(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දෙමාපියන්ට එපා වූ දරුවෙකු දින තුනක් දඹුල්ල බස් නැවතුම්පොලේ සිටියදී දඹුල්ල පොලිසිය සොයාගෙන රැකවරණය ලබා දුන් පුවතක් 16 දින පස්වරුවේ වාර්තා විය.
දින තුනක පමණ කාලයක් වයස අවුරුදු 12ත් 15ත් අතර වයසක පසුවන කුඩා පිරිමි දරුවෙකු දඹුල්ල බස් නැවතුම්පොලේ තනිව සිටින බවත් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට පෞද්ගලික දුරකථනයට තොරතුරක් ලැබී තිබිණි.
ඒ අනුව දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් නගරයට ගොස් එම ස්ථානයේ සිටි දරුවා පොලිසිය වෙත රැගෙන එන්නට වූහ.
දඹුල්ල බස් නැවතුම්පොළ පිටුපස සිටි තරුණයන් පිරිසක් මෙම දරුවා ආරක්ෂා කරගෙන ආහාර පාන එදින ලබාදී පොලිසිය පැමිණෙන තුරු රැක බලාගෙන සිටීම තවත් විශේෂ කරුණකි.
මෙම දරුවාගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ පාසල් නොයවා සිටි මෙම දරුවා අවස්ථා කිහිපයකදීම ළමා නිවාස වලට සහ පන්සල් වලට දෙමව්පියන් විසින් රැගෙන ගොස් දමා තිබුණු බවය. එමෙන්ම දරුවාගෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කළ විමසීම්වලදී කියා සිටියේ තම පියා මවට සහ තමන්ට පහර දී නිවසින් පන්නා දමන බවය. අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහි වී සිටින පියා ගෙන් බේරීම සඳහා තමන් නිවසෙන් පිටව ගිය බව සඳහන් කළේය.
මෙම පිරිමි දරුවා ඇඳ සිටි ඉරී ගිය ඇඳුම් කිහිපය ඉවත්කොට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සිය පෞද්ගලික ධනයෙන් මෙම දරුවාට ඇඳුම් පැළඳුම් මිලදීගෙන ලබාදීම විශේෂත්වයකි. දරුවාගේ එකම ඉල්ලීම බවට පත්වූයේ පන්සලකට හෝ ළමා නිවාසෙකට ගොස් ජීවත්වීමට කැමැත්තක් ඇති බව සඳහන් කළේය.
මෙම දරුවන්ගේ දෙමව්පියන් පොලීසියට කැඳවා වුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කොට අධිකරණයට කරුණු වාර්තා කොට මෙම දරුවාගේ ආරක්ෂාව පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.


COMMENTS
මෙන්න නියම පුරවැසියෝ ඔබලවගේ හදවතේ තෙතමනයක් ඇති මින්සත් බව හඳුනන යුගපුරෂයින් රටකට අභිමානයක්. ඔය බොරු මාන්නෙට ලෝකෙට පෙනෙන්න පින් කරනවා කියල සංදර්ශන කාරයින්ට වඩා මේවා කොතරම් උතුම්ද , ඔබට මගේ ගෞරවය.
මමත් බෞද්ධයෙක් තමයි ඒත් නිර්මල බුදු දහම පවතිනවයි කියන රටක මෙහෙම දේවල් වෙනවද?
සඳවට රන් තරු කැකුළු පිපේවා!!! පියෙකුට පුතෙකුගේ අගය දැනේවා!!!
පොලිසියේ මනුස්සයෝත් ඉන්නවා.
මේ වගේ නිව්ස්වල දරුවාගේ මුහුණ පේන්න දාන්න හොඳ නැහැ.
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද... දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත...
දඹුල්ල පොලිසියේ කොහොමත් මනුස්සකම් දන්නා අය ගොඩක් ඉන්නවා. ලංකාවෙන්ම කතන්දර අඩුම පොලිසියක් කිව්වොත් මම නිවැරදියි. දරුණු ප්‍රශ්නයකදී ඉතා ඉක්මණින් විසඳුම් හොයාගන්නකන් නින්ද යන්නැති නිලධාරීන් කිහිප දෙනෙක්ම මෙහි සේවය කරනවා.
මට මේ දරුවා නීතිය මාර්ගයෙන් මට ලබාදෙන්න. ලංකාදීප කාර්යාලයට පුළුවන් මේදේ කරන්න. මේ වෙලාවේ මා විදේශගතව ඉන්නේ දෙමව්පියන් බැලීමටත්, දෙමව්පියන් දරුවා බැලීමටත් සම්පුර්ණ තහනම් මා බාරගත් පසු දරුවට උසස්, අධ්‍යාපනයත් දෙනවා. කිසිම අඩුවක් නැතිව සලකනවා..
දැන් මොකද මේ චතුරි මහත්මියගේ කාරුණික මැදිහත් වීමට මෙච්චර ඩිස්ලයික් ගොඩක්. මේ දරුවා පාරේ ජීවත් වී පාතාල නායකයෙක් වෙනවාට කැමති උදවිය වෙන්න ඇති. මේ රට කොහෙට යනවාද මට තේරෙන්නේ නැහැ . දරුවන් අනාත කරනවා මදිවාට ඔවුන්ට කාරුණික අනුග්‍රහයක් දක්වන්න ලැස්ති උදවිය එයින් වලක්වන රටක්.
සම්පත් කුමාර මහතා හොද පොලිස් නිලධාරියෙක් ලෙසින් ඇගයීමට මෙම සිදුවීම වැදගත්ය.
දඹුල්ල පොලිසියේ මහත්වරුනි, ඔබලා සියලුදෙනාට මාගේ ප්‍රණාමය...!!!