IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ විනිසුරුවරු සිටීනම් අත්අඩංගුවට ගන්න

(මනෝප‍්‍රිය ගුණසේකර)
 ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධකම් පවත්වන අධිකරණ විනිසුරුවරු සිටී නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන්නැයි ත‍්‍රස්ත විරෝධී ජාතික එකමුතුව අද (07) අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කළේය.
 
ත‍්‍රස්ත විරෝධී ජාතික එකමුතුවේ සංවිධායක පුජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් අද අධිකරණ සේවා කොමිසමට වැඩම කොට අදාළ ඉල්ලීම ලිඛිතව කොමිසමට බාර දුන්හ.
 
බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අසාත් සාලි මහතා පසුගියදා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කරමින් ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධව විනිසුරුවරු සිටින බවට ප‍්‍රසිද්ධ  ප‍්‍රකාශයක් සිදුකළ බව පෙන්වා දෙන එම එකමුතුව ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ විනිසුරුවරු අධිකරණ රාජකාරියේ නිරත වන්නේ නම් එය ඉතා බරපතල තත්වයක් බවද ලිපියේ සදහන් කොට ඇත.
 
එහෙයින් එවැනි විනිසුරුවරුන් වහාම අත්අඩංගුවට ගෙන නීතීය ක‍්‍රියාත්මක කරන්නැයි ත‍්‍රස්ත විරෝධී ජාතික එකමුතුව අධිකරණ සේවා කොමිෂමෙන් ඉල්ලීමක්ද කොට ඇත.



අදහස් (5)

තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ විනිසුරුවරු සිටීනම් අත්අඩංගුවට ගන්න

sandy123 Tuesday, 07 May 2019 10:52 AM

කඩි ගුල ඇවිස්සේ. බලමු අධිකරණ සේවා කොමිසමේ සහ සම්බන්ධ අයගේ ක්‍රියා කලාපය.

:       0       120

SARATH SILVA Tuesday, 07 May 2019 11:31 AM

ඇයි මේ සංවිධානයට සම්බන්ධ දේශපාලුවෝ අත් අඩංගුවට ගන්නේ නැතිද?

:       0       113

සේන Tuesday, 07 May 2019 01:17 PM

අනේ මන්දා. මේ වෛරසය පැතිරුණු නැති තැනක් නෑ.

:       0       86

රසික Tuesday, 07 May 2019 02:12 PM

මේවා නම් බොරු වැඩ. අධිකරණ සේවා කොමිසමට කවුරුත් අත්අඩංගුවට ගන්න බැහැ. පොලිසියටයි පැමිණිලි කල යුත්තේ.

:       24       13

Bandara Tuesday, 07 May 2019 11:15 PM

දැන්නම් ප්‍රමාද වැඩී කියලා හිතෙනවා... මුන් හැමතැනම රිංගනවා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 688 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site