IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තෙල් මිල වැඩිවීම ගැන වාසුදේව රජයට චෝදනා කරයි

සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
 
තෙල් මිල වැඩිවුණේ ආණ්ඩුව ඛනිජ තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය බිඳ දැමු නිසා යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (11) චෝදනා කළේය.

 
නානායක්කාර මහතා මේ චෝදනා කළේ සිවිල් ගුවන් සේවා  සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.වාසුදේව නානායක්කාර මහතා එහිදි මෙසේද ප්‍රකාශ කළේය.
 
ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබුණු නැව්වලට තෙල් සැපයීමේ ඒකාධිකාරිය මේ ආණ්ඩුව ඇවිත් බිඳ දැමුවා. බිඳ දාලා ඒ කටයුත්ත තම මිතුරු සමාගම් වලට පැවරුවා. එදා ඒ ආදායම සංස්ථාවට ආවා නම් අද තෙල් මිල වැඩි කරන්න අවශ්‍ය නැහැ.
 
ඒ වගේම බහුබූත කතා කියමින් මත්තල ගුවත් තොටුපළේ වී ගබඩා කිරීම නිසා ඒ ආයතනයේ  ප්‍රතිරූපය විනාශ වුණා. ඒ කළේ  අගමැතිතුමායි.



අදහස් (9)

තෙල් මිල වැඩිවීම ගැන වාසුදේව රජයට චෝදනා කරයි

Sapumal Friday, 11 May 2018 01:15 PM

ඉතින් ඔබතුමාලගේ කාලේ තෙල් මිල අඩු කලේ නැහැනේ.

:       345       603

Saththaya Friday, 11 May 2018 01:17 PM

ඒ ආදායම සංස්ථාවට ආවා නම් අද තෙල් මිල වැඩි කරන්න අවශ්‍ය නැහැ. එදා වැඩි මිලට තෙල් විකුනද්දී කතා කලේ නැහැ නේද?

:       230       307

රොෂාන් Friday, 11 May 2018 03:24 PM

2015 ජනවාරි තිබුන පෙට්‍රල් වල වල ගැන අපිට හොඳට මතකයි

:       159       152

sirimal Friday, 11 May 2018 11:04 PM

ඉරාන අර්බුදය හේතුවෙන් ලෝක තෙල් මිල ඉහළ ගියත් ලංකාවේ මිල තවමත් වාසුදේව මහත්තයා පතන පාලනය පැවැති කාලයට වැඩිය අඩුයි කියලා මහජනතාවට පෙන්වලා දෙන්න කාටවත් රුදාවක් නැති එකනේ අවුල. විපක්ෂය කරන්නේ නැවත බලය අල්ලා ගැනීමේ වැඩපිළිවෙලක්. එ්ක ඔවුන්ගේ අයිතිය. ආණ්ඩුව දැනගන්න ඕනෑ ඔවුන් කරන හොඳ වැඩ සම්බන්ධව මහජනතාව දැනුවත් කරන්නටයි. ඒක නොකර බකන් නිලාගෙන ඉඳල කයිවාරු ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. අද ලංකාවේ මාධ්‍යය වැඩි හරියක් ඉන්නේ මහින්ද රාජපක්ෂගේ පැත්තේ බව කවුරු කවුරුත් තේරුම් ගත්තොත් ඇඟට හොඳයි.

:       0       0

maalaka Saturday, 12 May 2018 01:27 AM

ලංකාවේ මිනිස්සු ජීවත් වන්නේ කොහෙද ? මේගොල්ල පින් තෙල් වලින්ම කොහොමත් දුවන කට්ටියනේ. ලෝක වෙළද පොලේ තෙල් මිල ඉහල නැගල, හැම රටේම තෙල් මිල ඉහල ගිහින්. ඒක තේරුම් ගන්නේ නැතිව බොරුවට කෑගහනවා, ආණ්ඩු වලට බනිනවා, හරියට පෙට්රෝල් ඩීසල් ලංකාවේ පොළවෙන් හාරනවා වගේ . මෝඩ කමටත් සීමාවක් නෑ

:       0       0

LALINDA Saturday, 12 May 2018 02:33 AM

මම හිතන්නේ මේ පුද්ගලයා ඩිමෙන්ෂියා තත්වයකින් පෙළෙන බවයි පෙනෙන්නේ....

:       1       25

Sunil Saturday, 12 May 2018 06:06 AM

වැරදියි!!. ඩිමෙන්ශියා රෝගය නිසා ටිකෙන් ටික අමතක වෙන්න බොහෝ කලක් යනවා. මෙයාලට වැළඳිලා තියෙන්නේ ඊට වඩා දරුණු අමතක වෙන රෝගයක්. දැන් මෙයාලට අමතකයි රුපියල් 155 ටත් පැට්‍රල් ලීටරේ මෙයාලා වැඩි කළා කියලා. සමහරවිට පෙනෙන විදියේ අමාරුවකුත් ඇති. සමහර විට 137, 731 වෙලා පේනවාදත් කියන්න බැහැ. වයසත් බලපාන්න පුළුවන් ඒ රෝගෙට...

:       0       0

VikramabaahuSaturday, 12 May 2018 06:23 AM

නිමලා අක්කාගෙන්වත් අහලා බලමු ඇත්තද කියලා..............

:       0       0

Sanath Saturday, 12 May 2018 07:57 AM

කාර්ගිල්ස් ෆුඩ්සිටි වල හොඳ වට්ටක්කා නොමිලේ දෙන නිසා පාර්ලිමේන්තුවේ වේලිච්ච වට්ටක්කා වලට ඩිමාන්ඩ් එක අඩුයි.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site