට ගන්නා ලද පියා , බාප්පා අද (17)ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (12)

දියණියට අතවර කළ පියා-බාප්පා අත්අඩංගුවට

Sanath Kandy Sunday, 17 February 2019 09:27 AM

මේක දැන් වසංගතයක් වගේ. ලෝකේ වෙන කොහෙවත් මේ වගේ තිරිසන් වැඩ කරන මිනිස්සු නෑනේ. කියන්නේනම් ලෝකෙන් උතුම් රට කියලා. මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදුන එකත් පාපයක්.

:       1       258

Nissanka Sunday, 17 February 2019 09:30 AM

මේ මිනිස්සුද? තිරිසන්නුද? තමන්ගේම ලෙයින් ජාතක කරපු දරුවා කෙළෙසන්න තරම් මෘගයෝ ඉන්න රටක් මේක.

:       0       238

මාවිල්මඩ වජිර හිමි Sunday, 17 February 2019 09:35 AM

දවසකට මේ වගේ සිද්ධි දෙක තුනක් වාර්තා වෙනවා. වාර්තා නොවෙන සිද්ධි මොන තරම් ඇතිද? අවුරුදු දෙදහස් දෙසීයක් බුදු බණ අහන මිනිස්සු ඉන්න දේශයක් නේද මේ.

:       0       110

Jayantha Sunday, 17 February 2019 02:20 PM

මේ අය මුස්ලිම්ද?

:       250       115

mf Sunday, 17 February 2019 02:58 PM

මරණ දඬුවම එපා කියන අය මේවට මොකද කියන්නේ.

:       0       110

sumithraMonday, 18 February 2019 02:32 AM

අසරණ දරුවන් පව්... තිරිසන්නු වගේ මෙහෙම තාත්තලා, බාප්පලා අල්ලලා මරන්න ඕන කාලකන්නි... තමන්ගේ ලෙයින් ජාතක වෙච්ච දරුවන්ව කෙලෙසන අය, තිරිසනුන්ට අන්ත අය ගැන දැන් අහන්න දවසකට 3ක් 4ක් තියෙනවා.. බුදුඅම්මෝ!!! දෙවියනේ කාටද මේවා කියන්න තියෙන්නේ...

:       0       0

Nihal Sunday, 17 February 2019 04:29 PM

බටහිර රටවල්වල සාපේක්ෂව ලංකාවේ මේ වගේ තිරිසන් ක්‍රියා අඩුවෙන් සිදුවෙන්නේ. මේ ළඟදී යූ.කේ වල පුවත්පත්වල ෆොටෝ සමගම පලකරලා තිබුණා අම්ම පුතාගෙන් දරුවෙක් බලාපොරොතු වෙනවා කියලා... ලෝකේ අවසන් කාලය ආසන්නයි

:       3       90

leel gunawardena Sunday, 17 February 2019 05:52 PM

මනුස්ස ගුණ ධර්ම නැති මිනිසුන්ට මිනිසුන් කියන්නේ කොහොමද කියල හිතෙනවා. විශාල කල කිරීමක් ඇති වෙනවා මොකද? මටත් දරුවන් ඉන්න නිසා ලංකාව එන්න, එන්නම පිරිහෙනවා.

:       0       13

Nihal Sunday, 17 February 2019 08:14 PM

බටහිර රටක පියා තමන්ගේ පුතුන් දෙදනාටම ලිංගික අපරාධ කරලා දැන් නඩු . තවත් පුද්ගලයෙක් තමන්ගේ ගුවන් සේවිකාවන් වන දියණියන් දෙදනාම දුෂණය කරලා මෙවැනි දිනපතා දුසිම් ගණනින් වාර්තා වෙන්නේ.

:       0       0

Nihal Sunday, 17 February 2019 08:17 PM

මේක නුගත් කමනම් නොවෙයි. ඔය තිරිසනුන් අගේට ඉගෙන ගන්නේ

:       0       8

Perakum Monday, 18 February 2019 06:48 AM

අති උතුම් යයි කියාගන්නා හීන යාන (නොහොත් ථේරවාද) බුදු දහමෙන් පෝෂණය වූ රටක සිදුවන මෙවැනි අමානුෂික ක්‍රියාකාරකම් පිළිබඳව බෞද්ධ ආගමික නායකයින්ගේ අදහස් කවරේදැයි දැනගැනීමට කැමැත්තෙමු. දිනපතා නොකඩවා බණ පිරිත් දෙසීමේ ඵලය කුමක්ද? කාලානුරූපීව නිසි පියවර ගැනීම සඟ පරපුරේ වගකීමයි...

:       0       0

Lankiya Monday, 18 February 2019 07:42 AM

මේ මනුස්සයා දකුණේ... රට කන්නේ මොන ජාතියේ අයද කියලා හොඳට පැහැදිලියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 112 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 955 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2560 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site