(සුජිත් හේවාජුලිගේ)
ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා ඇත.
මේ විමර්ශනය පවත්වන්නේ මාලගමුව මහතා සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අනුවය.
ඉඩම් ප්‍රශ්නයක් මත හිටපු ප්‍රාදේශීය දේශපාලඥයකු දැනට බන්ධනාගාර ගතව සිටින සිරකරුවකුට මාලගමුව මහතා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව දී ඇති බවත් මෑතකදී අත්අඩංගුවට ගැණුනු පාතාල සාමාජිකයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ කරුණු හෙළිවී තිබෙන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව පොලිසිය මෙම ඝාතන සැලසුම ගැන මාලගමුව මහතාට දැනුම් දී ඇත.මාලගමුව මහතා සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන් පසුවය.
මේ පිළිබඳව අප කළ විමසුමකදී අදහස් දැක්වු ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩක ඩිලන්ත මාලගමුව මහතා පැවැසුවේ මේ සිද්ධිය පොලිසිය දැනුම් දුන් පසුව තමා ඒ පිළිබඳව පොලිසි මූලස්ථානයට පැමිණිල්ලක් කළ බවයි.
මේ තත්ත්වය මත තමාගේ ජීවිතය අනාරක්ෂිත හෙයින් රජය මේ ගැන අවධානය යොමු කළ යුතුබව ඔහු වැඩිදුරටත් කීය.
COMMENTS
මිනීමරුවො දේශපාලඥයෝ උනහම කොහොමත් එකයි. ලංකාවේ පොට්ටයො වැඳ වැඳ කඹුරනවා.
මෙම ජාතික සම්පත රැකගැනීම කාගේත් වගකීමයි
දිලන්තට ආරක්ෂාව දීම පොලිසියේ වගකීමක්
ඔය දේශපාලකයා කව්ද කියල රටට කියන්න.
මේ රටේ දහජරා දේශපාලන ක්‍රමය විසින් නිර්මාණයකොට අරාක්ෂාකර සිටින පාතාලය, මත් ජාවාරම්කරුවන් විසින් මේ රටට සිදුකර ඇති හානිය කිසි ලෙසකින්වත් තක්සේරු කල නොහැක. මේ රට දැන් දුවන්නේ බලහත්කාරය හා ආත්මාර්ථකාමී මෙහෙයුමක් යටතේය. ඉහළ සිට පහළටම මෙය පැතිරී ඇත. දිලන්ත අද මුහුණ දී තිබෙන්නේද එවැනි ගැටලුවකටය.
රට ප්‍රපාතයට ගෙනියන උන්ට සියලු පහසුකම් දෙද්දි, රජයෙන් කියා කිසිම සහයක් නැතුව රටට ජයග්‍රහණ ගේන මේ මනුස්සයට මෙහෙම කරන්න.... මේක පුදුම රටක්නේ ........
ඩිලන්ත යනු ජාතික සම්පතකි! මොහුව රැක ගමු !!!
ඩිලන්ත, ඔයා මිලාන් වලට එන්න. මේ රටේ ඉඳන් රේස් පදින්න. ලංකාවේ මිනිස්සුන්ට ඔයා ගැන වැඩි අගයක් නැහැ.