(ජයන්ත සමරකෝන් )
උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් හා එහි විපක්ෂ නායක කේ.තවරාසා යන මහත්වරුන් ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් හා ඊපීඩිපි සංවිධානයෙන් ඉවත්වන්නේ නම් ලංකා සමසමාජ පක්ෂයට එක්වීමට අවස්ථාව ඇතැයි එහි නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (10) පැවැසීය.
ඔවුන් බලාපොරොත්තුවන ජාතික ප්‍රතිපත්තියට විසඳුම ඇත්තේ සිය පක්ෂයේ ප්‍රතිපත්ති තුළ පමණක් බවද උතුරේ මහ ඇමැතිවරයා ආචාර්ය ඇන්.ඇම් පෙරේරා , ඩිව් ගුණසේකර හා වාසුදේව නානායක්කාර යන වමේ පක්ෂ නායකයින් සමඟ සමීප ඇසුරක් පවත්වා ඇති බවද මහාචාර්යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තේරෙනවා නේද කොටි සහ කොටින්ට ආවඩන අය කවුද කියලා?
සමීප ඇසුරක් පවත්වන්නැතුව පුළුවන්ද ඉතින් එතුමගේ පුතා වාසුදේවගේ දුව බැඳලා ඉන්නකොට...?
අපේ මෝඩකම් පේනවා නේද? බොරුවට බනිනවා. දැන් ආරාධනා කරනවා.
ඔන්න සමසමාජ කාරයෝ කව්ද කියලා තේරුම් ගන්න වෙලාව. ඉතින් මේගොල්ලෝ සිංගප්පූරු ගිවිසුම යටතේ අතුනුබහන් ලංකාවට නොගෙන්වා සිටියිද? වාසියට ඒවත් ලංකාවට ගෙන්වයි.
මෙයාගේ පක්ෂයේ දැනට සාමාජිකයෝ කී දෙනෙක්ද ඉන්නේ?
කන්න ඕන වුනහම කබරයත් තලගොයා කියලා තමයි මේගොල්ලෝ කියනවා ඇත්තේ. මේකද මේ කට්ටියගේ වාමාංශික දේශපාලනය?
මෙන්න සමසමාජ කාරයෝ. ජේවීපියට දෙවෙනි නැත.
පිටිපස්සෙන් ඉඳන් මෙයාලව නටවන්නේ කවුද කියල දැන්වත් තේරුම් ගමු. පහුගිය කාලේ එජාප, ජවිපෙ ඇතුලේ ප්‍රශ්න ඇති කරලා ඒ පක්ෂ කඩපු අයම තමා මේ ගේම දෙන්නේ. විග්නේශ්වරන් කෙලින්ම පොහොට්ටුවට ගත්තොත් සිංහල චන්ද වලට බලපෑමක් වෙයි කියල තමා වමේ වලිගය ඉස්සරහට දාල තියෙන්නේ.