කුෂාන් ජයවර්ධන
ඓතිහාසික විජිතපුර දුටුගැමුණු අරණ්‍ය සේනාසන භූමියේ පිහිටි පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් කඳුවැටිය ආශ්‍රිතව බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන සිදුකර ඇති හෙලි පෙහෙලි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒකාබද්ධ ආයතනික පරීක්ෂාවක් අද (04) පැවැත්විණ.
එහි සිදුවන කැණීම් හා සංවර්ධන කටයුතු වහා අත්හිටුවන ලෙස අදාළ හිමිනමට විමර්ශන කණ්ඩායම මගින් නියෝග කෙරිණ. අදාල මාර්ග කැණීම සඳහා තමන් පුරාවිද්‍යා නිලධාරීන්ගේ අනුමැතිය ගෙන ඇති බව අදාළ හිමි නම පැවැසුවද විමර්ශන නිලධාරීන්ට ඉදිරිපත් කර ඇත්තේ වෙනත් මාර්ගයක් කැණීම සඳහා 2011දී ලබා ගත් පුරා විද්‍යා නිර්දේශයකි.
ඉපලෝගම වැඩබලන ප්‍රාදේශීය ලේකම් ස්වර්ණා එදිරිසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණය පැවැත්විණ.
ඉපලෝගම වැඩබලන ප්‍රාදේශීය ලේකම් ස්වර්ණා එදිරිසිංහ මහත්මිය අප කළ විමසීමකදී මෙසේ කීය.
‘‘අදාල කටයුත්ත සිදුකර ඇත්තේ සේනාසනයට පිවිසීමට මාර්ගයක් කැපීම සඳහා බව හිමිනම පවසනවා. එම ස්ථානයට වෙත පිවිසීමට මාර්ග දෙකක් තියෙනවා.එක් මාර්ගයක් වාහන ගමන් කළ හැකි එකක්.
කැනීම සඳහා නීත්‍යාණුකූල නිසි අවසරයන් ලබා ගෙන නොමැති බව සිදුකළ පරීක්ෂණයේදී අනාවරණය වුණා. ඒ අනුව පරීක්ෂණ අවසන් වනතෙක් එහි සිදු කෙරෙන සංවර්ධන හා කැනීම් කටයුතු වහා අත්හිටුවීමට අදාළ හිමිනමට වාචිකව හා ලිඛිතව උපදෙස් ලබා දුන්නා.‘‘






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් දෙකක්ම තිබියදීත්, තවත් පාරක් කුමකටද ? මේ හිමි නමගේ හැසිරීම ඉතාමත්ම සැක සහිතයි. මේ සම්බන්ධව සඟ සමාජය සහ වගකිවයුත්තන් ගොළුවත රැකීම ගැන අපහට ඇත්තේ පුදුමයක්.
දුටුගැමුණු රජතුමා සම්බන්ධ සිද්ධියක් නම් අනීවාර්යයෙන්ම අර කැලණියේ ආචාර්ය වරයා සම්බන්ධ කරගන්න ඕනා, එ්මොකෝ එයා කියන්නේ තමන් දුටුගැමුණු අවතාරය කියාලානේ.