අංජුල මහික වීරරත්න වියට්නාමයේ හැනොයි නුවර සිට
දකුණු කොරියාව කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ තොරතුරු තාක්‍ෂණය සම්බන්ධ යෝධ පියවර ඉදිරියට තබා ඇති බැවින්, ඒ තාක්‍ෂණය හා අත්දැකීම් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් සමඟ බෙදා හදා ගැනීමට කැමැත්තෙන් සිටින බව දකුණු කොරියානු විදේශ ඇමැතිනී කං ක්‍යුං මහත්මිය පැවසුවා ය.
හැනොයි නුවර මැරියට් හෝටලයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් කං ක්‍යුං වා මහත්මිය වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකා - දකුණු කොරියා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සාකච්ඡා වාරයන්හිදීත් මේ පිළිබඳව ප්‍රමුඛස්ථානයක් ලබා දීම ඉතා වැදගත් බවය.
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු කර්මාන්ත කලාපයක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේ මෙවැනි කර්මාන්ත කලාපයක් ඔස්සේ දෙරටටම ප්‍රතිලාභ අත්පත් කර ගැනීමේ මාර්ගයන් ගණනාවක් අලූතින් විවර වන බවයි.
ඉන්දීය සාගර කලාපයීය සාමය හා නිදහස් නාවුක ගමනාගමනය සුරක්‍ෂිත කරලීම උදෙසා ශ්‍රී ලංකාවේ වෑයම අගය කළ විදේශ අමාත්‍යතුමිය සියළු ගැටළු සාකච්ඡාවෙන් සාමකාමීව විසඳා ගැනීමේ මාවත හැමවිටම තමන් අනුගමනය කරන බව අවධාරණය කළාය.
කොරියානු කලාපයීය සාමය ස්ථාවර කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.
කොරියානු විදේශ අමාත්‍යංශයේ දකුණු ආසියා සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂිකා ජෙනරාල් කිම් ඌන් යොං, වියට්නාමයේ දකුණු කොරියානු තානාපති කින් දො හයොන්, උපදේශක කිම් සං හූන් දකුණු කොරියාව නියෝජනය කරමින් ද, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්තා දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද මේ අවස්ථාවට එක් වූහ.
2025 දෙසැම්බර් මස 18
131
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘දකුණූ කොරියාවේ තාක්ෂණය ආසියානු රටවල් සමඟ බෙදා ගන්නවා’
Raveendra Friday, 14 September 2018 04:07 AM
" නංගියේ " පොඩ්ඩක් අමතක වුනා කියන්න, නංගිලාගේ බැංකු එහෙම සුද්ද කරන්න ඕනෙනම් එහෙමත් නැත්නම් බිමටම සමතලා කරලා දාන්න ඕනේ නම් අපි ඒ කොන්ත්‍රාත් බාර ගන්නවා.පළපුරුද්ද ගැන සැකයක් තියාගන්න එපා..... අවශ්‍ය නම් ලංකාවේ බැංකුවලින් අහල බලන්නකෝ අපි ගැන .....