(අජන්ත කුමාර අගලකඩ)
මධ්‍යම පළාත් සභාවේ යෞවන කටයුතු, ග්‍රාමීය සංවර්ධන හා වනිතා කටයුතු ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (25) එම ධුරයෙන් ඉල්ලා අස්වීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපතිවරයකු වන හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් ප්‍රමිත බණ්ඩාර මහතා පළාත් සභාවේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය වෙත මීට සුළු මොහොතකට පෙර බාර දුන්නේය. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් වේ.
COMMENTS
අයියෝ ජනතාවට හරිම පාඩුවක් තමා වෙන්නේ
මෝඩයෙක්
ගහේ කටු උල් කරන්න ඕනෙද?
දැන් ඒකාබද්ද විපක්ෂයට ගිහින් පාරවල් වල රස්තියාදු ගහන්න පුළුවන්.
තවත් ඉන්නවා මේවගේම එලියට දමන්න ඕන පුද්ගලයෝ ..
එහෙනම් අපිට පාඩු වෙයි.
අස්කළ යුතු හා ඉල්ලා අස්වියයුතු තව බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිති ..අර අර්ජුන් හා අර්ජුනව එම තනතුරට පත්කළ මිනිහවත් විශේසයෙන් අස්කළ යුතුය ..,
බලාගෙන ගියාම ....ඔක්කොම මන්ත්‍රී ලා තාත්තල පුතලානේ ......