සුමතිපාල දීයගහගේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වාහන 80-90 ත් අතර සංඛ්‍යාවක් දිනපතා කාර්මික දෝෂවලට ලක්වන බව පවසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු සහ මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයට වාහනයක් ඇතුළු කිරීමට පෙර වාහනයේ ඉන්ධන වතුර බැටරි ටයර් තිරිංග සහ පහන් ආදියේ තත්වය පරික්ෂාකර බලා රථය දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කරන මෙන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
වාහනවල කාර්මික දෝෂ නිසා අතර මග නවතන මෙම වාහන හේතුවෙන් අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බවද ඒ මහතා පවසයි.
මේ පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කළ ඕපනායක මහතා මෙසේද කීය.
පාසල් නිවාඩු නිසා මේ දිනවල දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිනකට වාහන හැත්තෑ දහසත් අසූ දහසත් අතර ප්‍රමාණයක් ධාවනය වෙනවා. මෙම වාහන අතර කාර්මික දෝෂ සහිත වාහනද ධාවනය වෙනවා. එවැනි වාහන අනූවක් පමණ දිනපතා කාර්මික දෝෂවලට ලක්ව පාරේ නවතා තබනවා. මෙය ඉතාම අනතුරුදායක තත්වයක්. ඒ නිසා වාහනයක් අධිවේගී මාර්ගයට ඇතුළු කිරිමට පෙර ඒවායේ ටයර් බැටරි වතුර තිරිංග ආදිය පරික්ෂා කර බලන්න.
මෙවැනි අඩුපාඩු සහිත වාහන අධිවේගී මාර්ගයට ඇතුළු කිරිම නිසා සෙසු රියදුරන්ද අපහසුවට පත් වෙනවා. විශේෂයෙන්ම කාර්මික දෝෂයකට ලක්වු වාහන හැකි තරම් අයින්කර නවතා තබන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා යයි ද ඕපනායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට වාහන ගෙන්වන විට ගසන අධික බද්ධ නිසා මිනිස්සු පරණ විෂදුම් පිට කරන වාහන භාවිත කරන්න පෙලබිලා, එම වාහන කාර්මික දෝෂ නිසා මග නතර වෙනවා , කොළඹ වාහන තද බදයට එක හේතුවක් ගාට ගාට යන නිතර නිතර මග නවතින පරණ වාහන. ඒවා මග කැඩුනහම වාහනෙන් බැහැල පාරේ යන මනුස්සයෙක් දෙන්නෙක් කතාකරගෙන තල්ලු කරලා දමාගන්න විනාඩි 5 කට වැඩිය කාලයක් ගතවෙනවා. උදේ හවස කාර්යාල වෙලාවට මෙහෙම වාහන එකක් දෙකක්ක මග නතර වුනහම ට්‍රැෆික් එක නිකන්ම නිර්මාණය වෙනවා.
වැඩේ නතර කරන්න හරිම ලෙහෙසියි. කාර්මික දෝෂය අනුව දඩ මුදල් එවෙලේම අයකිරීම. වාහන බලපත්‍රය කොච්චර කල් වෙනවද? දුම් පරීක්ෂණයෙන් සම්මත්වී කොපමණ කල්ද?
ලංකාවේ ධාවනය වෙන වාහන බොහොමයක් කාර්මික අතින් ප්‍රමිතියකින් තොර ඒවා. වාණිජ වාහන වලට කාර්මික ප්‍රමිති පරික්ෂාවක කලත් එතන දූෂණය තියෙන නිසා අල්ලස් දීල අබලන් වාහන වලටත් ප්‍රමිති සහතික ගන්නවා. සාමාන්‍ය වාහන වලට දුම් පරික්ෂාව ඇරෙන්න ටයර්, විදුලි ආලෝක පද්දති, සංඥා ආලෝක පද්ධති, තිරිංග පද්ධති එහෙම කවදාවත් පරික්ෂා කරන්න නීතිගත ක්‍රමවේදයක් රටේ තාම නැහැ. ඉතින් අධි වේගී මාර්ග වල වේගයෙන් ගමන් ගන්න තරම් සුදුසු ප්‍රමිතියකින් බොහෝ වාහන නැහැ.
දැන් කියයි අධිවේගී පාරේ දෝෂ නිසා වාහන මගනවතිනවා මේකට මහින්ද මහතා වගකියන්න ඕනේ කියලා
බදු ගහන තරමට සාමාන්‍ය මනුස්සුයෙකුට අලුත් වාහනයක් ගන්න පුලුවන්ද. පරණ වාහන වැඩි වෙනකොට මග නවතින එකත් වැඩි වෙනවා.
වාහනයක් මොන වෙලාවේ කාර්මික දෝෂයක් ගෙන දෙයිද කියන්න බැහැ..... වෙඩිපුරම අධි වේගයේ නතර වෙන්නේ ඔය අලුත් වාහන එකට නිශ්චිත හේතු කියන්න බැහැ....... එත් කෙටි දුර ධාවනයවන වාහන එකවරම දිගු දුර ධාවනය වෙද්දී යම් යම් දෝෂ ඇති වෙන්න පුළුවන් කොහොම උනත් මේවා සාමාන්‍ය දේවල්..... මොබිලේ යුනිට් එකක් හදන්න මේවා එතනදීම අලුත් වැඩියා කරලා සාදාරණ ගනණක් ගන්න මේකට අවශ්‍ය තරුණයන් වෘත්තීය පුහුණු ආයතනවල ඉන්නවා