IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දුමින්දගේ අභියාචන පෙත්සමේ තීන්දුව කල් යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)


හිටපු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය දුන් නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (25) කල් තබන ලදී.


මේ පෙත්සම සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී මේ සම්බන්ධයෙන් ඇති ලිඛිත දේශන ලබන මස 10 වැනිදා ගොනු කරන ලෙස පැමිණිලි පාර්ශවයට හා වගඋත්තරකාර පාර්ශවයට නියම කළ විනිසුරු මඩුල්ල තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම කල් තබන ලදී.


අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්,  බුවනෙක අළුවිහාරේ,  නලීන් පෙරේරා,  ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග කෙරිණි.


මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම විභාග කල අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇතු`ථ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරුන් වන සාලිය පිරීස්, අනුජ පේ‍්‍රමරත්න, අනිල් සිල්වා මහත්වරුන් පැවැත්වු දීර්ඝ වශ්‍යයෙන් දේශණය පැවැත්වුහ.


මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ත‍්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ තීන්දුව නිවැරදි බවට කරුණු ඉදිරිපත් කළේය.


මේ සම්බන්ධයෙන් දින ගණනාවක් පුරා පැවැති දීර්ඝ කරුණු දැක්වීම් අවසානයේදී මෙහි තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියම  කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශවයටම නියම කළේය.

 



අදහස් (3)

දුමින්දගේ අභියාචන පෙත්සමේ තීන්දුව කල් යයි

සතයපාල Wednesday, 25 July 2018 12:44 PM

කොළොන්නාව ආසනයේ මේ දිනවල පවතින සාමකාමී හා සුද්දර පරිසරය (යම්තාක් දුරකට) ආරක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉවහල් වනු ඇතැයි අපේ පැතුමයි.

:       15       513

චමරි Wednesday, 25 July 2018 12:51 PM

මෙයාගෙන් පටන්ගමු එල්ලුම් ගහ...

:       51       616

පිටිගල මිලානෝ Wednesday, 25 July 2018 02:00 PM

2020 අරයා අාවොත් මෙයාව එක රැයින් සිංගප්පූරුවට යවයි ගියපාර කළා වගේ...

:       22       478

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 283 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 410 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site