හර්ෂණ තුෂාර සිල්වා
‘දින 100’ ගැන සඳුඳාට කියන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අරලිය ගහ මන්දිරයේදී අද (1) පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ නව ජන සන්නිවේදන ඒකකය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඒ බව කීය.
මෙහිදි හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයේ නව මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශක ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලැබීය.
පත්වීම් ලිපිය ලබාදෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.
“එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශක සහ පක්ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා. ඔහු ඊට සුදුසුකම් තිබෙන පුද්ගලයෙක්. ඔහු කළ කැපවීම නිසා අපිට ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර මැතිවරණය ජයග්‍රහණය කිරීමට ලැබුණා. පාර්ලිමේන්තු ඡන්දේ දිනලා ආණ්ඩුවක් හදන්න ලැබුණේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා නිසයි. ඒ නිසා රටේ මාධ්‍ය සමඟ ජන සන්නිවේදන අංශ සමඟ වැඩ කිරීම අපි ඔහුට පවරා තිබෙනවා. ඒ කටයුතු ඔහු කරගෙන යනවා”.
“අන්තිමට සත්‍යය තමයි ජයගන්නේ” යැයි ද අග්‍රාමාත්‍යවරයා පත්වීම් ලිපිය අමාත්‍යවරයාට ලබාදෙමින් සිනා මුසු මුහුණින් යුතුව පැවැසීය.
මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ කීවේය.
“එක්සත් ජාතික පක්ෂය මාධ්‍යය අංශයේ වෙනසක් කිරීමට අපි සැලසුම් කර තිබුණා. ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවෘත්ති රැගෙන යෑමේ අඩුපාඩුවක් තිබුණා. අපි සඳුඳට මේ වැඩසටහන ආරම්භ කරනවා. අපේ සන්නිවේදන දුර්වලතා මග හරිමින් අපි නව මාධ්‍යය ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. ලබන සඳුඳා සිරිකොතෙන් මේක ආරම්භ කරනවා. එක්සත් ජාතික පක්ෂයට සත්‍යය තරමක් යටවෙලා තිබෙනවා කියලා අපි හිතනවා. ඒ නිසා ‘සත්‍යය’ මෙහි තේමාව වී තිබෙනවා. සත්‍යය කීම අපේ වගකීමක්. සත්‍යය ජනතාවට ගෙන යෑම ඔබේ යුතුකමක්. සත්‍යය තේරුම් ගැනීම ජනතාවගේ අයිතියක්.
අපි ඇත්ත කියන්න දැනගන්න ඕනේ. ඇත්ත ජනතාවට ගෙන යන්න ඔබ දැනගන්න ඕනේ. එය ඔබේ යුතුකමක්. ඇත්ත තේරුම් ගැනීම ජනතාව බුද්ධියෙන් කළ යුතු දෙයක්. ඒ නිසා සත්‍යය කියන වැඩසටහනත් එක්ක පරක්කු වෙලා හරි කමක් නෑ අන්තිම අවුරුදු දෙකේදී අපි සත්‍යය සමඟ ඉදිරියට පැමිණෙනවා.
ඡායාරූප ඉෂාන් සංජීව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙගොල්ලම එකතු වෙලා අනාගත්තා කියලා තමයි කියන්න වෙන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ නායකයකු වන හරීන්ට පක්ෂයේ මාධ්‍ය වගකීම ලබාදී තිබේ. හරීන්ගේ වගකීම හරීන් හරියට කරාවි යන විස්වාසය මත වෙනත් අය සිටියදීත් නායකතුමා විසින් පක්ෂයේ ප්‍රචාරක කටයුතු හරීන්ට පවරාදි තිබේ. ජන මාධ්‍ය සමග සමීප සබඳතාවක් ගොඩනගා ගැනීමෙන් හරීන්ගේ රාජකාරිය පහසු වනු ඇත. දින 100 ගැන සඳුදා කියනවාට වඩා නොකියා සිටිනවානම් වටිනේය. දින 100 කතාව දැන් පරණ කතාවකි. එම වැඩසටහනට දැන් වසර දෙකකට වඩා ඉක්ම ගොසින් තිබේ. දින 100 වැඩ සටහන පටන් ගැනීමේදී ප්‍රසිද්දියේ එය ඉහලින් අගය කරන්නටත් වසර දෙකකට පසු රටටම ප්‍රසිද්දියේ එය විවේචනය කරන්නටත් සිදුවීම ගැන විවේචනය කල අයම දැන් කණගාටුවනවා ඇත. ලංකාවේ බුද්දිමත් ජනතාව එම විවේචනය කෙසේවත් ගණන් ගන්නේ නැත. එයට හේතුවනම් දින 100 වැඩ සටහන පටන් ගැනීමේදී ප්‍රසිද්දියේ එය ඉහලින්ම අගය කල අයම ඔවුන්ගේම මුවින් මෙය හොඳ නැත කීමට වසර දෙකකට වඩා කල් ගත්තේ මන්ද කියා ජනතාවටත් ප්‍රශ්නයකි . කෙසේ වෙතත් දින 100 වැඩසටහන විවේචනය කිරීම සම්බන්දව එක්සත් ජාතික පක්ෂයේ කව්රුන් හෝ පිළිතුරු නොදී සිටීම හොදම සහ කාලෝචිත පිලිතුරවේ.
නටපු තොවිලෙකුත් නැත. බෙරේ පලුවකුත් නැත.
අශ්වයා පැනලා ගියාට පසුව ඉස්තාලයේ දොර අබලන් බව කියලා වැඩක් නැහැ. දැන්වත් මේ රටේ දුක්විඳින දිළින්දන් ගැන සොයා බලන්න.
දින 100 ගැන කතාකරල වැඩක් තියෙනවද?
අර 118 දෙනා ගැනත් ඇත්ත දැනගන්න පුලුවන් වෙයිද?