IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තායි දරුවන් 12 දෙනාට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් ආරාධනාවක්


 
 
 
උතුරු තායිලන්තයේ චින්ග් රායි පළාතේ ගල් ගුහා සංකීර්ණයක් තුළ සිරවූ ‘වයිල්ඩ් බෝ’ පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජානි ඉන්ෆන්තීනෝගෙන් ආරාධනාවක් ලැබී තිබේ.
 
ජූනි 23 වැනි දා ගල් ගුහාව තුළ සිරවූ මෙම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සොයා ගනු ලැබුවේ පසුගිය සතියේදීය. ඔවුන් සියලු දෙනා මුදා ගැනීමට මසකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි මුලින් පැවසුව ද දැවැන්ත මුදා ගැනීමේ මෙහෙයුමකින් පසුව මේ වනවිට දරුවන් 8 දෙනකු ගල් ගුහාවෙන් පිටතට රැගෙන ඒමට බලධාරීන්, කිමිදුම්කරුවන් ඇතුළු දැවැන්ත කණ්ඩායමක් සමත් වී තිබේ. 
 
බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් මෙම දරුවන් දොළොස් දෙනා සහ පුහුණුකරු සොයා ගන්නා විට, ඔවුන් දහතුන්දෙනා දින 13කට ආසන්න කාලයක් ගල් ගුහාව තුළ සිරවී සිට ඇතැයි පැවසේ. 
 
මෙම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුව ජූලි 15 වැනි දා පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට ‘අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ආරාධිතයන්’ ලෙස සහභාගී කරවාගැනීමට තමන් සූදානම් බව ජානි ඉන්ෆන්තීනෝ සඳහන් කරයි. 
 
ජූලි 15 වැනිදා ට පෙර දරුවන් සියලු දෙනා මුදා ගැනීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද හෙතෙම කීය.  ජාත්‍යන්තර පාපන්දු පිටියේ ඉහළම පෙළේ ක්‍රීඩකයන් රැසක් ද මේ වනවිටත් මෙම ධෛර්යවන්ත දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුට සහයෝගය පළ කර තිබේ. 
 
ඉන්ෆන්තීනෝ විසින් මේ වනවිටත් අදාළ ආරාධනාව සහිත ලිපියක් තායිලන්ත පාපන්දු සම්මේලනය ප්‍රධානීයාට එවනු ලැබ තිබේ.
 
“අපි සියලු දෙනාම බලාපොරොත්තු වන පරිදි  ඔවුන් ඉක්මණින් ඔවුන්ගේ පවුල් සමඟ එක්වේවි. ඔවුන්ට ගුවන් ගමනක යෙදෙන්න තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් තිබෙනවා අපේ ආරාධිතයන් ලෙස ඔවුන් අවසාන මහ තරගය නැරඹීම සඳහා ගෙන්වා ගන්න අප සූදානම්” යනුවෙන් ඉන්ෆන්තීනෝ සඳහන් කර ඇත. 
 
ඬේලිමේල්  



අදහස් (0)

තායි දරුවන් 12 දෙනාට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් ආරාධනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site