IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දඹුල්ලේ සංරක්ෂණ නවතා ඇතැයි ඇමැති කියයි

දඹුල්ල රජමහා විහාරයේ  මේ වනවිට කිසිදු සංරක්ෂණ කටයුත්තක් සිදුනොවන බවත්, සංරක්ෂණ නිළධාරීන් සියල්ලම මේ වන විට එයින් ඉවත්වී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුයේ අද(04දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

දඹුලු ලෙන් විහාර නැරඹීමට පැමිණෙන විදේශිකයන් සඳහා විධිමත් ආකාරයට ප්‍රවේශපත්‍රයක් නිකුත් කර, අවශ්‍ය මුදල් ස්වාමීන්වහන්සේලාට අවශ්‍ය ආකාරයට ලබාදීමටත්, ඉතිරි මුදල් සියල්ලම පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණයට යෙදවීමටත් බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා කීවේය.

කතරගම දේවාල අණපනත් වෙනස් කරමින් දේවාලයේ තනතුරු තමන්ගේ ඥාතීන්ට පැවරූ,  පුරාවස්තු සොරකම් කිරීමට දායක වු ඇතැම් බංකොළොත් දේශපාලනඥයන් පිංකැට කඩන බවට රජයට අසත්‍ය චෝදනා එල්ල කරන බවද අකිල විරාජ් ඇමතිවරයා කීවේය.
 - 333



අදහස් (7)

දඹුල්ලේ සංරක්ෂණ නවතා ඇතැයි ඇමැති කියයි

hewawitharana Tuesday, 04 July 2017 08:49 PM

කතරගම මෙතනට අදාල ගන්න ඕන නැනේ ඒ කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියන එක තමා

:       230       122

nimal rajapaksha Tuesday, 04 July 2017 08:52 PM

මේක හොද , ක්‍රියාවක් මොකද ?මොකද මේ විහාරවලට තිබෙන ආදායම් සමසේ අනෙකුත් විහාර පන්සල් වලට බෙදී යාමක් මෙතුල සිදුවෙනවා ,සමහර පන්සල් තියනවා ,ඉතාම අමාරුවෙන් ගොඩනගන ඒවා ගමේ දායකයන්ගේ දායකත්වයෙන් ,සමහර සුවාමින් වහන්සේලාට දානවේල සොයගන්නෙත් බොහොම අමාරුවෙන් .අන්න ඒ ගැන හිතනකොට මේක කාටවත් විරුද්ද වෙන්න බැරි ක්‍රියාවක් .ඔය කව්රු මොන බන කීවත් ,මේකට ග්‍රාමීය පන්සල්වල වැඩවසන හිමිවරුන්ත සුබ අරන්ච්යක් වේවි ,

:       119       213

mahesh Wednesday, 05 July 2017 03:26 AM

කලින් මිනිස්සුන්ට බැන බැන මෙයා කරන්නෙත් එ්කමනේ . කොහොම වුනත් සඟ සතු දේපල රජයටවත් ගන්න බැහැ....

:       174       273

mohanWednesday, 05 July 2017 06:11 AM

කලින් කලේ මේක නෙමේ. තමන්ගේ නෑදෑයෝ පත් කර ගන්න 1931 හදපු විහාර දේවාලගම් පනත වෙනස් කරපු එක. ඒ පනත අනුව තමා දැන් මේ කටයුතු කරන්නේ. හාමුදුරුවරු මුදල් පරිහරණය කිරීමෙන් තමා මේ ශාසනය විනාශ වුනේ. දඹුල්ල විහාරයේ 2015 දී ලැබුවා කියල පන්සලෙන් කියන ආදායම මිලියන 3 ක් පමණ. එක විදේශිකයෙක් ගෙන් අය කරන මුදල රු.1500 ක්. මේ කියන විදියට මුළු අවුරුද්දටම ඇවිල්ල තියෙන්නේ සංචාරකයෝ 1981 ක්. ඒත් දඹුල්ලට සමහර දවස්වල එක දවසට එනවා සංචාරකයෝ 4000 ක්. කොහොමද සල්ලි ගැහිල්ල?

:       215       210

vipula Wednesday, 05 July 2017 07:09 AM

දැන් ඉතින් හොම්බ බිමටම ඇනගෙන ඉන්නේ . මේ වගේ විෂයන් පරිනත කෙනෙකුට ලබා නොදීමේ විපාකය ආණ්ඩුව වගේම රටත් විදිනවා......

:       0       0

sam Wednesday, 05 July 2017 07:46 AM

මොහාන්, කොහාට සල්ලි ගියහම ඔයාට තියෙන රුදාව මොකක්ද. පල්ලියේ, කෝවිලේ මොස්ක් එකේ සල්ලි යන තැනුත් හොයන්න. මැති ඇමතිලා හදන ගෙවල්, ගන්න වාහන, ළමයින්ට පිටරට ඉගෙනගන්ඩ සල්ලි හම්බ උනේ කොහොමද කියලත් හොයන්ඩ.

:       0       0

nimallalitha Wednesday, 05 July 2017 09:02 AM

මේ නීතිය බෞද්ධ පූජනිය ස්ථාන වලට පමණක්ද? වෙනත් ආගමික පුජනිය ස්ථාන වලට ලැබෙන ආදායම ගැන සොයන්නේ නැද්ද? බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිංහල බෞද්ධ අයිතිය ගැන කතා කිරීම නිසා කරන පළිගැනීමක් නේද? මේ ඇමතිවරු උතුරේ සහ නැගෙනහිර නැතිවෙන බොදු අයිතිය ගැන සහ බොදු විනාශයන් ගැන නොසොයන්නේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 35 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site