IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දුම්රිය මගීන්ට නොමිලයේ යන්න දීම ගැන විමර්ශනයක්

(විනීතා එම් ගමගේ)

 ඇදිරි නීතිය ලිහිල් කළ මුල්ම අවස්ථාවේ ප‍්‍රවේශ පත් නිකුත් නොකර මගීන්ට නොමිලයේ දුම්රියෙන් ගමන් කිරීමට ඉඩ දුන්නේ කෙසේ ද යන් පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ  කර  තිබේ.
 
එම සිද්ධිය පිළිබදව මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය සාමාන්‍යධිකාරිවරයාගෙන් කළ විමසීමක දී සාමාන්‍යධිකාරිවරයා මේ බව අමාත්‍යවරයා වෙත පවසා ඇත.
 
රජය විසින් විශාල මුදලක් වැය කර නඩත්තු කරන දුම්රිය සේවාව මහජන විශ්වාසනීයත්වය ගොඩ නගා ගනිමින් ප‍්‍රවර්ධනය කිරීම දුම්රිය දෙපාරේතමේන්තුවේ සියලූ දෙනාගේ වගකීමක් බව එහි දී අමාත්‍යවරයා පෙන්වා දුන් බව අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට  පැවැසීය.
 
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ දී පෙරේදා (26) මගීන් පිරිසක් කළහකාරි ලෙස හැසිරීමේ සිද්ධිය පිළිබදව විමර්ශනයක් කරන්නැයි ද මගී අමරවීර මහතා දුම්රිය සාමාන්‍යධිකාරිවරයාට අද (27) උපදෙස් දුන්නේය.
එම සිද්ධිය පිළිබදව දුම්රිය සාමාන්‍යධිකාරිවරයාගෙන් අමාත්‍යවරයා අද (27) කරුණු විමසීමෙන් පසු මෙසේ උපදෙස් දුන් බව ද එම නිලධාරියා  පැවැසීය.
 
රාජ්‍ය සේවකයින් ප‍්‍රවේශපත‍්‍ර නැතිව දුම්රියෙන් යාමට තැත්කිරීමක දී ඊට ඉඩ නොදීමෙන් එම තත්ත්වය ඇතිවීයැයි තමන් වෙත වාර්තා වි ඇති බව එහි දි දුම්රිය සාමාන්‍යධිකාරිවරයා පැවැසූ බවත් රාජකාරියට වාර්තා කරන කිසිදු රාජ්‍ය සේවකයෙක් එසේ හොරෙන් හෝ බලහත්කාරයෙන් යාමට උත්සාහ දරන්නේ යැයි කීම තමන් කිසිසේත්ම පිළිනොගන්නා බව එහි දී අමාත්‍යවරයා අවධාරණය කළ බවත් එම නිලධාරියා කීය.
 
කෙසේ වෙතත් සිද්ධිය  පිළිබද විමසා තමන්ට තොරතුරු වාර්තා කරන්නැයි අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යධිකාරිවරයාට උපදෙස් දුන් බව ද හෙතෙම කියා සිටියේය.
 
දුම්රියේ ගමන් කරන වැඩ කරන ජනතාව ආසන වෙන් කර ගතයුතු බවට කළ දැන්වීමෙන් පසු මගීන් 18800 ක් ලියාපදිංචි වී ඇතැයි ද 26 වැනිදා පැමිණ සිටියේ 16282 ක් පමණකැයි ද කී ඔහු ආසන වෙන් කර ගත්ත ද දුම්රියෙන් යාමට නොපැමිණෙන පිරිසගේ ආසන ප‍්‍රවේශපත‍්‍රයක් ලබාගෙන ගමන් කරන ආසන වෙන් කරනොගත් අයට ලබා දෙන්නැයි අමාත්‍යවරයා උපදෙස් දුන් බව ද පැවැසීය. 
 



අදහස් (3)

දුම්රිය මගීන්ට නොමිලයේ යන්න දීම ගැන විමර්ශනයක්

magiya Wednesday, 27 May 2020 11:15 AM

අව්ලක් වගේ නේද?

:       0       5

විපරමා Wednesday, 27 May 2020 11:37 AM

මෝඩ ඇමති කෙනෙක්ගෙන් ඇති වැඩක් නැහැ. හැම දේකටම මාධ්‍ය නිවේදන නම් නිකුත් කරනවා....

:       1       42

de silva Wednesday, 27 May 2020 01:31 PM

ප්‍රවේශපත් නැතුව ගිය පුද්ගලයන්ට එහෙම කරන්න ඉඩ දුන් නිලධාරීන්ට අභ්‍යන්තර විනය පරීක්ෂණයක් කරලා එම සිද්ධිය දෙපාර්තමේන්තුව ඉවරයක් කරන්නේ නැතුව දුම්රිය දෙපාර්තමේන්තුවේ නොහැකියාව පත්තරේ දමනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site