IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


තිදෙනෙක් වැට පැනීමෙන් බළන්ගොඩ නගර සභාව හෙල්ලෙයි

(අජිත්ලාල් ශාන්තඋදය )
 
එක්සත් ජාතික පක්‍ෂය සහ ශ‍්‍රී  ලංකා නිදහස් පක්‍ෂය එක්ව බලය පිහිටුවා ඇති බලන්ගොඩ නගර සභාවේ තමන් ඇතුළු  ශ‍්‍රී  ලංකා නිදහස් පක්‍ෂයේ සභිකයන් තිදෙනා අද  (08) සිට පාලක එක්සත් ජාතික පක්‍ෂයට සහාය නොදෙන බව උප සභාපති එම්.ටී.එම්.රූමි මහතා මාසික රැස්වීමේ දී පැවසුවේය.
 

සභාපති සමිත ජයමිණි (එජාප) මහතාගේ ප‍්‍රධානත්වයෙන් බළන්ගොඩ නගර සභා ශ‍්‍රවණාගාරයේ පැවති මාසික රැස්වීමේදී ඔහු මේ බව පැවසුවේය.
 
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලංකා නිදහස් පාක්‍ෂිකයින් ශ‍්‍ රීලංකා පොදු පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමට තීරණය කර ඇති නිසා හිටපු නගර සභාපති නිමල් ගාමිනි වීරසිංහ සහ එම්.ජී. ශාන්ති ලේඛා යන ශ‍්‍රීලනිප සභිකයන් දෙදෙනා ද සමග තමන් ද මින් ඉදිරියට බළන්ගොඩ නගර සභාවේදී එක්සත් ජාතික පක්‍ෂයට සහාය නොදෙන බව පැවසුවේය.
 
ඒ අනුව මින් ඉදිරියට දිගටම තමන් තුන්දෙනාගේ සහයෝගය ශ‍්‍රී ලංකා පොදුපෙරමුණට ලබාදෙන බවත් එක්සත් ජාතික පක්‍ෂය සමග මෙතෙක් කල් කටයුතු කළත් එතැන තමන්ට ගැලපෙන තැනක් නොවන බවද සදහන් කළේය.
 
බළන්ගොඩ නගර සභාවේ මුළු සභික සංඛ්‍යාව 17කි. ඉන් 7ක් ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණේය. 6ක් එක්සත් ජාතික පක්‍ෂයේය. 3ක් ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයේය. ජනතා විමුක්ති පෙරමුණට ද එක් සභික ධූරයක් හිමිවිය.
 
එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් හයදෙනා සහ ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයේ සභිකයන් තිදෙනා එක්ව නගර සභාවේ බලය පිහිටුවනු ලැබීය. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයේ සමිත ජයමිණී මහතාට සභාපති තනතුරත්,  ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයේ එම්.ටී.එම්.රූම් මහතාට උපසභාපති තනතුරත් බෙදාගෙන සභාව පාලනය කළේය.
 
ශ‍්‍රී ලනිප එජාප එකතුව හේතුවෙන් සභික ධූර 7ක් හිමිකගරත් ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුවට)  බළන්ගොඩ නගර සභාවේ බලය අහිමිව ගියේය.  ශ‍්‍රීලනිපය ඉවත්වීමත් සමග  එජාපයට හිමි සභික සංඛ්‍යාව හයක් දක්වා අඩුවිය. ශ‍්‍රීලනිපය පොඑපො සමග එක්වීමෙන් සභික සංඛාව 10ක් බවට පත්ව එජාපය සුළුතරය බවට පත්විය.
 
ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත්වන බව උප සභාපතිවරයා පැවසුවත්, උප සභාපතිධූරයෙන් ඉවත්වන බව සදහන් නොකළේය. අසුන්වල පිහිටීම අනුව විපක්‍ෂය පැත්තට යාමට හැකියාවක් නොතිබූ නිසා උප සභාපතිවරයා ඇතුළු සභිකයන් තිදෙනා සිටි ආසානවලට වාඩිවී සභාවේ කටයුතු කරගෙන ගියේය.



අදහස් (8)

තිදෙනෙක් වැට පැනීමෙන් බළන්ගොඩ නගර සභාව හෙල්ලෙයි

iron Tuesday, 08 October 2019 10:59 AM

මහින්දලාගේ වැඩ...

:       0       0

ලුම්බිණි Tuesday, 08 October 2019 11:04 AM

මේවට තමයි ජාතික විහිලු කියන්නේ...

:       0       0

jagath Tuesday, 08 October 2019 11:09 AM

රාජපක්ෂලා වැඩ පටන් අරන් වගේ.

:       20       90

sisiraTuesday, 08 October 2019 11:36 AM

ඇයි එක්සත් ජාතික පක්ෂය තනි උනාට දුකද ද දැන්මම හිත හදාගන්න ඉදිරියේදී තව දුක් වෙන්න වෙයි

:       0       0

YapaTuesday, 08 October 2019 12:21 PM

එහෙම අණ දෙනවා අහගෙන හිටියද ඔයා..?ගොන් කතා නොකියා පොඩ්ඩක් ප්‍රවෘත්තිය කියවල බලන්න නුවණින්..ආ මට අමතක උනානේ ඔයාලට කොහෙද එහෙම නුවණක් ..?හැමදේටම රාජපක්ෂලා ගාවගන්න බලන් ඉන්න ඔයාලට කක්කුසි නොගියත් එයාලව මතක් වෙනවානෙ නේද ..?

:       0       0

රජින්ද Tuesday, 08 October 2019 11:18 AM

මහ උන්දැලා වගේ මේ පොඩි සභාවල උන්දැලාත් පොඩ්ඩක් හරි බලය ලැබිච්ච ගමන්ම හිතන්නේ ඒක රැකගන්න... ඒක ගැන මිසක් සභාවේ මිනිස්සුන් වෙනුවෙන් කරන්න ඕන යුතුකම් කොටස ගැන නොවේ. අපේ වගේ පුංචි රටවලට මේ මැතිවරණ ක්‍රමයත් ඒවායින් බලගැන්වෙන මෙවැනි කුඩා ඒකකත් සංකීර්ණ වැඩියි. මීට වඩා සරල ඵලදායි පාලන ක්‍රමයක් උඩ සිට පහළටම ඇතිවිය යුතුයි...

:       0       0

Chanak los angeles Tuesday, 08 October 2019 02:34 PM

ලොව විකුනන්න බැරි එකම සත්වයා මිනිසා වුනත් මේ දේශපාලක සත්වයා විකිනෙනවා ඒ ගැන දේශපාලකයා ලජ්ජා විය යුතුය .

:       0       0

isuru Tuesday, 08 October 2019 03:44 PM

රාජපක්ෂලා වෙන්දේසි වට්ටියය සල්ලි දාන්න පටන් අරන් වගෙයි ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1956 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site