නිමන්ති රණසිංහ
රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනය වූ දින ඔහුගේ ජංගම දුරකතනයට පැමිණී මග හැරුණූ ඇමතුමක් සම්බන්ධයෙන් දුරකතන විස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (16) ඩයලොග් ආසියාටා පුද්ගලික ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී වෙත නියෝග කළාය.
2012 මැයි මස 17 වැනිදා රාතී‍්‍ර 12.32ට මරණකරුගේ ජංගම දුරකතනය පැමිණී අංක 0773554441 දරන අංකය මගින් ලද මග හැරුණු දුරකතන ඇමතුම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මින් පෙර අදාළ සමාගමෙන් ලද වාර්තාවල ඇතුලත්ව නොමැති බැවින් එම මග හැරුණු ඇමතුම සම්බන්ධ කාර්මික උපකරණ හා කුලූණු පිළිබඳ සටහන් සහිත වාර්තාවක් ලබා දෙන ලෙසට අදාළ සමාගමට නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
පැමිණීල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ උ. පො. ප. රත්නපි‍්‍රය මහතා ඇතුලූ නිලධාරීන් අධිකරණය වෙත මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදුකරනු ලැබීය.
ඒ අනුව 1979 ආක 15 දරන අපරාද නඩු විධාන සංග‍්‍රහ පනතේ 134 වගන්තිය ප‍්‍රකාරව ඩයලොග් ආසියාටා පුද්ගලික ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා වෙත මෙම නියෝගය අධිකරණය මගින් නිකුත් කළේය.
COMMENTS
මෙන්න මේ නම ඇහෙද්දී තමයි අපි වගේ දේශප්‍රේමීන්ගේ දත කට තදවෙලා සියුම් හිරිවැටීමකට ලක් වෙන්නේ...
මේ නඩුව අද හෙටම ඉවර කළොත් තමයි හොඳ. පහු වුණොත් තමයි නේද?
ආයේ පටන්ගත්තා... මෙගා නාට්‍යයේ දෙවෙනි දිගහැරුම ...
තාජුදීන්ට කවදාවත් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. මේක දේශපාලන ගමේ එකක්...
ඔය නම්බර් එක එෆ්.බී. එකේ තියෙනවා, නම එයත් රගර් ක්‍රීඩකයෙක්, තාජුඩීන් සම්බන්ධයෙන් එයාගේ ටයිම්ලයින් තියෙනවා. පේන විදියට එයාගේ යාලුවෙක් වගේ. මම හිතන්නේ ෆොන් නම්බර් එක කාගේද කියන එක නෙවේ ප්‍රශ්නය, රිපෝට් එකේ ඒක සඳහන් නොවීමයි. මම හිතන්නේ අධිකරණ නියෝගයට හේතුව.. ෆෝන් එකේ මිස් කෝල් බලලා, එහෙම නැතිනම් මිස් කෝල් එක දුන්න කෙනා කිව්ව නිසා වෙන්න පුළුවන්. එයාගේ ෆොන් එක පොලිසියට ලැබුණාද?
"දිට්ට ධම්ම වේධනීය කර්මය" අනිවාර්යෙන් පල දෙනවා. යුද්දේ දිනුවට පස්සේ ඒවායේ ප්‍රතිඵල උපයෝගී කරගෙන දේශපාලන කල්ලි විසින් තමන්ගේ සුඛ විහරණය සඳහා අහිංසක මිනිසුන් ඝාතනය කළා. ඝාතනය වූ පවුල්වල අයගේ හිත්වල ඇති ගින්දර නැමැති සාපය ඝාතකයන් පිටුපස සදාකල් ලුහු බඳීවී.
පළවෙනි කමෙන්ට් එකට තියෙන විරුද්ධ ප්‍රතිචාර ගැන බලනකොට පෙනෙන්නේ මේ නඩුව තවදුරටත් අහන්න එපා කියන එක නේද? තවමත් කඩේ යන පිරිසක් මේක කැමති අකමැති තොග ගණනෙන් දමනවා.
තාජුදීන්ට, ලසන්තට කවදාවත් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. අධිකරණයේ ස්වාධීනත්වයට කණකොකා හඩයි! නීතියට තිත.
මේවා කරේතියාගන්නේ නැතිව රටට ජාතියට වැඩක් කරන්න ඕනෑ කියලා මතක් වෙන්නේම නැද්ද? මේ වගේ ඒවා තව දහයක් වුණත් වැඩක් වෙන්නේ නැහැ. රටේ සිදු වුණු අනෙක් මිනීමැරුම් ගැණත් කෝ මේවගේ උනන්දුවක් තියෙනවද? රට දියුණු කරන්න, ජාතිය ගොඩනගන්න අපිට අවශ්‍යයි. එපමණයි.
මේ නම්බර් එක රෝනාලි කුලතුංග කියල කෙනෙක්ගේ කියලා ඉන්ටර්නෙට් එකේ තියෙනවනේ.. මේ තරම් මොකක්ද හොයන්නේ?